හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ගම්පහ ඉඩම් කොමසාරිස්ට අද (24) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඩී) මෝසමක් මගින් අද නඩුව යළි කැඳවීය.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටියේ එම ඉඩම අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තමනම් කරන ලෙසයි. එෆ්සීඅයිඩිය අධිකරණයට කියා සිටියේ ඩී.ඒ.රාජපක්ෂ පදනම මගින් මෙම ඉඩම මිලට ගෙන ඇති බවයි.

මෙම නිවස ඉදි කිරීමට කෝටි 224ක් වැය වූ බව ඒ දිනවල කියැවිණි.

20150116_094254

Basil-gampaha-office