සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ මුල්ම අධ්‍යක්ෂ ලෙස දොස්තර කමල් ජයසිංහ පත්කරනු ලැබ සිටී.
ඔහු මීට පෙර රසායනාගාර භාර අධ්‍යක්ෂක වරයා විය. බෙහෙත් හිඟය අවම කිරීමේ ක්‍රියා පටිපාටියක් හා බෙහෙත් මිලට ගැනීමේ ටෙන්ඩර් පටිපාටියේ දොස් නිදොස් කිරීම ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්යය දෙකයි.
සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න ගේ උපදෙස් පරිදි මෙම පත්වීම සිදු කර ඇත. නව අධ්‍යක්ෂ වරයා අද වැඩ භාර ගත්තේය.
රජය වසරකට බෙහෙත් හා උපකරණ ගෙන්වීම සම සඳහා රුපියල් කෝටි 1200ක් වෙන් කරයි. හදිසි අවස්ථා වලදී බෙහෙත් ගෙන්වීම සඳහා රුපියල් කෝටි 400ක් අමතරව වෙන් කර ඇත. ශ්‍රී ලංකාවට බෙහෙත් වර්ග 1500ක් පමණ අවශ්‍ය බවත් දේශීය වශයෙන් නිපද වනුයේ බෙහෙත් වර්ග 50 ක් පමණක් බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිසුන්ගේ ලෙඩ දුකට ගන්න අවශ්‍ය බෙහෙත් සියල්ල වෙලාවට තබා ගැනීමට කටයුතු යොදන්න (ම)
අවංකව වෛද්‍ය සැපයුම් අංශය පාලනය කර, නාස්තිය අවම කරනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකියි. (නි)
හරිම නිහතමානි දක්ෂ වෛද්‍යවරයෙක් (හේ)
රුවන්, තිලක්, ඔබ හඳුන්වන නිහතමානීකමත් දක්ෂකමත් වගේම අවංකකමත් කෙනකු සතු විය යුතුය. එතුමා තුළ එය පවතීවි යන්න අපි විශ්වාස කරමු. (නි)
අපි පොඩි කාලේ ඉඳන් ප්‍රතිකාර ගත් අපේ පවුලේ වෛද්‍යවරයා ...මෙතුමා දකිද්දීම ලෙඩෙන් බාගයක් සුවයි ...එතරම් දක්ෂ වෛද්‍යවරයෙක්...(හේ)