හබරණ පොලොන්නරුව මහ පාරේ හබරණ මින්නේරිය දේවාලය අසලදී වල් අලියෙකුගේ ඇගේ හැපුනු පෞද්ගලික බසයක් ගසකද වැදී පෙරලී රියදුරා ඇතුළු හය දෙනෙක් සදුදා රාත්‍රියේ තුවාල ලැබූහ.
කදුරුවෙල සිට කොළඹ බලා ආ බසය මේ අනතුරට ලක් විය.
දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරු බස් රියදුරන්ට මරණ දඬුවම දිය යුතුයි. අලියෙක්ගේ ජීවිතයත් මනුස්සයෙක්ගේ ජීවිතය වගේම වටිනා ජීවිතයක්. අපි හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙන්න ඕනෑ. ඒක උදුරගන්න රියදුරන්ට හෝ වෙන කාට හෝ ඉඩනොදිය යුතුයි (දී)
අනේ පවු අසරණ සතා! ඔය අලියා හැමවෙලේම ඔය හරියේ ඉන්නවා. බස් එකේ රියදුරු පොට්ටයෙක්ද අලියා නොපෙනෙන්න? (දී)
ඔය ගමන්ම රියදුරාත් මියගියා නම් රටට සෙතක් (දී)
මේවා තනිකරම දේශ පාලකයන්ගේ වැරදි ලංකාවේ අලි වඳ කරලා දාන්ඩයි හදන්නේ . පාර විතරක් කාපට් කලාට මදි පාර දෙපැත්තේ ගස් කපල සුද්ධ කරලා තිබුනානම් අලියා පාරට එන්න කලින් රියදුරාට පේනවා (අ)
අනේ අලියා නම් පව්. අලියට ලැබුණු ප්‍රතිචාර දැකලා මාත් අලියෙක් හරකෙක් වෙලා උපන්නා නම් මේ ලක් පොලවේ කොච්චර ගෞරවයක්ද කියලා හිතෙනවා. මොකද ඊයේ පෙරේදා දවසක උලපනේ අධ්‍යක්ෂකවරියක් සමෘර්දි නිලදාරීන් හා තව තුන් හතර දෙනෙක් මැරිලත් මෙච්චර අදහස් ආවේ නැහැ.රට සත්තුන්ට ගිහිල්ලද කියලා හිතෙනවා. මොකද වෙන්නෙත් ගොඩක් සත්ව වැඩනේ ( හරක් බලු ගොන් බූරු වගේ ) (දී)
අලියට බයවෙන්න ඇති. මිනිස්සු ගස් කපලා පරිසරය දුෂණය කරලා ඒ සල්ලිවලින් කඩයප්පම් අලින්ට දෙන එක නවත්තලා උන්ගේ කැලේ උන්ට දෙන්න ඕනෑ. (දී)
අනේ පවු අසරණ සතා! (අ)
අලියෙක් පාරෙ ඉන්නව නොදැක්ක රියදුරා අන්ධයෙක් වෙන්න ඕනෑ. නැත්නම් පිස්සෙක්. එයාගෙ ලයිසන් එක ජීවිතාන්තයටම අහෝසි කලොත් හොදයි. නැත්නම් ඊලග වතාවෙ මිනිස්සුන්ව යට කරනවා ෂුවර්. (දී)
සුගත්, අලියෙක් කියන්නේ බල්ලෙක් පුසෙක් වගේ පරපනින සතෙක් නෙමේ. මේ බුරු රියැදුරාව හිරේ යවල ලයිසන් එක කැන්සල් කරන්න ඕනි (අ)
ප්‍රගීත්, ඔබ ඇතුළු අනෙකුත් සත්ව කරුණාව ඇති අයටත්, අනතුරට පත්වී ඇති මේ රියදුරාටත්,මගීන්ටත් සිදුවී ඇති විපත්තිය නොපෙනේද? මොළය පාවිච්චි කර, මේ දමා ඇති පින්තුර හොදින් නිරීක්ෂණය කරන්න. එවිට වැටහේවි අලියා පාර මැද සිටියෙකු නොව, එකවිටම පාර හරහා පැන ඇති අලියෙක් බව.මෙවැනි අවස්ථාවක ක්ෂණිකව වාහනයේ වේගය පාලනය කරගන්න හැකි යැයි ඔබ සිතනවා නම්,කරත්තයක් හැර වෙන වාහනයක් පදවපු කෙනෙක් වෙන්න බැහැ.මෙම අනතුරට දොස් කිව යුත්තේ මේ අසරණ අලියාටවත්,රියදුරටවත් නොවේ.වන්දනාවේ යන අතරතුර පහසුවෙන් පින් ලබා ගැනීමට සතුන්ට කෑම දෙන මෝඩ මිනිසුන්ට හා වන ජීවි නිලධාරීන්ටයි.