පරිපුරක වෛද්‍ය සේවක වර්ජනය නිසා බෙහෙත් හිඟයක් ඇති වුවහොත් ඉබි යතුරු කඩා බෙහෙත් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත අවසරයක් ලබා දී ඇතැයි කාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. දැනටත් ඇතැම් ඖෂධ හිගයක් පවතින බැවින් සඳුදා ඒ ගැන තීරණයක් ගන්නා බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් රජයේ ඔෟෂධ වේදීන්ගේ අජිත් තිලකරත්න මහතා පවසන්නේ ඇතැම් ඔෟෂධ නිකුත් කිරිමෙන් ඖෂධවේදීන් වැළකී සිටිය ද හදිසි හා අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි. එසේ තිබිය දී කරාපිටිය රෝහලේ අමුතු ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද හෙතෙම පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් රෝහලක ඖෂධ ගබඩා කඩා බෙහෙත් ගන්නේ නම් එම රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා වලින් ද ඉවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගර්ජන වර්ජන ඇතුවත් බැහැ නැතුවත් බැහැ. (අ)
දොස්තරලට ලැබෙන පඩිය මාසයක් ජීවත්වීමට මදිවෙලද අසරණයන්ට මේ දුක. (අ)
මේ වර්ජකයෝ හිතාගෙන ඇති ඒ ගොල්ලන්ට කවරදාකවත් අසනීපයක් හැදෙන්නේ නැහැ කියලා (නි)
ආසා, කරුණු හරිහැටි දැනගෙන ප්‍රතිචාර දක්වන්න.ආසාත්, මමත් ඔවුනුත්, අපි වැඩිදෙනෙක් ඉගනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් තමයි.අපි හැමෝටම වෛද්‍ය විද්‍යාව හදාරන්න අවස්ථාව ඔවුන්ට වගේම තිබුණා.අපට බැරි වුණේ අපේ නොහැකියාව නිසායි. ඔවුන් අපට වරදක් කර නැත. (නි)
ඉතින් යතුරු ගෙදර ගෙනියන්නේ නෑනේ. දොරවල් ඉබියතුරු දාල යතුරු රෝහලේ තියලනේ යන්නේ. මොන අායතනයේද යතුරු ගෙදර අරන් යන්නේ ආරක්ෂක අංශයට බාර දීල යනවා මිසක්. බොරු සංදර්ශනයක් පෙන්නන්න වගේ කට්ටිය ලෑස්ති වෙන්නේ. (නදී)
අනේ දෙයියනේ, මේ හැම දෙයක්ම දුප්පත් රට වැසියාටමනේ. ඔය පරිපාලකයෝයි දේශපාලකයෝයි පෞද්ගලික රෝහල් වලට යයි. දුප්පතා විඳවයි. (නදී)
මේවා තමන්ගේ ගෙදර බුදලේ කියල හිතලාද දන්නේ නැහැ ඉබි යතුරු දාලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා වල නියැලෙන සැමගේම සේවය ඉදිරියේදී කොන්ත්‍රාත් ක්‍රමය ට සිදු වන සේ පත්වීම දුන්න නම් මෙහෙම ප්‍රශ්න නැහැ. හැමෝම එතකොට තමන්ගේ රාජකාරිය සහ රැකියාව යන දෙකම ගැන මීට වඩා හිතාවි. (නදී)
බෙහෙත් ගබඩා කඩන එක නෙවෙයි කරන්න ඕන අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගත්ත ඒ මිනිස්සුන්ගෙම සල්ලිවලින් සුර සැප විදිමින් මිනිස්සුන්ට මෙහෙම කරන දොස්තරලගේ ගෙවල් වලට ගිහිල්ල ඒ අයට ගහන්න ඕන ගිහිල්ල වැඩ කරපල්ලා කියල මේක හැමෝම එකතුවෙලා පටන් ගත්තා නම් නිකන්ම වැඩට යනවා (අ)
ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය (නදී)
ආසා මසුරන් කියමන චැනලින්වලින් කොච්චර උපයනවද කිසිම කරුනාවක් නැහැ (දී)