ජාතික ආණ්ඩුව තුළ විවිධ මති මතාන්තර දරන පුද්ගලයන් සිටින බවත්, කුමන දුෂ්කරතා ආවත් ඒවා මැඩගෙන ඉදිරියට ගමන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
පසුගිය කාලයේදී විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්න බොහෝමයක් විසඳා නොගත් බව ද, ඒ සමයේ සිටි අමාත්‍යවරයා ප්‍රශ්න විසඳීමට කිසිදු පියවරක් නොගත් බව ද දිසානායක මහතා කීවේය.
“දිවි නැගුම පනත ගෙනාවට පස්සේ අපට බොහෝ ප්‍රශ්න විසඳාගන්න තිබුණා. එහෙත් එසේ වූයේ නැහැ. ඒ වගේම මම මේ අමාත්‍යංශයේ සිටියා නම් දිවි නැගුම නමින් දෙපාර්තමේන්තුවක් පිහිටුවන්නේ නැහැ. එය අපි ගත්තු පසුගාමී පියවරක්.
‘‘ඒ කාලයේ සිටි අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. නිලධාරීන් ද සාකච්ඡාවලට ඉදිරිපත් වුණේ නැහැ. කා අතරවත් සංවාද පැවැත්වුණේ නැහැ. තමන්ගේ සොහොයුරා ජනපති නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියා හිටපු ඇමැති හිතුවා. අමාත්‍යවරයාගේ කටයුතු කළ ආකාරය වැරැදියි.‘‘
ආර්ථික සංවර්ධන හිටපු ඇමැති වූයේ බැසිල් රාජපක්ෂ මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් එස් බී ගේ කට පළාතකම ගද ගස්සන එකක් වගේ , චික් විතරක් මෙහම මිනිස්සු තියා ගත්තට මහින්ද ට බූ හනස්සෙන් තලන්න ඕන (බ)
මෙන්න මේ දිවි නැගුම හුටපටේ නිසා තමයි ශිරාණි නෝනට දෝෂාභියෝගය ගෙනාවෙත් පනතට විරුද්ධව තීන්දුව දීපු නිසා (බ)
එස් බී ගේ හොර වැඩ ගැන කතා කරන්න කවුරුවත් නැද්ද? ඉස්සා ඔලුවේ අසූචි තියාගෙන මම සුදනා කිව්වලු. (බ)
ජනතාව එපා කිව අයගේ අදහස් වැඩක් නෑ. (ර)
දැන් ඉතින් කට්ටියටම බනින එක විතරයි.(හේ)
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යා යුතු නැති බව චන්ද දායකයෝ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්නා . ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එවැනි නොමිනිසුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට යැවීම නොවෙයි .(හේ)
මෙයා කියන ඒවා විශ්වාස කරන්න නම් බෑ.(හේ)
පැරදුනු පක්ෂයේ ඉන්න හැමෝම වැරදියි. මම විතරයි හරිදේ කළේ. (ර)
ඔබතුමා හරියට හොද දේවල් කරා වගේනේ කතා කරන්නේ. (හේ)
වැදි බණ.(හේ)
මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වුනත් ඔබතුම කියන කතාවේ ඇත්තක් තියනවා, හැබැයි ඔබතුමාලා සැබෑ ශ්‍රී ල නි ප පාක්ෂිකයන් නම් මේවා ඒ කාලෙම කතා කරලා විසඳ ගත යුතුව තිබු කරුණු. (ර)
ඔහොම කියන්නේ ඉස්සර එකපතේ කාපු අයම වීම හාස්‍යයට කරුණක් නේද? මොකද ඒ දිනවල මෙහෙම කතා නොකිවුවේ??? (නි)
නිවැරදි දේවල් කල ඔබතුමා පරාජය කල ජනතාව වෙනුවෙන් ඔබේ කැපවීම අගය කරමි. ඔහොම යමු ඇමතිතුමා.(හේ)
ක්‍රමේ කෙසේ වෙතත් ඒකාලේ වැඩ වුනා. රට දියුණු වුනා. අද කෝ වැඩ? (ර)
ඉස්සර හොරු ඔක්කොම රාජපක්සලට බෝලේ පාස් කරලා අද සුදනෝ වෙලානේ දිල්ෂාන්. බැලින්නම් ඔක්කොම හොරකරලා තියෙන්නේ රාජපක්ෂලා, අනිත් හැමෝම සුදනෝ ඉඳලා තියෙන්නේ. (ර)