රත්මලාන අත්තිඩිය පාරේ බෙහෙත් ගබඩාවේ ඇතිවූ ගින්න අස්වාභාවික එකක් බවට සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධරයෙක් පවසයි.
ගින්න කඩින් කඩ ඇති වී තිබෙන බවත් එක් තැන ඖෂධ පෙට්ටි කිහිපයක් ගිනි ගෙන එම ස්ථානයේ සිට මීටර් 20ක් පමණ ඈතින් නැවතත් ගිනි ගැනීමක් සිදුව ඇති බවත් ඔහු කියයි.
ගිනි නිවන භටයින් හා පොලිසිය ගින්න වඩාත් පැතිර ඇති ස්ථාන සඳහා ජල ප්‍රහාර එල්ල කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගෙන එහි බිත්ති කැඩීම සිදුකර ඒ කරා ළඟා වුවද එම ස්ථානවලට පහසවෙන් යා හැකි මාර්ග ගබඩාව අභ්‍යන්තරයේ ඇති බව ගබඩාවේ නිලධාරීන් ඔවුන්ට පවසා නැතැයි ද අදාළ නිලධරයා සඳහන් කරයි.
මීට පෙර කළ පරීක්ෂාවකදී එම ගබඩාවේ තිබී කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය හමුවූ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිල පාලනය කරපු බෙහෙත් වර්ග වල, අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග වල හිඟයක් එහෙමත් එන්න පුළුවන්. එ්වා වෙනත් නම් වලින් ආනයනය කරන්නත් පුළුවනි. කොහොම වුණත් හොඳ මොළයක් (නි)
හේන් ගිනිතියනවා වගේ තැන් තැන්වලට ගිනි තිය තියා යන වැඩත් දැන් දැන් සිද්ධවෙනවා වගෙයි (නි)
බෙහෙත් මාෆියාවට සම්බන්ධ මොහොමඩ් කෙනෙක් තමයි මේකේ හිමිකරු (බ)
මේ අර පරණ බෙහෙත් වලට අලුත් ලේබල් දමා අසුවුණු තැනද? (නි)
කල්ඉකුත්වූ බෙහෙත් විනාශ කළා පමණක් නොව දැන් ඉතින් ඉන්ෂුවරන්ස් එකෙනුත් සල්ලි ඉල්ලාවි පාඩු මකාන්න. අනේ මෙහෙමත් කපටි මොළ! එ් වුණාට ඉන්ෂුවරන්ස්කාරයෝ ඊටවැඩිය වැඩකාරයෝ. (නි)
කල්ඉකුත් වූ බෙහෙත් තියාගෙන පාඩු ලබනවාට වඩා, නඩු හබ වල පැටලෙනවාට වඩා හොඳයි ගිනි තියලා දැම්මම. ඉන්ෂුවරන්ස් සල්ලිත් ගන්න පුළුවන්නේ. හැබැයි දැන් මේක වෙන අයත් කරන්න ගත්තොත් තමයි ලෙඩේ වෙන්නේ. (නි)
මේකත් අර නෝ ලිමිට් වලට ගිනි තිබ්බ කට්ටියගේ වැඩක්ද දන්නේ නැහැ. ඉස්සර ඔය රෙදි පිලි මන්දිර ගිනි තිබ්බනේ සම හරක් (බ)