මාතර ඉඩමක් මිලදී ගැනීමට වියදම් කළ රුපියල් කෝටි ගණනක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීයැයි සැකපිට කැනඩාවේ වෛද්‍යවරයකු බව කියන තිස්ස ගලප්පත්ති මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මස්සිනා කෙනකු බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පළිගන්නවෝ ....! යුද්ධය අවසන්කළ නිසා රජ පවූල මොනවා කළත් කමක් නැහැ (නි)
ඔය පවු තමා දැන් මේ ආණ්ඩුවෙන් අදින්නේ. ගත් ණය වල ගිනි පොළියත් ගෙවන්න වෙලා (නි)
බැසිල්ගේ විතරද මස්සිනා (බ)
හොර සල්ලි හැමදාම හංගාගෙන ඉන්න බැහැ නේද? දැන් කියයි කැනඩාවේදී හම්බකළ ඒවා කියලා (නි)
හොරකමෙි විපාක පළදීමට පටන්ගෙන අැත. දේශපාලකයන්ට කරන්න බැරි යුක්තිය ස්වභාව ධර්මය ඉටුකරනු අැත. (නි)
ඒ කට්ටියට ඉතින් කොහොමත් සල්ලි තියෙනවනේ, මේ අපිට නැතිවුණාට (නි)
සංසාරේ පතාගෙන එකට යන නෑදෑයෝ වගෙයි පෙනෙන්නේ (නි)
මතු සංසාරේ මෙතුමාගේ මස්සිනා වී ලංකාවේ ඉපිදෙවා නැත්නම් මෙතුමාලාට කඩේ යාමට හැකිවේවා. (බ)
ඔහොම අත්අඩංගුවට ගන්න ගියොත් මුළු ලංකාවේම දොස්තරලා, නීතිඥ මහතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඔක්කොම අත්අඩංගුවට ගන්නයි වෙන්නේ. ඔය එක්කෙනෙක්වත් හරියට වත්කම් පෙන්වන්නේ නැහැනේ... (නි)
ඉඩම් ගත්ත හැටි කියන්න බැරි අය තව ඉන්නවා. ඒ අයගේ ගමේ අවට මිනිසුන්ගෙන්, නෑයින්ගෙන් ඇහුවොත් කියයි ආණ්ඩුවෙ රස්සාව කර කර කොහොමද ඉඩම් 4-5 ගත්තෙ, ගෙවල් 2-3 හැදුවේ, වාහන ගත්තේ, ළමයි පිටරට යැව්වේ කියලා. පහුගිය කාගේ ආණ්ඩුවට කඩේ ගිය හැම නිලධාරියම ගොඩ ගියා. නිලතල ධනලාභ ලැබුනා මදි නොකියන්න. (නි)
අපි දන්න තව ආණ්ඩුවේ නිලධාරින් ඉන්නවා. මේ ගැන කොහාටද පැමිණිලි කරන්න පුළුවන් කියලා දන්න කෙනෙක් කියන්න. මොකද මේ අය පාවිච්චි කළේ මහජනයාගෙන් සහ විදේශ ශ්‍රමිකයන් මෙරටට දහදුක් විඳලා එවපු මුදල්. (නි)
හුඟක් අය ඉඩම් ගෙවල් දොරවල් ගත්තේ තමන්ගෙ නමට නෙමෙයි. බිරිඳගෙ, දරුවන්ගෙ සහ ළඟම අඳුරන අයගෙ නම් වලට. මෙන්න මේ කට්ටියගෙත් වත්කම් සොයාබලන්න. රටේ සල්ලි පිල්ලි ගිය හැටි අගේට හොයාගන්න පුළුවන් වෙයි. හොර පූසො වගේ ඉන්නෙ පහුගිය කාලේ හොර මගඩි අහුයවයි කියලා මේ දූෂිතයින්. (නි)
කිසියම් කෙනෙකුගේ නමින් හෝ ජා.හැ.අ පරිගණකයට ඇතුළත් කිරීමෙන් පසු ඔහු සතු ලංකාවේ ඇති සියළු ඉඩම් වල විස්තර පෙන්වන විදියක් හදන්න. මෙය හරිම පහසු දෙයක්. එතකොට කාටවත් බොරු කරන්න බැහැ. ඒක නැති නිසා තමයි එක එක දුවලා පුතාලගෙ නම් වලින් රට පුරා ඉඩම් ගන්නවා. හොයන්න බැහැ. ෆයිල් ඇද ඇද ඕක කරන්න අමාරුයි. (නි)
කින් බෙනට්, ඔයාට ඔක්කොම මතක් වුණා. හැබැයි වැඩිම හොරකම් කරන අය අමතක වුණා නේද? ඔය ලිස්ට් එකේ ආණ්ඩුවේ ඉහළ නිලතල දරපු ඇමතිලාට පන්දම් අල්ල අල්ලා නිලතල අරගෙන ඒවා පාවිච්චි කරලා ගසාකාපු දූෂිත නිලධාරි කට්ටියගෙ වත්කම් හරියට හොයලා බැලුවොත් ගොඩක් දේවල් එළිවේවි (නි)
කෝනාරගේ අදහස ඉතාම හොඳයි. ජා.හැ අ. පරිගණකයට ඇතුළත් කළ පසු කිසියම් කෙනෙකුගේ නමට ඇති වාහන, ඉඩම් වෙනත් වත්කම් හා ඔහු සම්බන්ධ ඇති පොලිස් වාර්තා යනාදිය තත්පර ගණනකින් ගන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. රටේ පරිගණක ක්ෂේත්‍රය දියුණු කරනවා කියලා කරන්න ඕනෑ මේ වගේ වැඩ මිසක් ඊමේල් යවන හැටි, එෆ් බි යන හැටි කියලා දෙන එක නෙමෙයි. (නි)
කාගෙ කාගේ වත්කම් කාගෙ කාගේ නමින් තියෙනවද කියලා අපි නම් දන්නේ නැහැ. (නි)
බලනකොට මෙතුමලාගේ නෑදෑයොත් අපි නොදන්නා දේවල් ගොඩක් කරලනේ (නි)
මෙන්න පලිගන්නවෝ .... (හේ)
මේ අයවත් දන්නේ නෑ මේ අයගේ වත්කම්.(හේ)
පවුලේ අයත් දැන් අහුවෙනවා වගේ.(හේ)
රටේ දුප්පතාගේ ධනය හොරාකාපු හැම එකෙකුටම හෙනම වැදියන් අපේ ගැහැණු වලන් හෝදනවා අරාබිකරයේ හොර තක්කඩි දේසපාලුවෝ උන්ගේ පවුල් පිටින් රට විනාශ කරමින් සිටිනවා යකුනේ මල්වට්ටි ඔලුවේ තියන් ගියත් දේවාලගානේ ගිහින් පොල් ගැහුවත් කළ පාපයට ගැලවීමක් නැහැ (බ)
අපි දන්නා තොරතුරු, අල්ලස් කොමිසමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙමු. ඒ අය අපි දෙන තොරතුරු හොයා බලා අවශ්‍ය කටයුතු කරන්න බැඳිලා ඉන්නවා.(කෞ)