වන සම්පත් රැක ගැනීම මිනිසා සතු පරම යුතුකමක් බව මෙහි අමුතුවෙන් ලිවිය යුතු නැහැ.මිනිසුන් කෙරෙහි ද්වේශයෙන් බලන ඔබලා පසුපස අලියෙකු හඹා ආවා නම්, සත්ව කරුණාව හොඳින්ම දැනෙනු ඇත.මිනිසුන්ට වඩා සතුන්ට කාරණාව දක්වන ලෝකයේ එකම රට යයි වාර්තා පොතට එක්වීමට ද අපට බැරිකමක් නැත. කෙසේ වුවත් මිනිසුන්ගේම වරදින් ජිවිතයෙන් වන්දි ගෙවූ අලියා ගැනත් අනතුරට පත්වූවන් ගැනත් බලවත් කණගාටුව. (දී)
මේ කවුරුවත් හිතන්න දන්නෙ නැද්ද රෑට කළුවරේ කලුපාට අලි දෘෂ්‍යමාන වීම අඩුයි කියලා. (දී)
පාරේ ඉන්න අලි පෙනෙන්නේ නැති මෙහෙම රියදුරන්ගෙන් මගීන් කොහොම ජීවිතේ බේර ගන්නද? අපේ රියදුරන්ට හික්මීම, සංයමය,කරුණාව,ඉවසීම වගේ වටිනා ගුණයන් පුහුණු කරන්න ඕනෑ.මෙහෙම ගියාට බස්වල ගහලා තියෙන්නෙ, බුදු සරණයි,ජේසු පිහිටයි, කතරගම දෙවි පිහිටයි වගේ දේවල්. අනේ මන්දා අපි අනාගතේ කොහේ යාවිද කියලා. (දී)
අනේ අලියා නමි පවි බස් එකත් කැලේ නේද (අ)
අර බණ්ඩා කියන එකට ලොක්කෝ කැමති වේවි. මොකද එයාලට ඕන කරලා තියෙන්නෙත් ලංකාව කාන්තාරයක් කරන්නනේ. එහෙම උනාම අලි ඉන්නවා හොදට පෙනේවි. සතුන්ගේ ජනාවාස, ගැවසෙන පළාත් සංරක්ෂනයක් කර නැති බව නම් පැහැදිලි වෙනවා. ""අලියට නිවන් සුව ලැබේවා".(නදී)
සුදත් ඔබේ කතාව හරි බෞද්ධ කියලා ලේබල් ගහගත්තු රටක තවම ගස් ගල් වන ආරාම සරණ යනවයින් මෙවැනි කරදර වෙන එක නවත්තන්න බැහැ.තෘෂ්ණාව නැති කරන්න කියන තැන ඉන්න ඕනේ බෞද්ධයෝ අද අධික තෘෂ්ණාවෙන් පින් කරගන්න ගිහින් මෙලොවත් පරලොවත් දෙකම ඇන ගන්නවා. (අ)
ඔය අලියව දන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් එයා පොළොන්නරුව දිහාට ගිය කෙනෙක් නමි වෙන්න බහැ. හරිම අහිංසක කාටවත් කරදරයක් නැති සතා ඔය බස් එකට හැප්පිලා ඉන්නේ.(නදී)
සමහරක් අදහස් දාපු අය රෑක මේ පාරේ ගිහින් නැද්ද? මෝඩ විදිහට හිතලා අදහස් දාලා තියෙන්නේ (දී)
සාන්ත අන්තෝනි බස් එක. බොහොම පහතින් පියාඹන්නේ ඔහොම වෙලා සෙනග ටික බේරුනා ඇති. (ස)
මේ මනුස්සයාට පෙනුනේ නැද්ද මේ තරම් ලොකු අලියෙක් (දී)
ලංකාවේ තියෙන්නේ කොන්ක්‍රීට් සංවර්ධනයක් විතරයි (දී)
මොකද මේ සුදු අලියෙක්ද? (අ)
රියදුරාට මොකද වෙලා තියෙන්නේ ෙ ජනාදිපති තුමින්නි ඔබේ අවදානයට (අ)
පව්.අපරාදයක්.අය විදුලි වැටක් නැද්ද මේ පළාතට? (අ)
මේ සතාගේ මරණයට ජනතාව වගකිව යුතුයි මන්ද වනජීවී නිලධාරීන් පුන පුනා කියද්දීත් වන සතුන්ට මහා මග කෑම දීම නතර කරන ලෙස ජනතාව ඔවුන්ගේ අසාවන් ඉස්ට කර ගෙනෙමත් විනෝදයත් සදහා එය නතර නොකරයි එහෙයින් සතුන් මාර්ග වලට එම දිනෙන් දින වැඩිවේ තවද සතුන්ගේ වසබුමි ජනතාව බලෙන් අත්පත් කර ගැනීම නිසා ඔවුන් ගම් හා මාර්ග වල සැරි සරන්නට පටන් ගෙන ඇත තවද හබරණ මාර්ගයේ මේ සතුන් එන්න බව දනිද්දී මේ බසය ඉතා වේගයෙන් පෙමින ඇති බව අනතුර දුටු හැමටම හොදින් වැටහේ එයද වරදකි (අ)
