පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද මධ්‍යහන 12ට පමණ මාතරට රැගෙන ගියේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ඔහු මාතරට රැගෙන ගොස් මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මාතර උසාවි භූමිය අවට මේ වනවිට ආරක්ෂක රැකවල් යොදා ඇති අතර බැසිල් රාජපක්ෂගේ ඥාති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද උසාවි භූමියට පැමිණ සිටී.
බැසිල් අත්අඩංගුවට පෙ.ව. 11.36
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යන බව පොලිසිය කියයි. මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු අද (12) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බැසිල් එෆ්සීඅයිඩියට කැඳවයි - පෙ.ව.10.50
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි එහි ආරංචි කියයි.
බැසිල් රාජපක්ෂ මාතර බ්‍රවුන්ස්හිල් හි අක්කර එක හමාරක ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශ කර නැතැයි ඔහුට එරෙහිව මාතර උසාවියේ නඩුවක්ද පවතී.




![20160512_120406_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_120406_resized1.png)
![20160512_120343_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160512_120343_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරලත් මේ මිනිස්සුන්ට දඬුවම් නොදීපු නනිසා අදටත් රට කඩාකප්පල් කරන්න දඟලනවා.මේ මිනිස්සු කළ වැඩ රටම දන්නවා. එ්ත් ඒ මිනිස්සු දන්නේ නෑ දැන් ලෙඩ වේවි (බ)
කොට් ගණන් ඡන්ද වලට වියදම් කළ දන්සැල් දුන්න ෆෝන් බෙදපු හිටපු ඇමති තාත්තලා අල්ලන්නේ නැද්ද? (බ)
ප්‍රමාද වෙලා හරි කමක් නැහැ, ශක්තිමත් සාක්කි නැතුව නඩු පැවරුවොත් පොලිසිය අමාරුවේ. ඒ නිසා නිසි සාක්කි සහිතව නීතිය ඉටු කළාම නඩු විභාගය යද්දී කාටත් පෙනෙයි ඇත්ත නැත්ත. (බ)
ඇමති උෂ්ණෙ ගහලා හිටපු ඇමතිලා සමඟ එකට එකතුවි හොරවැඩ කළ අය තාම නිදැල්ලේ.(බ)
ඇයි අනවශ්‍ය ගනුදෙනු සිදුකළේ ? කවුද දන්නේ සහෝදරයා පරාජය ට පත් වේවි කියල..නේද ? (බ)
අැම්බියුලන්ස් යවනවා නම් එයාගෙ පුද්ගලික ධනයෙන් ඒක කරන්න කියන්න. හම්බ කරගත්තු සල්ලි ඇතිනේ ඕන තරම්. අපේ බදු මුදල් වලින් නම් එපා (බ)
ජනතා මුදල් නැවත ජනසතු කරනු (බ)
මාධ්‍ය සංදර්ශනය කරපු අය නම් හිටියා එ්කාලෙත් ඕන තරම්. (බ)
