දිවි නැගුම මුදල් වංචා කළ බව කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නඩුව ජුලි 22 විභාග කිරිමට මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය නියම කළාය.
බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ පහ බැගින් ද රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප ද නියම විය.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර උසාවි බාරයට ගත්හ. බැසිල් රාජපක්ෂ අද (10) පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටියේය.
ඡායාරූප - ඉෂංක සුනිමල්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිබියාවේ වගේ පැය 24 න් ගඩාෆිට සැලකුව වගේ නොසලකපු ජනතාව ගැනයි දුක. (බ)
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් කෝටි ගණන් නාස්ති කළ ආයතන වල වෙච්ච දේවලුත් සොයනවා නම් හොඳයි. අහිංසකයින්ගෙ සල්ලි නාස්ති කිරිම සහගහන අපරාධ. (බ)
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තු මගින් මෙහෙයැවූ ‘ඉසුරුමත් නිවහනක්‘ ව්‍යාපෘතියේ රුපියල් කෝටි 299 ක් ගසා කෑම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට සහ එහි ලේකම් ආචාර්ය නිහාල් ජයතිලකට සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ආර්.ඒ.ඒ. රණවක යන පිරිසට එරෙහි පරීක්ෂණය සම්පූර්ණයෙන් නිමා වී ඇත. (බ)
ඉමේෂ්, ඒ තමයි ලංකාවේ නීතිය. බඩගින්නට දරුවන්ට දෙන්න පාරේ තිබෙන බතල අලයක් හාරපු අසරණයට ඇපත් නැතුවම හිරේ යන්නේ මාස 6 කට බරපතල වැඩ ඇතුවයි. රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකාපු කම්බා හොරුන්ට නිවසේ ඉඳලම ඇපත් ලැබිලා, නිදහසුත් වෙනවා. බලන්න මොනතරම් සුන්දරද කියලා (නි)
ඒක හොදයි.(හේ)
පෙරේරා, නාලන්, යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
මේ පිරිසට එරෙහි පරීක්ෂණය සම්පූර්ණයෙන් නිමා වී ඇත.(හේ)
පෙරේරා, නාලන්, මෝඩයෙක් කියල ලෝකෙටම පෙන්වන්න එපා. ඔහෙලා වගේ "මොළ හෝදපු අය" ඉන්න රටකනේ අපිත් ඉපදුනේ අම්මපා! (නි)
අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා (නි)
දැන් ඇප ලැබුනානේ. ජනතා සේවයට බලය ඕනෑමයි කියලා දෙයක් නැහැ. පුළුවන් නම් කණ්ඩායමක් එකතු කරගෙන ගමක පාරක් කපලා දෙන්න. ඒ දණ්ඩක් දාලා දෙන්න. පන්සල් වත්තක් සුද්ද කරලා දෙන්න. වගාවක් කරලා ඵලදාව දුප්පත් ජනතාව අතරේ බෙදලා දෙන්න. එහෙමයි සැබෑ ජනතා සේවකයින්. (නි)
මට දුක එකම දෙයක් ගැන පමණයි. රජවරු, බිසෝවරු, කුමාරවරු, රජවරුන්ගේ සහෝදරවරු, සහෝදරවරුන්ගේ බිසෝවරුන්ගේ පව් හෝදන්න අසරණ මිනිස්සු පිට පටවන බදු ගැහිල්ල ගැනයි. කරුණාකරලා කොන්ද පණ තිබෙන කෙනෙකුට දැන්වත් දුෂණ වංචා හොයන්න දෙන්න. (නි)
පොලිසියේ මුල්ය අපරාද අංශයට අපේ ප්‍රණාමය. (ර)
ජූලි 22 ? කල් වැඩි නැද්ද. (ර)
අනුෂ්ක. ඒ කියන්නේ දඩුවම් දෙන්නේ නැහැ කියන එකයි. (ර)
ඇප නැති උනේ ඡන්දෙ දීපු අපිටයි. (ර)
පෙරේරා, තිලක්, වගේ අය මේ තිරයට නොලියා හිටියනම් හොදයි. (ර)
නැවත මෙවැනි දේවල් මේ රටේ ඇති නොවෙන්න ආදර්ශයක් දෙන්න. ජනතාව ලෙස අප බලාපොරොත්තු වන්නෙ එයයි. (ර)
රටේ ජාතික ධනය හොරකම් කළ අවභාවිත කළ නාස්ති කල කිසිම කෙනෙකුට සමාවක් නම් දෙන්න එපා. කරලා තියෙන දේවල් අහලා තමයි ජනවාරි 8 මිනිසුසු ඡන්දය දුන්නේ. මේවා කොනක සිට ඇල්ලුවේ නැත්නම් මිනිසුන් කලකිරෙනවා. ඒ නිසා ලොකු මධ්්‍යම සහ පොඩි හොරු සියල්ල අල්ලන්න. (ර)