ලංකාවේ සැම පැය 72 වරක් කුමක් හෝ හේතුවක් නිසා අලියකු මිය යනවයි කියනවා. තත්ත්වේ එසේ තිබියදී පාරවල් ගානේ හරක් මරන්ට එපා කියන උදවිය මොකුත් කියනකන් මන් මේ බලන් උන්නේ.(අ)
අයියෝ සංසාරේ අලියෙක් පෙන්නේ නැති බස් රියැදුරාට මිනිස්සු නොපෙනෙන එක අරුමයක්ද?පව් අසරණ සතා (අ)
අර සමන් කියන මෝඩයත් බස් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද? මෙහෙමත් මිනිස්සු? (දී)
අයියෝ අලියා ...! (දී)
අලියා වුනත් කහ ඉරෙන් පැන්නේ නැත්තම් සොරි තමා! (නි)
අලියෙක් වත් නොපෙනෙන පුද්ගලික බස් රියදුරන්.... පව් අහිංසක සතා. (දී)
වෙලා තියෙන දේ නොදැන රියදුරුට බනින එක වැරදියි. (දී)
මේ ප්‍රදේශයට වේග සීමාවක් පනවන්න ඕනෑ. අලියා මැරූ වරදට දඩ හා සිර දඬුවම් පැනවිය යුතුයි. පුද්ගලික බස් රියදුරන් මිනිසුන් පමණක් නොව අලිත් යට කරනවා. මේවා ජාතික අපරාධ (දී)
මම දන්නවා කවදා හරි කාලයක් එනවා ඩයිනොසෝරස් වෙච්ච දේ අලියාටත් වෙන (දී)
මුන් දන්නේ නේ කුමන හෝ ජීවිතයක වටිනාකම. රුපියල් වලට ඒ ඔක්කොම යට කරලා. පාලකයන්ගේ වෙරදි මේවා. (අ)
Sattu karana wada nisa uge jeevite nati una. රෂීනා මෝඩකම ප්‍රදර්ෂනය කරන්න එපා.ගෙදර අරන් යන කතාවක් ගැන නෙමෙයි කවුරැත් කතා කරන්නෙ, අනතුර ගැනනෙ.අලි ඉන්නෙ කැලේ මිසක් ගෙවල් වල නෙවෙයි.පවු අහිංසක අලියා.සත්තු කරන වැඩ නිසා ඌට ජීවිතය නැති වුනා. (අ)
පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපුඑකා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල. (අ)
වෙන රටවල වනාන්තර හරහා යන මාර්ඝ වල විශේෂ නීති තියනවා, විශේෂයෙන්ම වේග පාලනය, සතුන් හරහා යන ස්ථාන වල විශේෂ ලකුණු, ඒමවාහන වල තිබියයුතු විදුලි පහන්, නලා ආදිය. මේ නීති ලංකාවටත් දාලා ඒවා පිළිපදින්න ක්‍රමයක් හදාගන්න ඕන සතුන් ආරක්ෂා කරන්න. (අ)
රට සංවර්ධනය කියා කියා පාරවල් කාපට් කලාට කමක් නැත. අපට එක දෙයක් දැන් බොහොම පැහැදිලිය. එනම්, කිසිදු බලධාරියෙකුට හෝ නිලධාරියෙකුට හෝ රටේ වන සම්පත, එහි වෙසෙන සතා සීපාවුන් ගැන අල්පේච්චවූ හෝ කැක්කුමක්, එය රැකගත යුතුය යන අභිමානයක් හෝ නොමැත. ලංකාවේ මීට දශකයකට පෙර තිබු සෞන්දර්ය යුද්ධෙන් පසු නැත්තටම් වී ඇති සැටි අපට පැහැදිලිවම පෙනෙන්නට ඇත. අලි රජිදුනි නැවත කිසිකලෙක ඔබලාට ආදරය නොකරන මිනිසුන් අතර නොයිපදී මෙවන් විපතක් නොවේවා...!!! (අ)
