රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි කියයි.
ජාතික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළු කළ බැසිල් රාජපක්ෂ සඳුදා (18) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කඩුවෙල උසාවිය විසින් අගෝස්තු 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
විශේෂඥ වෛද්‍යවරයෙක් යමෙකුට අසනීපයක් තිබෙනවා යැයි කීමෙන් පසු ඊට එරෙහිවීමට නොහැකිය. මේ වාසිය දඩමීමා කරගෙන මොවුහු ජනතාවට ‘කොකා පෙන්වති‘. නමුත් ජනතාව සැමදාම මොවුන්ගේ ‘කොකා‘ දෙස බලා නොසිටිනු ඇත (නි)
බන්ධනාගාර රෝහල කොළඹ ජාතික රෝහල සේම සියළු පහසුකම් වලින් සමන්විත රෝහලකි. ශල්‍යාගාරයක් රසායනාගාරයක් ආදී පහසුකම් වලින් සමන්විතය. එබැවින් මරණාසන්න රෝගියෙකු හැර අන් රෝගියෙකු ජාතික රෝහලට යැවීමට අවශ්‍යතාවයක් නැත. (නි)
මේ දිනවල තෝරුන් මෝරුන් සිරගත වෙද්දී සමහර පගාමරුවන්ගේ කල්ලමරේය. සිරකුටිය රෝහල් ඇඳක් බවට පත්කර දීමට සැදී පැහැදී සිටින අයද ඕනෑතරම් ඇති (නි)
රටේ නිතිය මේ යන විදිහට ඉදිරියට ගියොත් අපේ රටේ මිනීමරු ප්‍රභාකරන් රටට කළ විනාශයට වඩා විනාසයක් ඉදීරියේදි සිද්ධ වෙනවා. (ම)
සැබැවින්ම අසනීපයක් නම් අවස්ථාව ලබාදිය යුතුයි. එසේ නැතුව ව්‍යාජ මවාපෑමක් නම් නිර්දේශ ලබාදෙන වෛද්‍යවරුන්ට එරෙහිව නීති කටයුතු කළයුතුයි. (නි)
'හොඳම නළුවා' ඔස්කාර් සම්මානය දෙන්න වටිනවා (නි)
නවකවදය දීපු අයට ඇප දෙන්නේ නැහැ. ඒත් සල්ලි කෝටි ගණන් ගිලපු අයට නම් දවස් දෙකෙන් ඇප ලැබෙනවා. (නි)
දරුවන්ටත් හොරකම පුරුදු කරලා මහපාරේ හිඟාකෑවා නම් මීට නම්බුයි. රටටම පේන්න බණ කිව්වා. අයථා මුදල් රාජසන්තක කළයුතුයි. කාටත් හොඳ පාඩම්. (නි)
මට හිතුනා අනිවාර්යෙන් ලෙඩ වෙයි කියලා (ම)
හිරේ ගියොත් විතරද ලෙඩ හැදෙන්නේ (ම)
අනේ වෙනම පක්ෂ හදලා ජනතාව බේරගන්න ගිය අයට බන්ධනාගාර ගත වුණාම ලෙඩ. මොවුන්ගේ නාඩගම් ජනතාව හොඳින් දන්නවා.(ම)
මෙවුන්ට උසාවියෙන් රිමාන්ඩ් එක තීන්දු කරනවට වැඩිය හොඳා කෙලින්ම ජාතික රෝහලෙ ගෙවන වාට්ටුව තීන්දු කරනඑක! (ම)
අනේ පවු. මේ හොදට හිටපු මනුස්සයය එකපාරටම අසනීපවෙලා. ඉක්මනට සින්ගප්පූරුවට යවන්න ලෙඩේ වැඩිවෙන්න කලින්. (බ)
