බලපිටිය රන්දොඹේදී පෞද්ගලික බසයක් තාප්පයක ගැටී මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මින් තිදෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ.
අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා පැනගොස් ඇතියිද රියදුරා සොයාගැනීමට නොහැකි වී යැයිද පොලීසිය කියයි.
බලපිටිය රන්දොඹේදී පෞද්ගලික බසයක් තාප්පයක ගැටී මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මින් තිදෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ.
අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා පැනගොස් ඇතියිද රියදුරා සොයාගැනීමට නොහැකි වී යැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග මරුවා ට්‍රැවල්ස් කට්ටිය ආයෙත් පටන් අරගෙනද උඩින් යන්න.බලපිටියේ කට්ටිය බලන් ඉන්නේ කාට නෙලන්නද කියලා.රියදුරා හිටියා නම් ඉතින් සොරිම තමයි. (නි)
නැත්නම් හොදට කන්න වෙන්නේ බලපිටියෙන් !! (දී)
හදිසිස්ය සහ නොසැලකිල්ල නිසා හදිසි අනතුරු සිදු කරන අවිචාරමත් රියදුරන්ගේ අනතුරු සාදාරන බව පවසන අය, එම අනතුර හදිසි අනතුරක් බව පවසන අය මෙම රියදුරාගේ පැන යාම ගැන පවසන්නේ කුමක්ද. මේවා හදිසි අනතුරු නොව නොසලකිමත් පැදවීම නිසා සිදු කරන අනතුරුය. මග මරුවා මෙල්ල කිරීමට අනතුරක් සිදුවුයේ රියදුරු වරදින් නම් වහනය සඳහා රක්ෂණය ගෙවීම නතර කල යුතුය. රියදුරුට දැඩි දඬුවම් පැනවිය යුතුය. (දී )
අනතුරටපත් සියලු දෙනාම ඉක්මනින්ම සුවපත්භාවයට පත්වේවා. තෙරුවන් සරණයි. (දී)
හැමදාම උදේ වෙබ් එකට ලොග් වුණාම කියවන්න වෙන්නේ අනතරුක් නැත්නම් මරා ගැනීමක් මොකද මේ රටට වෙලා තියෙන්නේ. වගකිව යුත්තන් ඇයි ඇස් කන් පියාගෙන ඉන්නේ (දී)
නිමල්,ඔයාගේ අදහසට මාත් එකයි වාහන රක්ෂණය කරලා වන්දි ගන්නවා අනතුරට පත් වෙන අයට..,!! එක්කෝ මරණය ..නැත්නම් ආබාදිත බාවය ..!දැන්නම් අපිට උදේට පත්තරේ කියවන්නත් හිතට බයයි වගේ (දී)
අනතුරක් උනාම රියදුරන්ට ආගන්තුක සත්කාර කිරීම අතින් ඔය බලපිටිය රත්ගම පැත්තේ අය ඉතා ඉහලින් සිටිනබව රියැදුරා දන්නා නිසා හැංගෙන්න ඇති . (දී)
මම නම් හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. මෙවෙනි සිදුවීම් අපේ ශ්‍රී ලංකාවේ සුලබ සිද්දියක්. කලබල විය යුතු නෑ. ඉදිරියටම යමු. අර දේශිකා වගේ හිතලා සිත සනස ගම්මු. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. (දී)
අතුල : මේවට කව්ද වග කියන්ඩ ඕනේ? හැම දෙකටම නායකයන්ට බනින ඔබ වගේ කට්ටිය ඉන්න කන් මේ රට හැදෙන එකක් නැ. රියදුරු මාරු වෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෑම මනුස්සයෙක් ගුටි කන්ඩ බයයි. අනතුරු වලක්වා ගැනීම තමයි කරන්ඩ ඕනේ. ඉක්මන් සුව පතමු. (දී)
