
( නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ නිවසක බිත්තියක්ද පෙරලාගෙන අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් බස් රථයේ රියැදුරු සුළු තුවාල ලැබූ අතර එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලීසිය පවසයි.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දරුවෙකු සහ යුවළක් සිටියද ඔවුන් ඇතුළු කාමරයක සිටීම නිසා නිවැසියන්ටද කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
බසය අනතුරට ලක්වන අවස්ථාවේ මගින් තිස් දෙනෙකු පමණ මෙහි ගමන් ගෙන ඇති අතර පාසල් ගුරුවරුන් ඇතුළු කාර්යාල සේවකයින් රැසක් දෛනිකව ගමන් ගන්නා මෙම බස් රථයේ ගමන් ගත්තද අද(10) ඉරිදා දිනයක් වූ හෙයින් මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවද අනතුරට ලක් වූ බස් රථයේ සිටි මගීහු පැවසූහ.

2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක් නිවසකට කඩා වැදිලා
Che Sunday, 10 November 2024 11:20 AM
Chemistry බස් කාරයෝ යන්නේ උඩින්. මොවුන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?