නොදකින් පාරට බැස්සම ජාතික වීරයෝ.අහිංසක මිනිස්සු මුළා කරලා බලයට එන්න හදන කපටි. වරදකට අහුවෙලා රිමාන්ඩ් කළාම ලෙඩ. (බ)
අසනීප කමක් නම් පෙනුනේ නැහැ පසු ගිය දිනවල ඒත් අසනීප නම් රෝහල් ගත වෙන්න ඕනේ නේ අනික අසනීප වෙන්නේ ..අපි නොහිතන වෙලාවටනේ (බ)
අනේ මෙහෙමත් විකාර? හිරේ ගියාම හැමදාම ලෙඩ හැදෙනවා. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. (බ)
ඔන්න පටන් ගත්ත සෙල්ලම (බ)
පව් අප්පා අහිංසකයා (බ)
මොකද බඩේ අමාරුවක්ද? ඕකට වස්තියක් කෙරුවා නම් හරි යනවා. (බ)
රටක් වශයෙන් ගත්තහම මොනතරම් වැරදි පූර්වාදර්ශයක්ද මේ රටට දෙන්නේ. (නි)
ඉතින් රටේ නීතිය ගැන ජනතාවට හැඟීමත් ඇතිවෙන්නේ කොහොමද? (නි)
පාද යාත්‍රා යන්න හයිය තිබුන මෙතුමා එක පාරටම ලෙඩ වෙලා කියල නිගමනය කළේ මොන විශ්ව විද්‍යාලයකින් ආපු දොස්තර කෙනෙක්ද ? (ම)
හිරේට දාපු ගාන ලෙඩ වෙන සහ හොර ලෙඩ වලට නිර්දේශ දෙන වෛද්‍යවරු ගැන අපේ රටේ නීති අණ පනත් නම් අන්තිමයි , මේවා සංශෝධනය කරන්න කාලය ඇවිත් (බ)
ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ රෝහල් වලින් වැඩක් නැතැයි මටත් සිතේ.(ම)
කට්ටිය කොහොමත් හිරේට දැම්ම ගමන් යන්නේ රෝහලටනේ. (බ)
මට පෙන්නේ මේ දෙගොල්ලොම එකතුවෙලා අපිට බයිස්කෝප් පෙන්නනවා වගේ. (බ)
පුදුම වැඩේ කියන්නේ අත්අඩංගුවට ගත්ත ගමන් කට්ටියක් ලෙඩ වෙන එක නේද? පුදුම ලෙඩ්ඩු අපේ ලංකාවේ ඉන්නේ බලාගෙන ගියාම (බ)
අපි දැනගෙන හිටියා අත්අඩංගුවට පත් වෙන කොටම රිමාන්ඩ් බන්ධනාගාරය තුලින් ජාතික රෝහලට ඇතුල් වෙන බව (බ)
මේක මහා විහිළුවක්. තනිකරම රඟපෑමක්. ජනතාව ගොනාට අන්දන එක එයාලට නිකම්ම නිකන් සුළු දෙයක්. මුන්ට රැවටෙන එවුන් ඉන්න එකනේ පුදුමේ. (බ)
ඇතුලට ගියාම අසනීප වෙන්නේ බයටද,. නැත්තන් අතුල හරි නැති නිසාද. දැන් ඉතින් බන්ධනාගාර රෝහලට යාවී සැපට ඉන්න . මුන්ගේ වැඩ බලන අපේ රටේ මිනිස්සුත් පිස්සු ගානට තමා වැටෙන්නේ.(බ)
මේ මෙඩිකල් දෙන දොස්තරලා ගැනත් මට නම් දැන් එක එක දේවල් හිතෙනවා. නීතිය තදින්ම ක්‍රියාත්මක කළයුතුය (නි)
කාටත් නැති ලෙඩ තමයි මේ පවුලේ අයට තියෙන්නේ.(හේ)
