දෙහිවල විහාර මාවතේ අසල සිකුරාදා රාත්‍රී පැවැති එජාප පළාත් සභා ඡන්ද වේදිකාවක් කඩා වැටෙද්දී එහි සිටි රෝසි සේනානායක, රංජන් රාමනායක හර්ෂ ද සිල්වා ඇඇතුළු පිරිස වේදිකාවෙන් පැන තුබාල නොලබා බේරුණ බව එජාප ආරංචි කියයි. වේදිකාව බැඳ තිබූ කම්බියක් පාරේ ගිය බසයක පැටලීමෙන් වේදිකාව කඩා වැටිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන් සීයේ ,සීයාගේ වගේ මොලේ මෝරලා නැහැ තවම කට්ටියගේ. (නදී)
අනතුරු වළක්වාලිය හැකි සහ අවදානමක් නොවෙන විදියට බුද්ධිමත්ව කටයුතු කිරීම සම්බන්ධව නම් අපේ බොහොම දෙනෙක් ඉන්නේ බොහොම පහල මට්ටමක. රැස්වීමක් හෝ ප්‍රදර්ශනයක් පැවැත්වුවත් මොනවා හරි අනතුරක්. එදිනෙදා ජීවිතයේ අනතුරු වලක්වා ගන්න හැටි ගැන මිනිසුන්ව දැනුවත් කළොත් හොඳයි වගේ මට හිතෙන්නේ. (ස)
කවුද මේ සංගීත භාන්ඩ වලට අඩන්නේ.(නදී)
රනිල් මහ්තයෝ, දැන්වත් තරුණයින්ට තැනක් දෙන්ඩ. ඔබ තුමා හිටියට කමක් නැහැ ඔය නායක මණ්ඩලය විසුරුවා හැර සජිත් මහත්තයට මී ළඟ නායකත්වය දෙන්ඩ. මේදා මැතිවරණයෙන් දිනන්නේ ජේ.වී.පි සහ එස්.එප් ගේ පක්ෂයයි. (නදී)
අත් දෙකේ මස් ගොබ හදා ගත්තාට හර්කියුලිස් වෙනවානම් අපේ ගමේ හර්කියුලිස්ලා ඕනේ තරම් ඉන්නවානේ? මස් ගොබයි හැකර කටයි තිබුනාට මදි,මොළෙත් නියම තැන පිහිටන්න ඕනේ.(නධී)
හැමදාම මොකක් හරි අකරතැබ්බක් කරගන්න එකේ නරකද කේන්දරේ බලව ගත්තනම්.(නදී)
මදුරංගලා වගේ මෝඩ රැලක් ඉන්නකම් මේ රටට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)
මේක පෙරහුරුවක්.(නදී)
කඩාගෙන වැටෙන වේදිකාවෙන් බිමට පැනල දුවන වීඩියෝ එකක් එහෙම නැද්ද? (නදී)
කොහොමටත් ඒ කට්ටිය රැස්වීම් තියන්නේ මහා මාර්ග අවහිර වෙන විදියටයි . එතකොට පාරවල් බ්ලොක් වෙලා සෙනග ගොඩක් ඉන්නවා වගේ පෙනෙනවා . එහෙම කරනකොට ඉඳ හිටලා ඔය වගේ වැරදීම් වෙනවා .(අ)
මේ පක්ෂය රටට විශාල සේවයක් කරපු පක්ෂයක්, පක්ෂයේ විශාල ගණනක් කොටියි, ජවිපෙයි විනාශ කරා. ඒ දෙගොල්ලොම ඒ කාලේ රටට වැඩක් කරන්න දුන්නෙත් නැහැ. නමුත් බොහෝ දෙනකු දන්නවා මේ ගැන. ඒකයි මිනිස්සු නැතත් ඡන්දය වැටෙන්නේ.(අ)
කැඩුනේ නැහැ හරියට ,ඉස්සරහට තමයි තව කැඩෙන්නේ . දෙවින්ගේම පිහිටයි.(අ)
හොද වැඩ බොරු කියා කියා තැන තැන ගොන් වැඩ කරනවට (අ)
පිටිගල කියනදේ හරියටම හරි ...(දී)
මදුරංග ඔබ හරි (ස)
බලමු මිනිස්සු තවමත් මෝඩද කියල. (අ)
පච කියන්නේ කවුද කියල මුළු රටම දන්නවා.(නදී)
