
(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා ද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා ද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් 15 දා ලමයින්ද ගෙදරටම වෙලා හිටියා නම් හරි. ඉස්කෝලෙ ආවට කරන්න දෙයක් නැති නිසා .
ජෝෂප් ස්ටාලින් කියන්නෙ මෙ රටෙ දෙමාපියන්ගෙ පරම සතුරයි. හැම මගුලකටම පාසල් ලමුන් පලිහක් විදියට ගන්න මොහුට එරෙහිව රටෙ සමස්ත දෙමවුම්මපියන් පෙලගැසීම වැඩි ඈතක් නොවෙ. දෙමවුපියනි මොහුගෙ ගේ වට කරමු.
corona කාලේ ළමයින්ගේ බෙල්ලෙ මිරිකපු ගුරුවරු විභාගයක් අතරමැද මෙහෙම කරන්ඩ තරම් කාලකන්නි උනේ කොහොමද.
10 , 11 වසර විතරද? එතකොට අනික් ශ්‍රේණි ?
ගුරුවරු ඉන්නේ ප්‍රශ්නයක් හොය හොය. ලගදි බිකිනිය අඳින්න ඕනෙයි කියල ඇඬුවා. කොරොන කාලේ ළමයි ගේ බෙල්ල මිරිකුවා..අද ළමයි හැමෝම ඉගෙන ගන්නෙ පෞද්ගලික පන්ති වල පිහිටින්. විභාගයට විතරයි ඉස්කෝලේ යන්නේ. ඉතිං උන්ට කරන්න පුළුවන් එකම දේ විභාගය නවත්වන එක. දැන් ගුරුවරු ජේපී කාලකන්නි වෙලා..