මේවායින් අපිට කියන්නේ නැවත ජෙනරල් ෆොන්සේකාව රටේ ජනාධිපති කරවාගන්න කියන එකද? (නි)
මොකක්ද දැන් හැදුන ලෙඩේ.(හේ)
මෙහෙම ලෙඩ තියාගෙනද ජනතා සේවයේ යෙදෙන්නේ? ඔහොම ලෙඩ නම් විශ්‍රාම ගන්න , (හේ)
වැට් වලට විරෝධය දක්වනවා වගේ මෙවැනි දේවලටත් විරුද්ධ වෙන්න ඕනෑ. කෝ අපේ සංඝයා වහන්සේලා. (නි)
පව් අනේ අසරණයා.(හේ)
මේ නාටකය හැමදාම රගන එක දැන් ජනතවට හොදට හුරුවෙලා රජය මේ විහිළු වැඩ දැන්වත් නතර කර නිතිය අනුව සැමට එකම හැන්දෙන් බෙදන්න පදයාත්‍රා යන්න හිටපු මෙය කොහොමද ලෙඩෙක් වුනේ. (හේ)
නීතිය ක්‍රියාත්මක වුනාවේ. එහෙත් සතුරෙකු වුවත් ලෙඩ වූ විට සතුටු වෙන්න තරම් අපේ හිත් ලෙඩවූයේ ඇයි.(හේ)
ඇප ගත්ත දවසට වාහන වල උඩ නගින්න එපා හරිද...ලෙඩේ වෙඩි වෙන්න පුළුවන්. (අ)
ලසන්ත, අනිවාර්යෙන්ම වෛද්‍යවරුන්ට එරෙහිව නීති මඟින් ගතයුතු උපරිමය කළයුතුයි. ඉදිරියටවත් මෙවැනි රඟපෑම් නැතිවෙන්න (නි)
මේ අය ජාතික හොර මේ අයනට ඡ්දේ දෙන හරක් ඉන්නවා අපේ රටේ (අ)
මනුස්සයන්ට ගරහන්න එපා අපිට වෙන්න පුළුවන් කාලයට බාරදෙන්න (අ)
අපේ බැසිල් මහත්තයට ප්‍රතිකාර කරන වෛද්‍ය වරුනි, කරුණාකර මෙතුමාගේ ශරීරයේ කොයි ප්‍රදේශයකද ඔය ලෙඩේ තියෙන්නේ කියා රටේ ජනතාවට දැනගන්න සලස්වන්න.(හේ)
මේ අය රිමාන්ඩ් කරපු ගමන් රෝහලට තමයි යන්නේ.(හේ)
බයට පපුවේ අමාරුවද දන්නේ නෑ.(හේ)
මොහුට ලෙඩක් තියනවා යැයි, සනාථ කළ දොස්තරවරයා කවුද? එසේ නැත්නම් ලංකාව තුල තමන්ට ලෙඩක් තිබේ යැයි කටින් කී පමණින් ලෙඩෙක් විය හැකිද?(හේ)
මේ දේවල් දකින කොට හිනා යනවා.(හේ)
මේ මොන විකාරයක්ද අනේ? (හේ)
මේක පුදුම වැඩක් .බෝවෙන්න රෝගයක් වගේ .දුප්පත් අයට මේක නැහැ නේද ? (අ)
එතකොට පාද යාත්‍රාවට සහාබාගි වෙන්න බැරිවෙයි වගේ මේ වගේ කපටියන්ට සහ හොරුන්ව හිරගේම තමා සුදුසු. (අ)
සල්ලි වලට යට වෙන ම්නිනිස්සු වගේ පෙනෙන්නට ඉන්න යක්කු ඉන්නකන් අපේ රට කවදාවත් ඉදිරියට යන්නේ නෑ. (හේ)
එදාට අපේ රටේ නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්න. (අ)
පොලිසියෙන් බන්ධනාගාරයට, බන්ධනාගාරයෙන් රෝහලට, රෝහලෙන් පස්සේ උසාවි ඇප, ටික දවසකින් නැවතත් පොලිසියට,..... සංසාර චක්කරේ අතුලෙත් තවත් චක්කරයක්. (අ)
