බැසිල් රෝහණ රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන පළාත් පාලන ඡන්දයේ දී පරාජය කිරීමේ පිඹුරුපත් සාදන බවත්, ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා කීවේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ශ්‍රීලනිපය මහ දවාලේ අලියාට උකස් කිරීමට යන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිපය දෙකඩ කිරිමේ වාසිය ලැබෙන්නේ එජාපයට බව ද පෙරේරා මහතා පැවසීය.