සංජීව. මේ ආණ්ඩුව වැට් වැඩි කරලා හරි රට බේරගන්න හදනවා. කලින් ආණ්ඩුව හිටියනම් රටම චීනෙට විකුණලා තමයි පස්ස බලන්නේ (බ)
උපාලි, සාක්කි ඉදිරිපත් කරන්න ඕනේ මෙයයි. තමන් මේ ඉඩම් ගත්තේ කොහොමද කියලා ඔප්පු කළ යුතුයි. එහෙම බැහැ කියන්නේ සල්ලි හොයන් තියෙන්නේ හෙලිකල නොහැකි අයථා මාර්ගවලින් කියන එකයි.(හේ)
වීරයා වගේ කිරුලපන රැලියට යන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගත්තනම් මේ කරදර නැහැනේ? එක්කෝ එදා ගාල්ලටම ගියානම් ඔක්කොම ගොඩ. (හේ)
රජකම් කලත් කළකම් පලදෙන්න එපැයි. හැබැයි ටිකක් පරක්කුද මන්ද? (හේ)
දැන් මේ සිද්ධියෙන් වැට් කතාව අමතක වෙනවා කට්ටියට.(හේ)
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඇයි මේ හිනා වෙලා ඉන්නේ? ඒක හිනා වෙන් ඕන කාරණයක්ද මෙයාට?(හේ)
කුමක් සිදුවේද ?(හේ)
හිනා වෙන්නේ ඇමැතිකමක් හම්බවෙලද?(හේ)
මෙහෙම සෙල්ලම් කරලා කාලය කා දමලා බැහැ (හේ)
මොන දඬුවම් ලැබුනත් හිනාවෙන් පේනවා මේවා කිසිවක් ගැන ගණන් ගන්නේ නැති බව (නි)
අද හවස අසනීපවෙයි කියලා හිතෙනවා (නි)
අත්අඩංගුවට අරගෙනත් තාම ඉන්නේ හොඳට හිනාවෙලානේ. ඒ ඔයවගේ නඩුවලින් බේරෙන්න පුළුවන් කියන විශ්වාසය නිසා වෙන්න ඇති. (නි)
මහ බැංකු හොරුන්වත් අල්ලනව නම් තමයි හොඳ (බ)
අයියත් එක්කම ගියානම් දුක සැප බෙදාගෙන ඉන්න තිබුන (බ)
මේවා පෙන්න පෙන්නා නම් රටේ ප්‍රශ්න වහන්න බැරිවෙයි. දැන් පොදු ජනතාව හුඟක් බුද්ධිමත් (නි)
බලන්නකෝ අත් අඩංගුවට ගත්තත් මුහුණේ තිබෙන සිරියාව සිනහව , ඔවුන් දන්නවා ඇති මේවා එකතරා විදියක ජනතාව රැවටිමේ සංදර්ශන කියා , මේ එහි එක්තරා නළුවෙක් පමණය (බ)
හෝටලයක් ඉස්සරහ ඉන්නෙ ඇයි? කාපුවා මදිවට තව කන්න අරන් දෙන්න ගියාද ? (බ)
මෙයා ගැනනම් අපිට කොහොමත් ප්‍රසාදයක් නැහැ. ඒත් ඉතින් අනුවණ ඡන්දදායකයා ඔක්කොම බදු ප්‍රශ්න අමතක වෙන්න කියලා මේකෙන් පොඩි හරි සතුටක් ලබාවි. හැමෝටම ඕනෑ ඒකනේ. (නි)
පුළුවන් නම් කියන්න ලංකාවේ අද වෙනකොට ඇමැති කෙනෙක් වැරැදි කෙරුව බවට ඔප්පු වෙච්ච සාධ තියෙනවද?(හේ)
අැ පදෙන්න බැරි වෙන්න මුදල් විශුද්දීකරන පනත යටතේ නඩු. (හේ)
බලන්නකෝ තියෙන සතුට. ඇමති කමක් ලබුනටත් වඩා සතුටින් ඉන්නේ. හවස් වෙනකොට පපුවේ අමාරුවක් හැදිලා, ඉස්පිරිතාලෙක සැප කාමරයකට යන්න පුළුවන් වෙයි.(හේ)
බැසිල් හොඳ කෙනෙක්. හොරකම් කරන කෙනෙක් නොවේ. වංචාව හොරකම පෙන්නන්න බැහැ. එනිසා හදවත යටින් හිනැහෙනවා. එහෙත් සිනාවෙන් පෙනෙන්නේ වෙනත් දෙයක් (නි)
