යාපනයේ සිට දියතලාවට පැමිණෙමින් තිබූ බසයක් කොත්මලේ රම්බොඩදී අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරලී 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල කරුවෝ කොත්මලේ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුලත් කරනු ලැබූහ.
යාපනයේ සිට දියතලාවට පැමිණෙමින් තිබූ බසයක් කොත්මලේ රම්බොඩදී අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරලී 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල කරුවෝ කොත්මලේ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුලත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රියදුරෝ බස් පදවන්නේ තරගෙට. එයාලට ඕන ජීවිත රකින්න නෙමේයි. මේ වැසිබර කාලගුණයක් තියෙද්දි සැලකිලිමත් විය යුතුයි විශේෂයෙන් මෙවැනි කඳුකර ප්‍රදේශ වල ගමනා ගමනයේදී. ආරක්ෂක වැටවල් අවශ්‍යයි. නමුත් දැම්මත් මෙවැනි සිදුවීම් හමුවේ ඒවායේ පැවැත්ම අඩුයි.(නදී)
ඔව් මොහමඩ් රිස්වාන්, එහෙ මෙහෙ වගේ වංගු නැනේ. තනිකර කාන්තාරෙනේ.(නදී)
මොහොමඩ් රිස්වාන්ට දන්නේ සෞදියේ මෙහෙම තමා කියන්න විතරයි. ගෙම්බා දන්නේ ලිඳ ඇතුලේ දේවල් විතරයි වගේ. යුරෝපයේ නම් රියදුරෙකුට පැය හතරකට වඩා වාහන පැදවීම තහනම්. මහන්සිය වැඩි කමට රියදුරාට නින්ද යන්න ඇති.(නදී)
රිස්වාන් දන්නවනේ සෞදියේ මෙහෙ වගේ නිදාගන්න බැහැ කියලා. නිදාගත්තොත් ඊළඟ දවසේ ලංකවේ.(නදී)
වාහනේ තියෙන විදියට කාටවත් ලොකු කරදරයක් නොවුන එක වාසනාවක්. සියළු දෙනාටම ඉක්මන් සුවය පතමු.(නදී)
අනේ මේ සම්පත්, මෙච්චර කල් රිය අනතුරුවලින් මැරුනෙ සා.පෙළ අසමත් අය විතරමද? (නි)
ෆස්රුල් ඔයා වගේම් මමත් මේ අය අදුරනවා. ඔයා ලංකාවේ කොහෙද ?කටුගස්තොටද ,මාතලේද ?.(නදී)
වැහි දවස්වල ප්‍රවේසමෙන් රිය පෙදවිය යුතුයි. නින්ද ගියාද දන්නේ නෑ.රියදුරු මහත්තයාට?(ස)
කණගාටුයි.(නදී)
ඔබ මෙය පළකරා වගේම අදාල ස්ථානයේ ආරක්ෂක වැටක් දැමීමට බැරි උන හේතුව අදාල ප්‍රදේශයේ මාර්ග එන්ගිනේරුවගෙන් විමසන්න. වගකීම ඔහු සතුය. අඩුතරමින් ඔහු මේ ගැන රජයට යෝජනා කර ඇති බවට හෝ විමසන්නේ නම් මැනවි තවත් පුවතක් එන්නට කලින්.(නදී)
මෙම සිද්දියේදී කවුද හරි කියල කියන්න බෑ. නමුත් පුද්ගලික බස් රියදුරන් විතර නොහික්මුණ කරදරකාරී පිරිසක් පාරේ තවත් නැ. හේතුව නුගත් කම.(නදී)
මේවා ඔච්චාර ගණන් ගන්න එපා. ස්වාභාවික දේවල්. (ස)
අපි හැමදාම කියනවා වගේ වාහන බලපත්‍ර සඳහා සා.පෙළ වත් අනිවාර්ය කල යුතුයි. (ස)
පොඩි දුරක් යන බස් එකක්ද. එක්කෙනාම වෙන් ඇති පදවන්න ඇත්තේ.(නදී)
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. රියදුරු මහතුනි, වැසි දිනවලදී ප්‍රවේසමෙන් රිය පදවන්න.(නදී)
නයිට් රයිඩර් වගේ.(ස)
මග මරුවා සමග වාසේ හොද නෑ. (ත)
කාටවත් බැනලා වැඩක් නැහැ, අනතුරු කිය කියා එන්නේ නැහැ. ලොකු දෙයක් මෙයින් නැවතුන එක ගැන. (ස)
ඉස්සරනම් ඔය පාරේ නිතරම මේ වගේ අනතුරු සිද්ද උනා. එත් පාර කාපට් කලාට පස්සේ ඔය වගේ අනතුරු සිද්ද උනේ බොහොම අඩුවෙන්. මෙහෙම දෙයක් සිද්ද උනේ අවරුදු ගානකට පස්සේ.(නදී)
සශික. ලංකාව එච්චර ලොකු රටක් කියල හිතුවද. සව්දියේ කිලෝ මීටර් 1200 ක් එලවන්නෙත් එකම රියදුරා තමා.(නදී)
අනේ පවු මේ රියදුරු මහත්තයව මා හදුනනවා. රාත්‍රී 10.20 ට පමණ කටුගස්තොට නගරයට එනවා, මම මේකෙන් තමා මාතලේට යන්නේ. ඉක්මන් සුවය පතමි සියලුම දෙනාට ! (ස)
මනෝජ් - සාජා, මම නුවර (කටුගස්තොට පාරේ) මේ බස් එකේ මම යන්නේ රෑ වෙලා මාතලේට යන්න වුනාම.(නදී)
රිස්වාන් ඔයාලට මොනවා වුනත් මතක් වෙන්නේ සෞදි අරාබිය විතරයි නේද?(නදී)
මේ අපේ ආමි කොල්ලෝ යන බස් එකද? (නි)
අනේ මේ ශාන්, ඔය වගේ මෝඩ කතා කියන්න එපා. ඔයාට එහෙම දෙයක් වුණා නම් තේරෙයි. (නි)
රිස්වාන්, සෞදි වල කිලෝ මීටර් 5000 ක් වුනත් එක් කෙනෙකුට වාහනය පදවන්න පුළුවන්. මේ ගමන් මග යාපනය - දියතලාව කඳු, බැවුම්,වංගු, තැනිතලා, මේ සියල්ල පහුකරමින් යන ගමනක්. ඉතාමත් සුන්දර පරිසරය මගීන් වන අපි භුක්ති විදිමින් ගමන් කරත් රියදුරු මහතාගේ වෙහෙස කියන්න වචන නැහැ. ඒ නිසා අපිට ලංකාවයි-සෞදි අරාබියාවයි සංසන්දනය කරන්න අපහසුයි. මහනුවර නගරයට රාත්‍රී 10.5 ට පමණ ලඟා වෙනවා. එහෙනම් හිතලා බලන්න යාපනය යනකොට කොහොම තියේද? (නි)
උදෙන්ම ලංකාදීපයට ගොඩවුන ගමන්ම දැක්කේ හිත සසල කරවූ දෙයක්. දිනපතාම අපිට දැන් ලංකාවේ රිය අනතුරක්, දෙකක් අහන්න ලැබෙනවාමයි. තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය පතමි...!!! (ස)