කොන්ද පණ තිබෙන කෙනෙකුට දැන්වත් දුෂණ වංචා හොයන්න දෙන්න කියන කතාවට නම් සහතික ඇත්ත. (ර)
මුල්ය අපරාද අංශයට අපේ ප්‍රණාමය. (ර)
ඒ කියන්නේ මේ පර්යේෂණ වල මොනවා හරි අඩුපාඩු තියෙනවා. මෙහෙම දඩ ගහලා මදි. (ර)
මිනීමරු ප්‍රභාකරන් කල්ලිය සදහටම ඉවරයක් කරපු ,ජෙනරල් ෆොන්සේකාට සියලු පරීක්ෂණ බාර දෙන්න කියල ඉල්ලන්නේ ඒ නිසයි. (බ)
ඉගෙන ගන්න අනුන්ගෙන් යැපෙන්න නොව තමන්ගේ සහක්තියෙන් නැගිටින්න. (ර)
ඒ කාලේ ඇමතිලාට හොරකම් කරන්න උදව් කල අදටත් රාජ්‍ය ආයතන වල යහතින් ඉන්න අය ගැනත් බැලිය යුතුයි. මොන ආණ්ඩුව ආවත් පරාජය නොවන කට්ට්ය තමයි ඒ අය. වෙච්ච දේවල් හොඳටම දන්වා ඇත්තෙත් ඒ අයයි. (අ)
මම මේ දකින කළු කෝට් දමා කළු ඉරි සහිත ඇඳුමින් සිටින මහතාගේ කොණ්ඩය ඔහුගේ නොවේ වාගේ , තරුණ වෙන්න හැදුවත් මුහුණින් වයසක පෙනුමක් දකිනවා , එහෙත් දමා සිටින හෝ තිබෙන කොණ්ඩය ප්‍රමාණයට වඩා කළු කර තිබෙනවා , සල්ලි ඇති මේවා කරනට මන් සිතන්නේ (බ)
පැරශුටයෙන් ආවා, නෝනත් එක්කම මල්ල පුරවාගත්තා , වේගයෙන් මාරු වුනා, ඒත් අහුවුනා. මෙයාලව හිරේ දාන්නේ කවදද? (අ)
මෙහි සමහර අය දක්වන අඳහස් කියවන විට මට පුදුම හිතෙනවා. ඔවුන් ප්රෙබාකරන්ව පරාජය කිරීමත් ජනතා මුදල් කොල්ල කෑමත් එකට පටලවා ගෙන. යුද්දයෙන් ජය ගැනීම කිසිසේත් ජනතාවගේ මුදල් කොල්ල කෑමට බලපත්‍රයක් නොවේ. (ර)
මුල්ය අපරාද අංශයයේ බලය තව වැඩි කරන්න. නිදහසේ ක්‍රියාකිරිමට බලතල දෙන්න. (ර)
නෞෂි, ඔයාට නෙපෙනෙන එකට අපි මක් කරන්නද? නෙපෙනෙන එක අන්දඅයගේ ප්‍රස්නයක් මිස ඇස පෙනෙන කෙනාගේ ප්‍රස්නයක් නෙමෙයි. (ර)
විජිත් , හරි දේ කතා කරන තිලක් -ඩුබායි වගේ අයට ලියන්න එපා කියන්නේ . ඔයාලගේ මෝඩ අදහස් ටික අපිට කියවවන්නද? (අ)
මෙයාගේ හෙන්චයියෙක් ගලදාරි හෝටලයේ ඉහල මහලක කොටසක් කුලියට අරගෙන අවුරුදු ගණනාවක් 'සම්බන්ධීකරණ කාර්යාලයක්' කියලා දෙයක් පැය විසිහතරේම පවත්වාගෙන ගියා. වැඩි විස්තර දන්නා කෙනෙක් ඇත්නම් මෙයට ලියන්න.(අ)
සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. (ර)
ඇමති කෙනෙකුට කිසිදා තනිව සොරකම් කළ නොහැක. (ර)
මුල්ය අපරාද අංශයට ජයවේවා. (ර)
අදද ඇප ලැබුනේ? එතකොට මෙච්චරකල්...? දන්නෙවත් නැහැනේ අපි (නි)
නශාර් හරියටම හරි. ඉස්සෙල්ලම බෙල්ලෙන් අල්ලා ගන්න ඕනේ වටේ හිටපු ඕවට උදව් කල වාසි ගත්ත අය. (ර)
අපි ඔය වගේ වැරැදි කරානම් අපට කුමක් සිදුවේද?(හේ)
තිලක් ඩුබායි ගේ අදහස මමත් අනුමත කරනවා..(හේ)
දක්ෂ වැඩක් කරලා වගේ පිරිවරා ගෙන යන්නේ (ම)
කරන කලට පව් මීරිය මීසේ.. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
මිලානෝ, ඔයා මොනවද කියවන්නේ? හිරේ දාලා අපේ සල්ලි වලින් කන්න දෙන්නයි රෝහල් වල නතර කරන්නයි කියලද? අනේ හිරේ නම් දාන්න එපා. සොරකම් කළ දෙයක් වේ නම් නැවත හැකි විගස අය කරගන්න එකයි කෙරෙන්න ඕනේ. අනෙත් තැන් වලත් අහ්වුනොත් ගත්තු සල්ලි, නාස්ති කල සල්ලි නැවත ගන්න ක්‍රරමයක් හදන්න. (ර)
මහින්දට හොඳ වැඩේ අර ප්‍රභාකරන්ව විනාශ කළාට. නැවතත් ප්‍රභාකරන් කෙනෙක් ඉපදිලා මේ අයට නියම නීතිය මොකක්ද කියල කියා දෙනතුරු අපිට බලාඉන්න වේවි. (නි)
රටේ සාරය උරාබීපු මිනිස්සු! අන්තිමට අහිංසක මිනිසුන්ගේ දිවිනැඟුම සමහරුන්ගේ බඩනැඟුම වුණා (නි)