දැන් එතකොට ඇත්ත කියන්නේ කව්ද? (නදී)
මොකද මදුරංග? ආණ්ඩුවට විතරද රැස්වීම් තියන්න පුළුවන්? නිකන් කඩේ යන්න එපා හලෝ.(නදී)
රන්ජන්ට ඕක අල්ලාගෙන ඉන්න තිබුනනේ රැස්වීම ඉවර වෙනකන් අර හර්කියුලිස් යෝදයා වගේ.(නදී)
මදුරන්ග මොලේ හොද ගන්න (අ)
පාරේ වේදිකා හැදුවහම ඔහොම වෙනවා (දී)
රන්ජන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න හර්කියුලීස් . කතාකරන්න වෙන කව්ද ඉන්නේ. අනුර කුමාර දිසානායකයි රන්ජනුයි ඇරුනම අනික් සේරම කත කරනවා නෙවෙයි ආවඩනවා. අඬනවා. කහිනවා. (අ)
ලංකාවේ පැරණි පක්ෂ සියල්ලම ලංකාවට සේවයක් කල ඒවාය. නමුත් කාලයත් සමග එම පක්ෂ සියල්ලම අද රටට සේවයට වඩා ; තමන්ගේ පෞද්ගලික උවමනා එපා කම වෙනුවෙන් සටන් කරන කාලයක් වෙලා . පක්ෂග්‍රහිව බලන්නේ නැතුව ස්වාධීනව බැලිය යුතුය. පක්ෂග්‍රාහී උනාම කරන වැරදී හොඳ වාගේ පෙනෙයි. විරුද්දවාදීන් කරන හොඳ වැරදී විදියට පෙනේ . මධ්‍යස්ථව සිතීමත් බැලිමත් අද කාලයේ බොහෝ වටිනවා.(නදී)
රෝහණ ඔයා හරි ,ආණ්ඩුවට විතරද රැස්වීම් තියන්න පුළුවන්? ,මදුරංගට තාම තේරිලා නැ,අධිවේගී මාර්ග කන්න බැ කියල
අපලය තවම ගෙවිලා ඉවර නැහැ වගේ ,(අ)
වේදිකාව කැඩුන එකට ප්‍රස්නයක් කරගන්න එපා. ඒක දැන් අතීතයට ගිය කරුණක්. ඕකට අපි වාචික කොමිසන් දාගෙන මොලේ කචල් කරගන්නේ ඇයි.(නදී)
ආණ්ඩුව පෙරලන්න කලින් වේදිකාව පෙරලිලා පෙරහුරුවක්ද ? (නදී)
අදහස් දාල තිබෙන හැමෝගෙම අදහස් එකයි . කණ්ණාඩියේ පාට විතරයි වෙනස් (අ)
"දැන් එතකොට ඇත්ත කියන්නේ කව්ද? " බොරු නොකියන අය (දී)
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ රැස්වීම තියපු තැන. බලය තියෙන කොට හැමෝම ලොකු පිට්ටනිවල රැස්වීම තියනවා බස් වලින් හරි සෙනග පොම්ප කරලා. නැතිවෙනකොට අහුමුළුවල පාරවල් ගානේ තමයි රැස්වීම තියන්න වෙන්නේ, ඔය හැමෝම එකයි. සමහර රැස්වීම වලට හිටපු සෙනගයි ඡන්ද කොට්ඨාසයේ ඉන්න චන්දදායකයන් ප්‍රමාණයයි බැලුවහම ලොකු වෙනසක් තියෙනවා කියල මට හිතෙන්නේ. (අ)
පක්ෂයේ ඉන්න ජෙෂ්ඨයෝ ඉන්න රැස්වීමක වේදිකාව මීට වඩා ශක්තිමත්ව හදන්න තිබ්බා, (දී)
2013 දෙසැම්බර් 31 රෑ අර ප්‍රසිද්ද හෝටලේ සිද්දිය මතක් උනා (දී)
ජන්දය ලන් වෙනකොට හැමොම පාරෙ ජන්දය ගත්තට පස්සෙ කවුරුවත් නෑ බලාගන යනකොට රටෙ මහජනය හැමදාම කාට හරි කඩේ ගිහිල්ලා (දී)
අයියෝ සංගීත භාණ්ඩ ටික.(නදී)
ටෙනිසන් කියපු කතාවට ලොකු තේරුමක් තියනවා.මම දෑකපු හොදම අදහස. (අ)