හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මාධ්‍යවේදීනට උසාවිය ඇතුළට යාම තහනම් කළේය. ගේට්ටුවෙන් ඇතුළට ඔවුනට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත. ඔහු මේ ක්‍රියාව කළේ උසාවියේ අනුදැනුමකින් තොරව තනිමතයට යැයි මාධ්‍යවේදීහු කියති. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.
දේශපාලනඥයන් උසාවියට පැමිණිය ද මාධ්‍යවේදීනට එහි ඇතුළුවීමට අවසර නොදෙන ලෙස උසාවිය නියෝග කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.
බැසිල් රාජපක්ෂ අද පස්වරු 3ට පමණ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවේ නඩුව විභාග කිරීමට නියමිතය.
බැසිල් මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් විය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන ඔහු මීට පෙර දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටියේය.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්
![20160512_145748(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1457480_resized1.png)
![20160512_145748_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145748_resized1.png)
![20160512_145747(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1457470_resized1.png)
![20160512_145854_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145854_resized1.png)
![20160512_145920_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145920_resized1.png)
![20160512_145928_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145928_resized1.png)
![20160512_151715_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_151715_resized1.png)
![20160512_145749_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_145749_resized1.png)
![20160512_144123_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144123_resized1.png)
![20160512_144125_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144125_resized1.png)
![20160512_144127_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_144127_resized1.png)

![20160512_160925(0)_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_1609250_resized1.png)
![20160512_161143_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_161143_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කරපු දේනම් හරි නෑ නේද මහත්තයෝ.(හේ)
දේශපාලකයන්ගේ රෙදි හෝදන පොලිස්කාරයින් එලවල දාන්න ඕනේ...!!! (බ)
මේවා ඉස්සර කියමන් විදියට තියටර් (බ)
මෙයාගේ හැටි රටම දන්නවා. ලැජ්ජා නැතුව අායෙත් දේශපාලනයට ඇවිල්ලද? අපි මහින්ද පිලට එකඟයි. එහෙත් මෙයා එනවට විරුද්ධයි. (නි)
ඔහොම යමු සර්. නියමයි! (නි)
මාසිංහ මහතාණෙනි, ඔබ නම් නියම රාජ්‍ය සේවකයෙක්. ඉදිරියටම යන්න (නි)
පොලිසියට මොකද මාධ්‍යය පෙන්නන්න බැරි? (නි)
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු. (නි)
අනේ අනිච්චන්! කුඩා කොඩි, සේසත්, පාවාඩත් එක්ක උසාවියට... (නි)
ඉක්මනටම පපුවේ අමාරුව හදෙයි දැන්.(හේ)
කුඩය අල්ලන්න හොඳට. නැත්නම් අසනීපවෙන්න පුළුවන් (නි)
ඇමරිකාවේ යනකොටත් ඔය සාටකය පළඳිනවද? මෝඩ, නූගත්, දුප්පත් මිනිසුන් තවත් රවටන්න එපා (නි)
කළු ලෝගුව ඇදගෙන එනවා යනවා අපිත් ආසවෙන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කතාකරන දවස (හේ)
කොච්චර කාලයක් මේ නාටක අපේ රටේ රඟ දක්වෙයිද මන්දා . (ර)
අනේ හැබෑට මෙහෙමත් නිලධාරියෝ? (නි)
මේ ක්‍රියාවට විනය නීති මාර්ගයක් ගත යුතුය , (ර)
මෙව්වට දේශපාලන පලිගැනීම් කියනවනම් කියන කෙනාව... (ර)
වැරදිකරු බව ඔප්පු වුවහොත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
බැසිල්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන වගකීමෙන් මිදීමට ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපතිවරයාට කිසිදු සදාචාරාත්මක හැකියාවක් නොමැති බවද සඳහන් කළ යුතුය. තම ඇමැතිවරු දූෂණ වංචාවන්හි නිරත වන බව දැන දැන කිසිදු පියවරක් නොගෙන සිටීම තුළ රටට පෙනෙනුයේ දූෂිත හිටපු ජනාධිපතිවරයකුගේ කෙරුවාවේ තරම මිස වෙනකක් නොවේ. (නි)
මීට පෙර ද මල්වානේ මාපිටිගම ගඟබඩ පාරෙහි රුපියල් මිලියන 101 ක් වැය කරමින් “රිවර් සයිඩ් විලා” නමැති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ වෙත ඇඟිල්ල දිගුවුණා නේද? (නි)
අනේ මන්දා උසාවි වලදීත් මෙහෙම හැසිරෙනවා නම් අනෙක් තැන් වල? (නි)
මොකද මේ අතපය හොඳට තිබෙන කෙනාට කුඩයක් අල්ලාගෙන යන්නේ? (නි)
මේවා ආවට වැට් එක එහෙම අමතක වෙලා යාවිද මන්ද (බ)
මෙතුමන්ලාගේ මේ පුරුද්ද කෙසේ අත්හරින්නද .....? (නි)
කුඩේ අල්ලන, කුඩකාරයාගේ මුහුණ පොඩ්ඩක් පැහැදිලිව බලාගන්න තිබුනා නම්......! (නි)
මෙතුමාට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් එක හම්බවුණේ කොහොමද කියලා මම දන්නවා (නි)
මොකක්ද මේ සෙල්ලම.(හේ)
වරදක් කර ඇත්නම් නීතියෙන් දඬුවම් ලැබෙයි. (ර)
වැට් එක අමතක කරන්න මේ වැඩ කරන්න එපා. (ර)