රුපියල් කෝටි 5කට මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මුදා හරිනු ලැබීය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙස නියෝග කළාය.
සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් 12ත් අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනකු සහ ගෘහ නිර්මාණ ශිල්පියකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු දැන් ඇප පිට සිටිති.
උසාවියට ඇතුළු වීමට දේශපාලනඥයන්ට සම්පූර්ණ නිදහස තිබූ නමුත් මාධ්‍යවේදීනට සිය රාජකාරිය කිරීමට පොලිස් අධිකාරී ඉඩ නොදුන්නේය. මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹින්ද මාධ්‍යවේදීහු ගොස් සිටියහ.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ උසාවිය ඇතුළට මාධ්‍යවේදීන්ට යාමට අවසර නොදීම හේතුවෙන් උසාවියේ සිදුවූ දේ නිසියාකාරව වාර්තා කිරීමට ඔවුනට නොහැකි විය.
නඩුව ජූලි 18 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරුන්ට, වංචාකාරයන්ට මාංචු නැහැ. අහිංසකයින් ඈනුමක් ඇරියත් මාස හත අටක් හිරේට. මොකක්ද මේ නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ? (නි)
තවත් යහපාලන සංදර්ශනයක් වගෙයි. බැසිල්ගේ සිනාමුසු මුහුණෙන් පෙනෙන්නේ ඔහුට විරුද්ධව කිසිවක් නොවන බව පැහැදිලි වගයි. සාමාන්‍ය කෙනෙකු මෙම වරදට අසුවුණොත් සිදුවන්නේ වෙනත් ක්‍රමයක් (නි)
පොලිස් අධිකාරීවරයා මොකද උසාවියේ වැඩට ඇඟිලි ගහන්න ගියේ? මේකෙන් වෙන්නේ රජය අපහසුතාවයට පත්වීම පමණයි. (නි)
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවාමයි (නි)
මාරයිනේ, ඇපත් දීල ඉවරයි. මේකට තමයි කියන්නේ... (ර)
මේකට තමයි කියන්නේ.. ක්ෂණික නූඩ්ල්ස්. (ර)
හෆිල්, ධම්ම ... යහපාලනය කියන්නේ මිනිස්සු හිතෙන හිතෙන වෙලාවට හිරෙදාන එක නෙවේ. යමෙක් වැරදි කරලතියනවානම් ඔවුන්ට නීතියෙන් නියමාකාරයෙන් දඩුවම් දෙයි. රටේ ඉදිරි පරම්පරාවට ආදර්ශයක් අපි අද දෙන්න ඕනේ. රට නියම දිශාවකට ගෙනියන්න ඕනේ. (ර)
වරදක් කළත් සිතකින් නොවේ... නරකද පක්ෂ මාරුවක් ගැන හිතුවොත්? (නි)
මට පෙන්නේ කට්ටිය ඊළඟ මැතිවරණෙ එනකල් කල්මරනවා (බ)
අපි ඔය වගේ වැරැදි කළානම් අපිට මේ වෙන කොට හිරේ.(හේ)
බලමු බලමු, අන්තිමටම මොකද වෙන්නේ කියලා. (ර)
මේවා කාලෝචිත නාටක වැට් අමතක කරන්න (බ)
අනේ ඔව් සමන් රට නියම දිශාවට යනවා තමයි. (ර)
දුප්පත් අයට නම් නිසි දඬුවම් පමණටත් වැඩියෙන් ලැබෙනවා. ඒත් මේ වගේ අයට? (නි)
මට පෙන්නේ වැට් එක අමතක කරවන්න. (ර)
මම හිතුවේ අවුරුදු ගාණකට හිරේ යවයි කියලා.(හේ)