කළුතර ,කුරුණෑගල ,ගම්පොල ,මේ අයවවත් ඉක්මන්නිම අපි බලාපොරොත්තු වෙනවා (බ)
පරක්කුවුණා වැඩි නැද්ද (බ)
හොදට ඵලදාව තියෙද්දී, අවාරෙට වැටෙනවා වගේ වැඩක්. හැමටම කලින්, මහින්දට කඩේ යන පොලිසියේ ලොක්කෝ ටිකට පියවරක් ගන්න ඕනේ. එතකොටයි,දුන් පොරොන්දු සහ සාධාරණය ඉටු කරන්න පුළුවන් වෙන්නේ. (බ)
දැන් හරි වගේ.(හේ)
ඔබට සතුටුයිද දැන්.(හේ)
මේවා නිකන් ෂෝ එකට කරන වැඩ හැටියටයි අපි නම් දකින්නේ. ඇරෙස්ට් කරන්න පුළුවන්. නඩු දාන්නත් පුළුවන්. එත් ප්‍රතිපලය? (ර)
ප්‍රස්නයක් නැහැ, අසනීපවෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙයි. (ර)
දැන් ඔන්න අසනීප වෙයි.....අැම්බුලන්ස් ..රෝදපුටු ඕනේ වෙයි ...ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න වෙයි .....(ම)
වැට් එක ඔය තරමටම ජනතාවට වැදිලා වගෙයි (ම)
වැඩිවූ වැට් එකට සහනයක් ලෙස මෙවැන්නක් සිදුවන බව සමාජ ජාලවල පසුගිය දිනවල පළවූ අනාවැකියක් සපල වී ඇති බව සතුටින් දැනුම්දෙමු. (ම)
දැන්නම් කෙලින්ම ඉස්පිරිතාලේ තාමයි (ම)
ගමගේ කියන ටික තව දවස් කීපයකින් අහන්න පුළුවන් වේවි.(බ)
ඒ කාලේ ආන්ඩුවේ ආයතන වල හිටිය ලොකු ලෙක්කොත් ඉඩම් නම් දෙක තුනක්වත් අවම වශයෙන් ගත්තා . ඒවත් හොයන්න. ඒ අය තාම ඒ තැන් වලම ඒ පුටුවලම ඉන්නවා. පවුලේ වත්කම් සොයා බලන්න. (බ)
විල්පතුව විනාශ කරන්න මෙයා ගොඩක් උදව් කළා රටේ ජාතික සම්පත් වැනසීමට බලය අයථා ලෙස පරිහරණය ගැන හිරේ දාන්න ඕනි (බ)
අහිංසක ලෙඩෙකුට යන්න තියෙන අැම්බියුලන්ස් එහෙම ඒසි දාගෙන උසාවි ළඟ පැය ගණන් නතර කරලා තියන්නේ යවනවා එහෙම නෙමෙයි ඕන්. (බ)
කිරුලපන මැයිදින සැමරුව සංවිධානය කළාට තෑගි වෙන්ටැ...(බ)
දැනට පරාද වෙලත් ඇමතිකම් අරන් රැකවරණය ලබන අයත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. (බ)
හුසේන් මොහමඩ් හරි. තදබල මහින්දවාදින් තවම ආන්ඩුවේ ආයතන/කාර්යාංශවල සැපට ඉන්නවා. දැනට මේ පැත්තට හේත්තුත් වෙලා වගේ රඟපෑවට හිත තියෙන්නේ අනෙක් පැත්තේ. කරන තරමක් කරන්නේ යටිකුට්ටු වැඩ. (බ)
ජනතා මුදල් නැවත ජනසතු කරනු. වැරදි කරුවන්ට දඬුවම් කරනු , යහපාලනයට අගයක් දෙමු (බ)
ප්‍රමාදය පසුතැවිමට මුලයි. මේ අය තනිවම කළේ නැහැ. උල්පන්දම් දිපු කටු ලෙවකෑ නිලධාරින් කෝ? (බ)
මොනවා කරන්නද ආණ්ඩුවේ බැරිකම වහ ගන්න මාධ්‍ය සංදර්ශනය ... වැට් වැඩිවීම වහගන්න දගලන ළදරුවෝ (බ)