IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘බෙහෙත් නැතිවුණොත් ගබඩා කඩනවා“

පරිපුරක වෛද්‍ය සේවක වර්ජනය නිසා  බෙහෙත් හිඟයක් ඇති වුවහොත් ඉබි යතුරු කඩා බෙහෙත් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත අවසරයක් ලබා දී ඇතැයි කාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. දැනටත් ඇතැම් ඖෂධ හිගයක් පවතින බැවින් සඳුදා ඒ ගැන තීරණයක් ගන්නා බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් රජයේ ඔෟෂධ වේදීන්ගේ අජිත් තිලකරත්න මහතා පවසන්නේ ඇතැම් ඔෟෂධ නිකුත් කිරිමෙන් ඖෂධවේදීන් වැළකී සිටිය ද හදිසි හා අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි. එසේ තිබිය දී කරාපිටිය රෝහලේ අමුතු ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද හෙතෙම පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් රෝහලක ඖෂධ ගබඩා කඩා බෙහෙත් ගන්නේ නම් එම රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා වලින් ද ඉවත්වන බවයි.



අදහස් (0)

‘‘බෙහෙත් නැතිවුණොත් ගබඩා කඩනවා“

ඉසුරන්දි Saturday, 30 August 2014 11:43 AM

ගර්ජන වර්ජන ඇතුවත් බැහැ නැතුවත් බැහැ. (අ)

:       0       0

වජිර Saturday, 30 August 2014 01:47 PM

දොස්තරලට ලැබෙන පඩිය මාසයක් ජීවත්වීමට මදිවෙලද අසරණයන්ට මේ දුක. (අ)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 06:25 PM

මේ වර්ජකයෝ හිතාගෙන ඇති ඒ ගොල්ලන්ට කවරදාකවත් අසනීපයක් හැදෙන්නේ නැහැ කියලා (නි)

:       0       0

ඉන්දික Tuesday, 02 September 2014 01:55 AM

ආසා, කරුණු හරිහැටි දැනගෙන ප්‍රතිචාර දක්වන්න.ආසාත්, මමත් ඔවුනුත්, අපි වැඩිදෙනෙක් ඉගනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් තමයි.අපි හැමෝටම වෛද්‍ය විද්‍යාව හදාරන්න අවස්ථාව ඔවුන්ට වගේම තිබුණා.අපට බැරි වුණේ අපේ නොහැකියාව නිසායි. ඔවුන් අපට වරදක් කර නැත. (නි)

:       0       0

සාලිය Friday, 29 August 2014 08:52 AM

ඉතින් යතුරු ගෙදර ගෙනියන්නේ නෑනේ. දොරවල් ඉබියතුරු දාල යතුරු රෝහලේ තියලනේ යන්නේ. මොන අායතනයේද යතුරු ගෙදර අරන් යන්නේ ආරක්ෂක අංශයට බාර දීල යනවා මිසක්. බොරු සංදර්ශනයක් පෙන්නන්න වගේ කට්ටිය ලෑස්ති වෙන්නේ. (නදී)

:       0       0

නැනී Friday, 29 August 2014 09:01 AM

අනේ දෙයියනේ, මේ හැම දෙයක්ම දුප්පත් රට වැසියාටමනේ. ඔය පරිපාලකයෝයි දේශපාලකයෝයි පෞද්ගලික රෝහල් වලට යයි. දුප්පතා විඳවයි. (නදී)

:       0       0

රුවන් Friday, 29 August 2014 09:09 AM

මේවා තමන්ගේ ගෙදර බුදලේ කියල හිතලාද දන්නේ නැහැ ඉබි යතුරු දාලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා වල නියැලෙන සැමගේම සේවය ඉදිරියේදී කොන්ත්‍රාත් ක්‍රමය ට සිදු වන සේ පත්වීම දුන්න නම් මෙහෙම ප්‍රශ්න නැහැ. හැමෝම එතකොට තමන්ගේ රාජකාරිය සහ රැකියාව යන දෙකම ගැන මීට වඩා හිතාවි. (නදී)

:       0       0

ආසා Saturday, 30 August 2014 07:55 AM

බෙහෙත් ගබඩා කඩන එක නෙවෙයි කරන්න ඕන අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගත්ත ඒ මිනිස්සුන්ගෙම සල්ලිවලින් සුර සැප විදිමින් මිනිස්සුන්ට මෙහෙම කරන දොස්තරලගේ ගෙවල් වලට ගිහිල්ල ඒ අයට ගහන්න ඕන ගිහිල්ල වැඩ කරපල්ලා කියල මේක හැමෝම එකතුවෙලා පටන් ගත්තා නම් නිකන්ම වැඩට යනවා (අ)

:       0       0

පණ්ඩු Friday, 29 August 2014 09:43 AM

ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය (නදී)

:       0       0

මාලි Saturday, 30 August 2014 09:54 AM

ආසා මසුරන් කියමන චැනලින්වලින් කොච්චර උපයනවද කිසිම කරුනාවක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site