බොරුවට අපේ සල්ලි නාස්ති නොකර ඉක්මනට නඩු අහල මෙයාට දෙන දඬුවමක් දෙන්න, හැබැයි ආපහු ඇමෙරිකාවට නම් යන්න දෙන්න එපා, ඒක තමයි දෙන්න පුලුවන් ලොකුම දඬුවම, හොර සල්ලිවලින් මාලිගා අරන් තියෙන්නෙ . (අ)
මොකක්ද මේ හිරේට ගියගමන් හැදෙන ලෙඩේ පාලනයක් නැතිව මුත්‍රා යනවාද? කෝ අර පසුගිය දිනවල තිබුණ බලවේග ගතිය?(අ)
මම හිතන්නේ දේශප්‍රේමය උතුරා ගලා යනවා. (අ)
මෙතන අදහස් දාපු සැවොමට අවශ්‍ය බැසිල් මහතා හිරේ දුක්විදිනව දකින්න. වරදක් කරලා තියෙනවනම් උසාවියෙන් වැරදිකරු කරනකල්වත් ඉන්න බැරිද? එයාගේ බලපුළුවන්කාරකම් බලලා ඔයාලා උණ හදාගන්න එපා. ඔය කොයි නායකයත් ඔහොම තමයි. නිම්මිල අසිරිලා නැන්දලා ඔය කොයි කව්රුත් නිකන් ප්‍රෙෂර් හදා ගන්න එපා. එකෙන් පාඩුවත් අපිටමයි! (අ)
මෙයාලට හිරේට ගියගමන් හැදෙන ලෙඩ හොයාගන්න දොස්තරලා ගැනත් වෙනමම බලන්න වෙනවා, මොකද එයාල වැටුප් ගන්නේ ජනතාවගේ මුදලින්, (අ)
මෙවුන්ට එක එක තැන වල ගිහින් ගිරිය පුප්පගෙන කෑ ගහනකොට කිසිම ලෙඩක් නැනේ. (අ)
මේ මහා බැංකුව නෙමෙයිනේ . කොළඹ ජාතික රෝහල නේ අනේ . (හේ)
ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න.(හේ)
මට නම් ගොඩක් දුකයි.(හේ)
බන්ධනාගාර රෝහලේ අය මාරු නොකලොත් හැමදාම ඔහොම තමයි.(හේ)
වැරදි කරලා අත්අඩංගුවට පත්වෙද්දී ලෙඩවෙන තක්කඩි ඉන්න ලෝකේ එකම රට ලංකාවද? මේ කාවද රවට්ටන්නේ? රටේ නීතියද? ජනතාවද?(හේ)
මීට කලින් හොදට හිටපු කෙනා එක පාර ලෙඩෙක් වුනේ කොහොමද?(හේ)
මේ දේවල් ප්ලෑන් කරලා කරන වැඩද කොහෙද?(හේ)
මෙච්චර කාලයක් හොදට හිටියනේ.(හේ)
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
අනේ මොකටද මගේ කට? (නි)
මහජනතාවට තවම ඇත්ත තේරෙන්නේ නැහැ (නි)
මහලොකු ජනතා නායකයෝ. හැමදාම අසනිපයි. තනිකරම බොරුව (නි)
“හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ“ කියලා මම ඊයෙම කිවුවනේ (නි)
දැන් ඇප ලැබුන ගමන් එළියට ඇවිල්ලා වාහනයක් උඩ නැගලා ගිරිය පුප්පගෙන කතාවකුත් තියයි. එතකොට කිසි අසනීපයක් නැතිවෙයි. මෙහෙමත් විහිළු! (නි)
රටේ ඔක්කොම මෝඩයෝ කියලා වෙන්න ඇති සමහරු හිතාගෙන ඇත්තේ මගේ හිතේ. (නි)
