
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.
එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද එම නිලධාරියා කීය.
පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්වි පක්ෂ ක්‍රමය තිබුණ කාලේ රට ස්ථාවරව තිබුණා. ඒක නැති කලේ 2015 රනිල්, මෛයිත්‍රී, චන්ද්‍රිකා එක්සත් ජාතික පක්ෂේ නැති කලෙත් රනිල්. මෙයාව බැඳලා දාන්න එකෙක් මේ රටේ නැද්ද?
රනිල් බැසිල් සමග නම් මගේ ඡන්දය රනිල්ට නැත. රට බංකොලොත්කල හොර මුදල් ඇමැතියා සමඟ කුමන කතාද?
බැසිල් කියපුදේ කරන්න ගිහිල්ලා බැසිල්ගේ පොඩි අයියාට කෙලවිලා ගියා නම් රනිල් මැතිතුමා ඔබටත් කපුටා කරන්න හදන්නේ ඒකම තමයි.. අතීතයේ ලබ්බට තියපු අත පුහුලටත් කියලා කියමනක් තිබුණා නේද? ඒක මතක් කරගෙන කපුටා ගැන බලන්න එපා...!
මේ සැරේ ඇපෙත් නැතිව තමයි යන්න වෙන්නේ... ජනතාව දැන් වෙනස් වෙලා ඉවරයි...
දැන් 10%න් බෑ වගේ. රටේ ජනතාවම තමා මේ ක්‍රමය නඩත්තු කරන්නේ. ලංකාවේ අයම තව දුක්විඳින්න මේ දූෂිතයින්ට අවස්ථාව ලබා දේවි. ජයවේවා...!
රට ගොඩගන්න ගේන කොන්දේසි නැද්ද? මිස්ටර් 10%
ගියවර UNP එකට පොහොට්ටුවට ඡන්දෙ දුන්නු ඡන්ද දායකයින්ටයි මේ අමතන්නේ... ඔබලාගේ කරමතින් ගොස් බලයට පැමිණි මොවුන් දැන් ඔබලාව පාවාදෙමින් "එක්වීමට" උත්සාහ දරයි. මෙවැනි දෙපත්නයින්ට හෙවත් පාවාදෙන්නන්ට ඔබගේ වටිනා ඡන්දය මෙවරත් ලබාදී ඔබගේ දරු දැරියන් තවතවත් නයකාරයින් කරන්න ඔබට ඔබගේ සිතදෙනවාද? මෙරට විනාශ කරපු පාදඩ, අසික්කිත හොරුන් තවදුරටත් මේ රටේ බලයට ගෙනෙනවාද? නැත්නම් ඔවුන්ට උරුම හිර ගෙවල් කරා දක්කන්න ඔබගේ සහාය දෙනවාද? හිතන්න චුට්ටක්...!
දෙගොලන්ගෙන්ම මේ ඡන්ද ලක්ෂ 7-9 එන එකක් නෑ. ඒ්කටත් කොන්දේසි... ඉක්මණටම යන අපායක යන්න. හැම ගෙදරකම මිනිස්සු සාප කරනවා ...!
හොරමක් කෙරුවාම බෙදාගන්න විදිහ, ටෙන්ඩර් එකක කොමිස් මුදල බෙදා ගන්නා විදිහ රාජ්‍ය දේපල අවභාවිතයට ගන්න විදිහ ටක්කෙටම කතා කරගෙන වගෙයි...
දැක්කා නේද මොවුන්ගේ ඩීල් එක. මොවුන් දෙගොල්ලෝම පරද්දන්න රටවැසියන් එක්විය යුතුයි...
ඔය සේරම බොරු. 15ට ප්‍රථම ඔප්පු වෙයි. ඔවුන් කෝකත් එකයි. ජනතාවගේ පරපෝෂිතයෝ, රනිල් ට දුන්නත් ඔවුන් ඔවුන් ලබාගන්න ප්‍රතිලාභ කොහොමත් ගන්නවා. අපිට හුළං...
ඔය දෙගොල්ලන්ටම අපෙනුත් කොන්දේසි මාලාවක් තියෙනවා. 1. වහාම මහජන මුදල් වියදම්කර කරන ඡන්ද අල්ලස් බෙදීම නවත්වන්න ඕනෑ... 2. ජනමාධ්‍ය වාර්තා විකෘති කිරීමෙන් වැළකිය යුතුයි. 3. අපේ වටිනා ඡන්දෙ "හිඟාගෙන" අපේ ගෙවල්ගානේ පැමිණීම වහාම නැවැත්විය යුතුවේ. අහුවුනොත් කකුල් කඩනවා. අපේ ඡන්ද ඔබලා දෙගොල්ලන්ටම නැහැ..!!!
මොවුන් දෙන්නා කෝටා ගැනත් ගිවිසුම් ගහලා, ඒත් ඡන්දේ දිනලා නැහැ. මොවුන්ට කවුද ඡන්දෙ දෙන මෝඩයින්. අපේ අතින් අපේ බෙල්ල කපාගත්තු කාලේ ඉවරයි...!
කපුටෝ, ඡන්දේ පැරදිලා ආයේ US පනිනවා බොරු. කෙලින්ම අඟුණකොළ පැලැස්සේ හිරගෙදර - වැසිකිලි පාටියට...
මේ අය මොන තරම් අධමයින්ද?
ලෝකයේ දියුණු රටවල පක්ෂ මෙවැනි සන්ධාන හදනකොට මුලින්ම සාකච්චා කරන්නේ රට දියුණුවට පත්කරන්න ඉදිරියට ගන්න දේශපාලන ප්‍රතිපත්ති වැනි දේවල් ගැන නමුත් මේගොල්ල කතා කරන්නේ මෙගොල්ලගේ කොටා එක ගැන , මේ ගොල්ලට ඡන්දෙ දුන්නොත් ඉදිරියටත් රට කොට උඩ