මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීමේ නඩුවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය අද ඔහුගේ ඇපකරුවන්ට නියෝග කළේය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට රිමාන්ඩ් බාරයේ පසුවන රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති නිසා අද අධිකරණයට පැමිණීමට නොහැකිවූ බව ඔහුගේ නීතීඥවරු දැනුම් දුන්හ.
කඩුවෙල අධිකරණයේ නඩුවෙන් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කරන්නේ නම් ඒ බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
මෙයා සැහෙන්න වැඩ ගොඩක් රටට කරලා වගෙයි (අ)
බලාගෙන ගියහම රටින් බාගයක්ම අයිති රාජපක්ෂලටනේ. (අ)
හොරෙක් නෙමේ හොර දෙටුවෙක්.(අ)
බැසිල් රිමාන්ඩ් බාරයට පත්වෙන හැම වතාවකම මේ පහසුකම් දෙන්න ආණ්ඩුව බැඳී ඉන්නවා විතරක් නොවෙයි බැසිල්ට අවසානයේ කිසිම දඬුවමක් නොදෙන විදියට වැඩේ සිද්ධ වෙනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
මේ පසුගිය දවස්වල හොඳට දඟලමින් හිටපු මිනිහා නේද ? රිමාන්ඩ් ගත කැරෙන කොටම මහා පුදුම විදිහට ඇඳෙන් බහින්න බැරි තරමට අසාධ්‍ය වෙලා රෝහල් ගත වෙන්නේ. අනේ පව් අප්පා, මටත් හිතෙනවා සේලයින් බෝතලයක් අරන් දෙන්න. (අ)
අවිදින්නම බැරි තත්ත්වයේ බවට වෛද්‍ය වාර්තාවක් දෙන කෙනාට මගෙන් මල්මිටක්. (අ)
නඩු කල්යනවට වැරදිකාරයින් නම් කැමතියි. ඒකටම අපේ රටේ නීතියත් හැදිලා තියෙන්නේ (නි)
එක පාරකුත් අත්අඩංගුවට පත්වුණාම හොඳට ගිය කෙනා අැඳක හාන්සිකරගෙන ගෙනගියේ. මේවා අධිකරණය නොමඟයැවීමක් නේද? අනෙක රටම දන්නා විහිළුවක්. (නි)
යන යන තැන ඉඩම්. යන යන තැන නඩු. (නි)