රටේ නීතිය මේ තරම් හෑල්ලුවට පත්කරන රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)
මේ කියන විදිහට මහජන මුදල් රුපියල් කෝටි ලක්ෂයක් දෙකක් හොරකම් කරලා වුණත් සැප විඳිමින් ඉන්න පුළුවන්නේ. (නි)
සුපිරිම ජීවිතයක් ගතකරපු ලිබියාවේ ගඩාෆිට ඒ රටේ මිනිස්සු පැය 24 ක් යන්න කලින් දඬුවම් දුන්නේ ඔන්න ඔය වගේ නීතියෙන් බේරෙන්න දඟලන නිසා තමයි. (නි)
බලනකොට මෙයාලට ජනතා නියෝජිතයෝ වෙන්න සුදුසු නැහැනේ. ලෙඩ ගොඩක්නේ! (නි)
රටක් වුණාම මෙවැනි දේවල් වලට ඉඩදෙන්න හොඳ නැහැ. ලෝකයේ මිනිස්සු අපිට හිනාවෙනවා. (නි)
පුදුමාකාර විදිහටනේ මෙයාලා අසනීප වෙන්නේ (නි)
එපා මොනවත් කියන්න මෙතුමාට, රට බේරාගත්තු එක් නායකයෙක් (අ)
හිරේ යන ලොක්කන්ගේ අසනීප සහතික කරන දොස්තරලා ගැනත් හොයලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා (නි)
පැදුරෙ නිදාගන්නෙ කොහොමද ඉතින්? (නි)
දැන්නම් මෙයාලව අපිට එපාවෙලා (නි)
මෙන්න දේශප්‍රේමි නායකයෝ (නි)
නීතියේ දෙවඟන අන්ධයි වගේ හිටියට ලංකාවේදී ඇහැක් වහලා වගෙයි කටයුතු කරන්නේ. (නි)
අනේ කරුණාකරලා ඔය අත්අඩංගුවට ගන්නවා කියලා කරන විහිලුව නවත්වන්න. අඩුම තරමේ අහිංසක මිනිස්සු මොවුන්ට ගෙවන රෝහල් සේවකයන්ගේ බිලවත් ඉතුරුවෙයි. මොකෝ ඉතින් අත්අඩංගුවට ගත්තා කියලා වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. (නි)
රෝහලේ හිටියත් හිර ගෙදර හිටියත් එකමදේනේ. කරන වැඩක් නැහැ, කාලය කාදැමීම විතරයි (නි)
මම නම් කියන්නේ මොවුන් පරීක්ෂා කරන දොස්තරලා ගැනත් පරීක්ෂණ කරන්න ඕනෑ. මොකද ඔහු මේ තීරණය දෙන්නේ ජනතාව රැවටූ කෙනෙකුටනේ. මේ දොස්තරලට මේක කලින්ම කියලා, මෙයාලා ජනතා සේවයට නුසුදුසු ලෙඩ්ඩු කිවුවා නම් අපි මොවුන්ට ඡන්දෙ දීලා ඔය වටිනා කියන තැනට යවන්නේ නැහැ (නි)
දුප්පතා විතරද රිමාන්ඩ් එකේ ඉන්න ඕනෑ නඩුව අසනතුරු? බැසිල්ට බැරිද? (නි)
මේ ලෙඩ නිර්දේශ කරන වෛද්‍යවරු ගැනත් අධිකරණය හොයලා බලන්න ඕනෑ (නි)
බලනකොට ලෙඩ ගොඩක්නේ (නි)
ඉස්සරවෙලා පාද යාත්‍රා යවන්න. එතකොට සීනි සහ කොලෙස්ටරෝල් අඩුවෙනවා. ඊටපස්සේ ඇතුළට ගෙනල්ලා පැදුරක් හෝ මෙට්ටයක් ගෙදරින් ගෙනවිත් දෙන්න. මකුණොත් දෙන්නෙක්ව දාන්න. (නි)
