
(ඩී.කේ. රත්න)
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ ද බහුතරයක් නොමතිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය දිනාගත්තේය.
බදුල්ල පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සභාවතිවරයා තෝරාපත් කර ගැනිම අද බණ්ඩාරවෙළ මහ නගර සභාවේ පැවැත්විණි.
එහිදී ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ සහයෝගය ලබා ගනිමින් ජාතික ජන බලවේගය පාලන බලය ලබා ගත්තේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කිරීම සදහා ඡන්දයක් පවත්වනු ලැබූ අතර එහදී වැඩි ඡන්ද හතකින් නගරාධිපතිවරයා ලෙස ආර්.එම්. සාගරදීර විශ්ව වික්‍රම මහතා පත්විය.
මන්ත්‍රී ආසන 16 යුත් බණ්ඩාරවෙල මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් හය දෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 01 න් මන්ත්‍රීවරුන් පස් දෙනකුද , සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකුද , ස්වාධීන කණ්ඩායම අංක 02 න් එක් මන්ත්‍රීවරයකුද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකුද වශයෙන් මන්ත්‍රීවරු දහසය දෙනෙක් පත් වූහ.
නමුත් සමගි ජන බලවේගයෙන් මේ වනතුරු මන්ත්‍රීවරු තිදෙනා නම්කර නොමැතිවීම මත අද (11) දින මන්ත්‍රීවරු 13 දෙනකුගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයා පත් කිරීම සදහා පැවති ඡන්දයට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන් ජයග්‍රාහී ජනතා නියෝජිතයින්ට ඉතසිතින් සුබපතමි... ප්‍රජාතාන්ත්‍රිකව පළාත්පාලන ඡන්දයක් පවත්වා තවත් මන්දිර ඇතුළත් ඡන්දය පවතී නම් එම ඡන්ද ක්‍රමය මහජන මතය හාස්‍යයට ලක් කරයි. මේ බහුබූත ඡන්ද ක්‍රමයෙන් පැරදුණු කෙනා බෝනස් අරන් දිනුම්, ඡන්ද අරන් දිනපු මනුස්සයා අවසානයේ ප්‍රතිඵලයෙන් පැරැදි යකාගේ ඡන්ද ක්‍රමයක්...
මුජිබර්ගේ ලණු කාලා සජිත් හිතාගෙන හිටියාට කොළඹ නගර සභාවේ බලය අල්ලන්න... ඒක දවල් හීනයක් විතරයි.
අරවින්ද මොනරවිල වගේ හිච්චි අබේගේ පරම්පරා කුට්ටම කස කස ඉන්න ගොට්ටෝ ඔය විදිහටම සැපසේ නිදාගෙන හීන දකින්නකෝ !
ජයශාන්ත, ඔන්න යථාර්ථය, කොළඹත් මෙහෙම්ම තමයි. හිතේ දුකට කවි කියන්න...!
මේ ටිකේ හොර ජනාධිපති සමාව දීලා එළියට පහළියට යන්න බැරිව හිටපු සෙනෙවිරත්න වගේ කලවැද්දෝ ටික දැන් එළියට බැහැලා...!