IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බස්සයි කොණ්ඩ කුරුල්ලයි ගොවියා එක්ක තරහ වෙති

මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා බෝංචි මල් ආහාරයට ගැනීමට අනුවර්තනය වී සිටිතියි ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා කියයි.

මේ කුරුල්ලන් මෙතෙක් එළවළු වගාවට හිතකර විලෝපිතයන් බවත් ඔහු කියයි.

විලෝපිතයන් පාලනය කරනු වෙනුවෙට මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා විලෝපිත තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පවසයි.

මෙම කුරුළු ගහනය වැඩි වෙතොත් බෝංචි පලදාව පහත වැටෙනු ඇතැයි ද ඔහු කියයි.

 



අදහස් (0)

බස්සයි කොණ්ඩ කුරුල්ලයි ගොවියා එක්ක තරහ වෙති

වන්නි තිලක් Monday, 25 November 2013 11:27 AM

කොණ්ඩ කුරුල්ලා සහ කහ කුරුල්ලා එළවලු වගා වල මල් සහ ඉතා ලපටි කරල් ආහාරයට ගන්නා බව මම නම් අහලා තිබුණා. ඒ බව තේරුම් ගත් ගොවියෝ ඒවා සැළකුවේ ස්වභාව ධර්මයේ සාමාන්‍ය සිදුවීමක් ලෙසයි.වී කුරුල්ලන් මීයන් වැනි බරපතල හානි කරන සතුන් හැර මෙවැනි සතුන් පලවා හරින්න ගොවියන් මහන්සි වුණේ නැහැ. ඒ සතා සිවුපාවාගේ කුසගිනි නිවීම පින් සිදුවෙන දෙයක් හැටියටයි සැළකුවේ. (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Monday, 25 November 2013 12:17 PM

මොන කොණ්ඩ මෝස්‌තරකාරයෝ ආවත් අහිංසක ගොවියාට බඩට පාර තමයි අන්තිමට (නි)

:       0       0

සංචිත Tuesday, 26 November 2013 07:41 AM

මේ සදහා කඩිනම් සහ සාර්ථක පළිබෝධ මර්දන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි (නි)

:       0       0

දුරන්ග් Monday, 25 November 2013 12:40 PM

කෘෂිකර්මයට අදාලව විදේශ රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් බහු ජාතික සමාගම් වල දේවල් පිළිපදින්න ගිහිල්ලා අපි දැන් ලංකාවේ කෘෂිකර්මාන්තය වරද්දාගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ දේවල් ගැන යෝනිසෝමනසිකාරයෙන් විමසා බැලීම යෙහෙකි. ඒ වගේම ඉතින් දැන් අපේ රටේ උගත්, බුද්ධිමත් සහ ප්‍රායෝගික කෘෂි විද්‍යාධරයෝ ඕනෑතරම් ඉන්නවානේ. (නි)

:       0       0

දසනායක Tuesday, 26 November 2013 07:59 AM

කඩිනම් සාර්ථක පලිබෝධනාශක ක්‍රම තමයි අපේ විනාශයට හේතු වෙලා තිබෙන්නේ. මේ කුරුල්ලන් දෙන්නම හරි අහිංසක සත්තු. බෝංචි මලක් දෙකක් කෑවාට වගාවට ලොකු හානියක් නොවෙන බව පැරණි ගොවියෝ දන්නවා. (නි)

:       0       0

නිමල් Monday, 25 November 2013 12:58 PM

සමහර මුකලන් බස්සෝ බෝංචි මල් විතරක් නෙමෙයි, රටම කනවා. තාම තේරෙන්නේ නැහැනේ? (නි)

:       0       0

ජෝන් Monday, 25 November 2013 01:22 PM

ගොවියන් අසරණයි නේද? (නි)

:       0       0

දීප්ත Monday, 25 November 2013 02:06 PM

හැමෝම ගහන්නේ දුප්පත් ගොවියාගේ බඩටමයි. ඒ නිසා ලස්සන කුරුල්ලනේ, ඔබත් ඒ ගොඩට එකතු වෙන්න එපා. (නි)

:       0       0

නිමල් Tuesday, 26 November 2013 10:07 AM

වෙජිටේරියන් වෙලා ඇති...(නදී)

:       0       0

මධු Monday, 25 November 2013 02:37 PM

වස විස එළවලු පළතුරු වලට ගහනකොට, පණුවෙක්වත් කන්න ඉතුරු නොවෙනකොට මෙහම දේවල් වෙනවා. එහෙම කියලා අනේ මේ අහිංසක සත්තු මරලා දාන්න නම් වැඩ කරන්න එපා හොදේ. (නි)

:       0       0

විජේ Monday, 25 November 2013 02:59 PM

අනේ අහිංසක කුරුල්ලෝ මරන්න නම් එපා. කුරුල්ලන්ව එළවන්න වෙන මොකක් හරි විකල්පයක් හොයාගනිමු. (නි)

:       0       0

හේමන්ත Monday, 25 November 2013 03:18 PM

මේ දෙන්නා දැන් හරිම නරකයි, පරම්පරාවේ සිරිත් අමතක කරලා මිනිසාට අකාරුණික වෙලා. (නි)

:       0       0

අංජන Monday, 25 November 2013 03:55 PM

ගොවියන් සමග තරහවෙලා තිබෙන්නේ කුරුල්ලෝ නොවේ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

කුමාරි Monday, 25 November 2013 04:06 PM

මෙය බරපතල හානියක් ලෙස ගොවියන් සිතන එකක් නැහැ කියලා මම සිතනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site