මේ රෝගීන්ගේ නඩු ඉක්මන්කර වැරදි ඔප්පුවුවවොත් දඬුවම් දෙන්න. අධිකරණය මන්දගාමීයි. දක්ෂ අධිකරණ ඇමතිවරයෙක් පත්කරන්න. (නි)
පයින් එන හැටි බලාගන්න නම් ඇප දීලා බලන්න වෙයි (නි)
මොහුට මෙම පහසුව ලැබෙන බව මුළු රටම පාහේ දැනසිටියා. (නි)
බලයට පත්වෙනකොට දුන් පොරොන්දු අමතක කරන්න ඕවා කරලා වැඩක් නැහැ. බලය රැකගන්න ඕවා කළාට ඡන්දය කල්දදා ඉඳලා හරියන්නේ නැහැ. දඬුවම් දෙන්න ඕනෑ ඔක්කොටම. එක පැත්තක අයට විතරක් නෙමෙයි (නි)
මෙයාට අසනීපයි කියලා කියපු දොස්තරලාමද දන්නෙ නැහැ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් විරුද්ධ (නි)
රටේ අවාසනාවට, අපේ අවාසනාවට, උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට තමයි එදා අපිට ජෙනරල් ෆොන්සේකාව විධායක ජනාධිපති කරවාගන්න නොලැබුණේ. එහෙම වුණා නම් එක කම්බා හොරෙක්වත් මේ වෙනකොට ලංකාවේ පය ගහලා ඉන්නෙ නැහැ. ඉන්නවා නම් ඉන්නෙත් යකඩ කූරු ගණන් කර කරයි. (නි)
ඔන්න ඔය කතා නවත්තලා රටේ අනාගතේ ගැන හිතමු (නි)
එයාලට හොඳටම විශ්වාසයි ඉක්මණින්ම එළියට එයි කියලා (නි)
රාජපක්ෂලා ලංකාව දේශපාලන භූමියෙන් සදහටම අතුගාලම දාන්න කාලය ඇවිල්ලා. (නි)
මදැයි අපිත් වැඩිම ඡන්දයෙන් පුර්ණ බලය දීලා නායකයෝ පත් කරගත්තා. දුකයි. (නි)
මේ බොරු කාටද? (නි)
සුළු වැරැද්දටත් පොලිසියෙන් අල්ලලා රිමාන්ඩ් කරන අහිංසක මිනිසුන් අපාදුක් විඳිද්දී, රටේ ජනතාවගේ ධනය කොල්ලාකාලා රිමාන්ඩ් වුණාම මෙහෙම සැප විඳින්න පුළුවන් නම් ඒක අනාගතේ රට කොල්ලකන්න හිතා ඉන්න අයට දිරිදීමක්. මෙවැනි නරක පූර්වාදර්ශ සැපයීමද 'යහපාලනය' කියන්නේ? (නි)
බඩගින්නට පාරේ අයිනේ බතල අල ගළවපු අසරණයා මාස 6 යක් බරපතල වැඩ ඇතුව හිරේට. පුදුම නීතියක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)
ඒක නම් අලුත්ම වර්ගයේ අසනීපයක් වෙන්න ඇති (නි)
රට වටේ යන්නේ ආණ්ඩුව පෙරළන්න. එතකොට බොහොම නීරෝගීයි. කරපු හොරකම් වලට හිරේ ගියාම එකපාරටම ලෙඩ වෙනවා. (නි)
කාවද මේ රවටන්නේ? අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
හැම සැකකරුවෙක්ම මෙහෙම කළොත් රටේ නීතියට මොකද වෙන්නේ? අපි මොනතරම් දීන ජාතියක්ද කියලා හිතෙනවා. (නි)