(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා ද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා ද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
බස්නාහිර පාසල් විභාගත් කල්යයි
චන්දන Tuesday, 14 March 2023 02:47 PM
එහෙනම් 15 දා ලමයින්ද ගෙදරටම වෙලා හිටියා නම් හරි. ඉස්කෝලෙ ආවට කරන්න දෙයක් නැති නිසා .
dasun Tuesday, 14 March 2023 03:17 PM
ජෝෂප් ස්ටාලින් කියන්නෙ මෙ රටෙ දෙමාපියන්ගෙ පරම සතුරයි. හැම මගුලකටම පාසල් ලමුන් පලිහක් විදියට ගන්න මොහුට එරෙහිව රටෙ සමස්ත දෙමවුම්මපියන් පෙලගැසීම වැඩි ඈතක් නොවෙ. දෙමවුපියනි මොහුගෙ ගේ වට කරමු.
kamal Tuesday, 14 March 2023 03:26 PM
corona කාලේ ළමයින්ගේ බෙල්ලෙ මිරිකපු ගුරුවරු විභාගයක් අතරමැද මෙහෙම කරන්ඩ තරම් කාලකන්නි උනේ කොහොමද.
දිමුත් Tuesday, 14 March 2023 04:19 PM
10 , 11 වසර විතරද? එතකොට අනික් ශ්‍රේණි ?
lakmal Tuesday, 14 March 2023 04:34 PM
ගුරුවරු ඉන්නේ ප්‍රශ්නයක් හොය හොය. ලගදි බිකිනිය අඳින්න ඕනෙයි කියල ඇඬුවා. කොරොන කාලේ ළමයි ගේ බෙල්ල මිරිකුවා..අද ළමයි හැමෝම ඉගෙන ගන්නෙ පෞද්ගලික පන්ති වල පිහිටින්. විභාගයට විතරයි ඉස්කෝලේ යන්නේ. ඉතිං උන්ට කරන්න පුළුවන් එකම දේ විභාගය නවත්වන එක. දැන් ගුරුවරු ජේපී කාලකන්නි වෙලා..