හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී ඡන්ද වැඩට ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතන වලට බෙදා දුන්නැයි හිටපු ඇමැති ද දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකට ද එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.
හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක ද අගෝස්තු 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
ජුලි 28 පහුවෙනතුරු හිරේ තියාගන ඉන්නද බලන්නේ? මහජනතාව ගෙවන බදු තමයි ආණ්ඩුවේ ආදායම. මොනවට දුන්නත් ඒවා මහජනතාවට ලැබිලා නම් එ්කේ වැරැද්දක් නැහැ. මේවාට කරන වියදම් නම් මහජනතාවගේ මුදල් අපතේ යැවීමක්. (නි)
ජයතු, අහිංසක මහජන සල්ලි කොල්ලකන එක මොන දේශපාලුවා කළත් මහත් පවුකාර වැඩක්. ඔයාලා වගේ දේශපාලුවන්ට කඩේ යන අය ඉන්නකම් අපේ මේ සුන්දර රට කවදාවත් ලෝකයේ ඉහළට ගෙනෙන්න බැරිවෙයි. (නි)
ජයතු, විප්ලව කරලා නෙල්සන් මැන්ඩෙලා, මහත්ම ගාන්ධිලා හිරේ ගියා තමයි. ඒත් ජයතු මහජන සල්ලි ලොරි ගණන් ගිලපු අයට නම් සමාවක් දෙන්න හොඳ නැහැ. ඔයා දැන්වත් ඉතිහාසය කියවන්නකෝ. (නි)
එක්කෙනෙක් එළියට එනකොට තව එක්කෙනෙක් ඇතුළට යනවා. මැරෙනකන් මෙහෙම ඇතුලට යන්න තරම් චෝදනා ඇති මෙයාලට. ලබන ආත්මයටත් ඇති. (ම)
අධිකරණය මන්දගාමීයි. වේගවත් කරන්න. කඩිනමින් නඩු අසන්න. වැරදි කරලා නම් දඬුවම් දෙන්න. ජනතා මුදල් ආපසු අයකර ගන්න (නි)
මේ ගමන අසනීප වෙන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
හැමදාම ඇතුලේ ඉන්න ඕන කෙනක් (හේ)
අපි බලමු පාද චාරිකා යන්න බලාගෙන හිටිය මොහු රිමාන්ඩ් වුණාට පසුව ගිලන් රියකින් රෝහලකට මාරුවේවිද කියලා? (නි)
ජයතු, ලෝකයේ අනෙක් නායකයෝ නම් ජනතාව විසින් ගෙදර ඇරියාට පසුව ඔබ ඔය කියන නායකයා වගේ මට බලය දෙන්න කියලා ඉල්ලලා නැහැ (නි)
බලන්නකෝ යන උජාරුව විතරක්! (නි)
හරියට හතර පෝයටම සිල්ගත් පින්කඳන් වගේ සමහරු නම් ඉන්නේ (නි)
චානක, ඔයා කියන දේ වැරදිනේ. 29 වතාවක් ගෙදර යවපු අයත් බලය ඉල්ලලා බලයට අාවේ එහෙනම්. ඕක තමා දෙන්න තියෙන හොදම උදාහරණය. (නි)
මෙට්ටයකුත් අරගෙනමද යන්නේ? (නි)
අසමත් රාජ්‍යක ස්වරුපය. පැහැදිලි දේශපාලන පලිගැනීම්. ඕනේ මෝඩයකුට හිතා ගන්න පුළුවන්. ආණ්ඩුව අසමත්කම හැර වෙන දෙයක් නොමැත. (ම)
මේක විහිළුකාර රටක් වෙලා දැන් (නි)
යහපාලන ආණ්ඩුව කරන්නේ තව තවත් රාජපක්ෂලාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම පමණකි.(අ)
හොඳ උපසකල වගේ තමයි ඉන්නේ (අ)
හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ (නි)
ජනතාවට විහිළු සපයන්න නම් එපා (නි)
ආ! ඔය කට්ටියම ඉන්නේ... (නි)
මේ කට්ටියම හිරේ දාලා අැප නොදී හිටියා නම් හරි (නි)
අවංකව රාජකාරි කරන නිලධාරීනුත් මුහුණ දෙන්න බයෙන් ඇති මේ යන විදියට ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට (නි)
ලෝකයේ සැම වැදගත් නායකයෙක්ම සිර ගෙදර දිනක් හෝ ගතකර අැත රාජපක්ෂවරුන්ට ඒ සුදුසුකම අැත. අැමරිකානු පුරවැසිකම අත්හැර ඔවුන් රටට ජාතියට වැඩ කිරිමට රට බාරදිය යුතුයි. (බ)
මෙයාලට ලජ්ජා නෑ ...අපේ කරුමේ...(බ)
හිතා මතා පළිගන්නවා (බ)
අපි හොරුන්ට හොරු කිවුවහම එ්ක පළිගැනීමක් වෙන්නේ කොහොමද? (නි)
නිසියාකාර පරීක්ෂණ මඟින් ගොනුකළ අධිකරණ ක්‍රියාමාර්ගයකට අනුව මිස වෙනත් ක්‍රමයක් අදාළ නැති බව මධ්‍යස්ථ වහලුන් නොවන අපට පැහැදිලියි (නි)
බලය රැකගැනීම සදහා මෙවැනි දේ රජය විසින් සිදුකරනු ලබනු ලබයි අපිට නම් හිතෙන්නේ (නි)
බැසිල්,නාමල් පිළිගත්තට ජයතු,අමිල වගේ අයට නම් පිළිගන්වන්න බැහැ. විලංගු ගළවාගන්න බැරි හැටි. (නි)
හොරු ඇල්ලුවද ඇල්ලුවද කියලා අහපු කටිටිය දැන් පළිගන්නවෝ පළිගන්නවෝ කියලා කෑගහනවා. අපේ අවාසනාවට දෙපැත්තේම හොරු, මංකොල්ලකාරයෝ, මැරයො තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ. (නි)
මෙයා මොනතරම් වැරදි කළත් තවම මෙයාලට දණ ගහල වඳින උදවිය තවම මේ රටේ ඉන්නව අන්න එ්ක තමා අපිට තියන දුක. (බ)
මහජන මුදල් හොරකම් කරන අය රිමාන්ඩ් එකට යන්න කලින් මාධ්‍යයට මුහුණ දෙන්නේ හරියට ජාතික වීරයෙක් හිරේට ගියා වගේ. ලැජ්ජා නැතිකමක හැටි (නි)