චෝදනා දෙකක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා හිටපු පොලිස්පතිවරයකුද තනාපතිවරයකුද වූ මහින්ද බාලසුරිය බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනපති කොමිසමට අද කැඳවනු ලැබ සිටියහ.
ගිය රජය සමයේ උඩරට සංවර්ධන අධිකාරියේ සිදුවී යැයි කියන වංචාවක් ගැන පැය දෙක හමාරක් පමණ ප්‍රශ්න කළ කොමිසම රාජපක්ෂ මහාතාගෙන් කටඋත්තරයක් ලියා ගත්තේය.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු කිහිපදෙනකුට රුපියල් කෝටි පනහක රජයේ වියදමින් ආරක්ෂාව සැලසී යැයි කියන සිද්ධියක් ගැන බාලසුරියගෙන් කොමිසම ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසාධාරණ විගඩම් තව ටික දවසයි. (බ)
දැන් මේ රජය බලයට පත්වී අවුරුදු 2 ට ආසන්න කාලයක්. කොයි කාලයට මේ පරීක්ෂනවල් ඉවරවේවිද කියල කව්ද දන්නේ? (ර)
අපේ ඉඩම් නඩුවක් දැන් අවුරුදු 30 කටත් වැඩියි. තාම ඉවරයක් නැහැ. ඇයි මේ හැමෝටම මෙච්චර හදිස්සි. (නි)