ගුවන් හමුදාවේ හිටපු භටයකුගේ නායකත්වයෙන් යුත් මාල කඩන කල්ලියක පස් දෙනකු යතුරුපැදි 4 ක් හා ත්‍රිරෝදයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේසන් හා ටින්කර් බාස්ලා දෙදෙනකු සමඟ කොල්ල කෑම සඳහා මිතුරන්ගෙන් මෙම වාහන ලබාගෙන ඇති බවත් ත්‍රිරෝද රිය මේ සදහා යොදාගෙන ඇතැයි ද පොලීසිය සදහන් කරයි.
කතුන් 16 දෙනකුගේ මාලද කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.රැදවුම් නියෝග මත රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කැරගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාස්ලාගේ කොල්ලය ජෝන් බාස්ට යයි
සිංහ Friday, 04 April 2014 06:22 AM
මෙහෙම ගියොත් නම් රටේ තත්ත්වය එන්න එන්නම භයානක වෙනවා (නි)
ජනා Thursday, 03 April 2014 03:41 PM
දැන් සනීප ඇති. අනුන්ගෙ දේ ගන්න එපා කියල බුදු බණෙත් කියල තියෙනවනෙ. (ස)
අල්විස් Friday, 04 April 2014 08:46 AM
මේ ක්‍රියාදාමය වහා විනාශ කළ යුතුය. මාල කැඩීමට ලක්වෙන්නේ අපේ රටේ අහිංසක සහෝදරියන්ය. සමහර අයගේ බෙලි සිරිලා තුවාල වෙලා ලේ ගලනවා. පොලිසියට ගියාම කියන්නේ "මොකටද ඕව පේන්න ඇඳගෙන යන්නේ ?" කියලයි. විපතට ලක් වූ අහිංසක කාන්තාවට පිහිටක් නැහැ. මුන්ව රඳවාගෙන කොතෙක් ප්‍රශ්න කර උසාවි දැම්මත් සුළු කාලෙකින් නැවත පැමිණ ඇතුළේදී දැන ගත් තවත් උපක්‍රමද එකතුකරගෙන මංකොල්ල කෑම ජයටම කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් පවතින නීති සහ දඬුවම් වෙනස්කොට මේ ඇමිබාවන්ට බරපතල දඬුවම් දිය යුතුය. (නදී)
රණතුංග Thursday, 03 April 2014 04:07 PM
ටින්කර් වැඩ, මේසන් වැඩ අඩු ඇති මේ දවස්වල. අනිත් එක හිටපු භටයන්ටත් අතමිට හිග පාඩු ඇති. (ස)
පුෂ්ප Friday, 04 April 2014 09:55 AM
අරාබි දඬුවම් දෙන්න.(නදි)
ප්‍රසන්න Friday, 04 April 2014 10:08 AM
රාජුන්ගේ කතාව හරි. නමුත් කම්බා හොරා කියන්නේ ගැහැණුන් රවටා සියුම් විදියට නොයෙක් දේ සොරකම් කරන ජේත්තුකාර හොරෙකුටයි. මේ යෙදුම ගැන සිංහල පාඩමේදී සාකච්ඡා කළා මතකයි. (නි)
සුරේන් Friday, 04 April 2014 10:32 AM
ඇයි ලැබෙන පඩියයි මදි ද? (දී)
කුමාරි Thursday, 03 April 2014 05:41 PM
දැන් හැමතැනම ඉන්නේ කම්බ හොරු. ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න දැන් අපිටත් සැළසුම් කරන්න වෙයි වාගෙයි මට පෙනෙන්නේ. (නි)
බන්ධු Friday, 04 April 2014 11:31 AM
අපේ රටේ එන්න එන්න මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ නෑ (දිල්)
ඒ. Thursday, 03 April 2014 05:52 PM
කුමාරි,මම නම් කම්බ හොරෙක් නෙවෙයි. හැබැයි වෙන වර්ගයක හොරෙක් (නි)
නිහාල් Thursday, 03 April 2014 07:43 PM
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු (නි)
රාජුන් Friday, 04 April 2014 12:34 AM
කම්බා හොරෙක් කියන්නේ අති දක්ෂ හොරෙකුට. කම්බා හොරාට පුළුවන්ලු කවුරුහරි ඇඳගෙන ඉන්න කම්බායක් වුණත් හොරකම් කරන්න. මෙතන වෙලා තියෙන්නේ මංකොල්ලකෑමක්. (නි)
පිටිගල Friday, 04 April 2014 01:22 AM
ඉස්සර අපේ කිරිඅම්මා ඉඳිද්දී ඇන්දා කම්බාය කියලා ඇඳුමක්. ඔය කියන කම්බා හොරුන්ටත් ඒ නම පාවිච්චි කරන්නේ ඇයි දන්නෙ නැහැ. (නි)