මේකේ ලියලා තියෙන හැම මනුස්සයෙකුටම පිස්සු. මොකද කිසිම දෙයක් හිතලා බලලා නැහැ. අලියා ගැන දුක නම් දරු කමට හදාගන්න ගෙදර අරන් යනවලා. (නදී)
පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කෙනා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති කෙනා මිනිහෙක් ඉන්නවා දකියිද? ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ.පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට.ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල.වෙන රටක මෙහෙම දෙයක් වුනානම් රියදුරු අඩුම ගානේ අවුරුදු දෙකක්වත් හිරේ. ඒත් ලංකාවේ මිනිස්සුන්ටවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කොට සත්තුන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? (දී)
තණකොළ කන "ජනතාව" මේ අලින්ට කෑම දීලා පාරවල් වලට හුරු කරන්න එපා.මුන්ට මිනිස්සු කීම සුදුසු නැහැ. (දී)
තනිකරම රියදුරාගේ නොසැලකිල්ල. මහමග සතුන් ගැවසෙන බවට අනතුරු ඇගවීමේ පුවරු සවිකර තිබෙනවා. එමෙන්ම රියදුරු නිතර යන එන මග නිසා ඔහුත් අත්දැකීමෙන් ඒ වග දන්නවා (දී)
රෑට වාහන පදවනකොට අලියෙක්, හරකෙක් පේනවා අඩුයි. (දී)
සමහර නොසැලකිළිමත් මිනිසුන්ගේ ක්‍රියාකලාප නිසා අහිංසක අලින්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවීම ගැන සියලු මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් අලින්ගෙන් සමාව අයදිමි.. (දී)
රියදුරාට විතරක් බනින්න එපා. අලි එකපාරටම පාරට පනිනවා, අලි ගැන දන්නා අය මේ ගැන දන්නවා. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ අලියට කෑම දුන් (පාර අයිනේ) මෝඩ මිනිසුන්ගේ හා අවිධිමත් සංවර්ධනයෙයි (නි)
මහ පාරේ ඉන්න මෙච්චර ලොකු අලියෙක් දැකලා අනතුරක් වළක්වාගන්න බැරි නම් පාරේ ඉන්න මිනිසුන් ගැන කවර කතාද? (දී)
මේ වල් අලියකු නොවේ. මේ වන අලියෙකි. (ත)
ඔයින් ගියා ඇති (අ)
මේ බස් එක සුන්ගාවිල කොළඹ දුවන එක නම් රියැදුරා ගැන කියලා වැඩක් නැහැ (දී)
රියදුරාට පෙනුනේ නැද්ද අලියෙක් පාරේ හිටියට පේන්නේ නැද්ද ඉතින් කොහෙද මිනිස්සු දකින්නේ.(නදී)
අලියෙක් පේන්නෙ නැති රියදුරාට මිනිහෙක් පෙනේවිද? (දී)
මේ අලියා දේවාලේ ගාව ඉන්නවා කියලා ඔය පාරේ යන ගොඩක් මිනිස්සු දන්නවා. මේක රියදුරා ගිය වේගය වැඩි කමින් වෙච්ච දෙයක්. ඔය හරියේ රෑ බස් යන විදිහ අපි දන්නවා. (දී)
කපුටන්ට, බල්ලන්ට, බළලුන්ට වගේම කැලේ අලින්ටත් කන්න මොනවහරි දුන්නහම මතු භවයේදී දිව්ය භෝජන අමුර්තෙත් එක්කම නොවැරදීම ලැබෙනවා කියා හිතාගෙන ඉන්න, වැරදීමකින් මිනිස් යෝනියේ ඉපදුනු, පෙරේත මිනිස් ආත්මවලට දුර නොපෙනෙන එක පුදුමයක් නොවෙයි. (අ)