තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 28 වැනිදාට කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව කඩුවෙල, මාතර, ගම්පහ සහ පූගොඩ උසාවිවල පවරා ඇති නඩුවල පැමිණිලි එම පෙත්සමට ගොනු කිරීමටද අවසර දුන්නේය.
කේ.ශ්‍රී පවන් අගවිනිසුරු, අනිල් ගුණරත්න සහ කේ.පී.චිත්‍රසිරි යන විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ දිවිනැගුම මුදල් ද ගම්පහ ඔරුතොට පාරේද මල්වානේ ගඟබඩ ද මාතර ද ඉඩම් මිලට ගෙන ගොඩනැගිලි ඉදිකළැයි ද ඔහුට එරෙහිව පරීක්ෂණ අරඹා ඇත.
ඊට අමතරව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමට යන බවට තොරතුරු ඇති බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා වෙනකන් කල් යයිද?(හේ)
තව ටික දවසක් මෙයාට වෙවුලමින් ඉන්න වේවි. බැසිල් ලබන 28 වැනිදාට පෙර, අවශ්‍ය වුවහොත් අත්ඩංගුවට ගැනීමට පුළුවන් වෙයිද මේ තත්වය යටතේ? (නි)