නුවන් කෝ සේනාව ? (ස)
ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු ? දැක්කනේද ඊයේ මවයි දරුවයි ටිපර් රියකට යටවෙලා ..? මේවට විසදුම් නැතිනිසා තමයි මහජනයා නීතිය අතට ගන්නේ ? අනතුරු සිදුකරන බස් හිමියන්ගෙන් වන්දි ගන්න වැඩ පිළිවෙලක් යොදනවා වගේම ඩ්‍රයිවර්ගේ දේපල ඇපයට තබාගන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕන රැකියාවක් දෙන විට ආයතනය ....?මේ විදියට ලංකාව තව අවරුදු 10ක් රන් කලොත් මුළු ලංකාවම අබ්බගාතයෝ වෙයි . එතකොට කව්ද වගකියන්නේ ඒ ජීවිත වලට ..? (දී)
නුවන් මම කියන්නේ නායකයන්ට බනින එක නෙමේ. රියදුරු බලපත්‍රයක් දෙනෙකුට යමි තද නීති මාලාවක් තියෙන්න ඔනේ. ඒ වගේම එකම වැරැද්ද දෙතුන් වතාවක් කරනකොට යම් කිසි නීති මාලාවක් තියෙන්නෙන. ඕනේ ඒ මේ රටේ මිනිස්සු වීනිත විනය ගරුක සමාජයක් කිරීමට දඬුවම් නැතිනම් අපේ සමාජය ගොඩ ගන්න බෑ. ඒ සඳහා වගකිවයුතු අය දැන්වත් සොයා බැලීමක් කරන්න වෙනවා. අනතුරකින් කෙනෙක් මරුනම පාඩුව ඔහුට හා ඔහුගෙන් යැපෙන්නන්ට පමණයි. නීතියක් නැතිව රේස් ගිහිල්ල මේ රටේ කී දෙනෙක් නම් දැන් මැරිල තියෙවා ද කවුද ඒ ජීවිත වලට වගකියන්නේ. ඔයාට පුළුවන් ද ඔවුන්ගේ දුක ගන්න. බුදු සරණයි (අ)
මොන සේනාවද අයියේ ?? (දී)
ඔව් අතුල,ඔයා කියන්න වගේ එකම වැරැද්ද හෝ වැරදි කිහිපයක් කලොත්.., ටිකක් බරපතල දඩුවමක් දෙනවානම් රියදුරන් ටිකක්වත් පරිස්සමින් වාහනය පදවාවී අනතුරු ටිකක්වත් අඩුවේවි. (ස)
ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල රියදුරු බලපත්‍රය කියන්නේ හරියට ජාතික හැඳුනුම්පත, චරිත සහතිකය වගේ දෙයක්. මාර්‍ග ධාවනයේ දී කරන වැරදි සෑම දෙයක්ම බලපත්‍ර අංකය යටතේ වාර්තා ගත වෙන අතර කිසි දිනක ඒවා මැකිය නොහැකියි. වාහනයක් මිලදී ගැනීම, විකිණීම සහ විශේෂයෙන්ම රක්ෂණය කිරීම වැනි කටයුතු වලදී එයින් වෙන බලපෑම සුළු පටු නැහැ. ඒ නිසා ඒ රටවල රියදුරන් වාහන පදවන්නේ ඉතා ප්‍රවේසමෙන් සුපරික්ෂාකාරීව. (ස)
මේවට පදිකොයෝ හැටියට අපිත් වග කියන්න ඕනි. අනතුරක් දැක්ක ගමන් රියදුරාට බැනගෙන බැනගෙන ගිහින් වැඩක් නෑ. මම දැකල තියනව සමහරු කහ ඉර උඩ යන්නේ මුහුදු වෙරළේ විවේක සුවයන් ඇවිදිනවා වගේ. කිසිම ගානක් නෑ. සමහර අම්මල ළමය පාරේ මැදට දාල එයා අයින් වෙලා යනවා. සමහරු පාරේ යන්නේ දැන් ලෝක විනාසේ වෙනවා වගේ. ටිකක් විපරමෙන් බලන්න. (ස)
බස් රේස් දුවන මානසිකත්වෙන්නේ රියදුරෝ වාහනේට නගින්නේ. ඇසිපිය හෙලෙන තත්පරෙන් අනතුරු වෙලා ඉවරයි. කවුරුත් අමාරුවේ. රියදුරා පැන්නා කියලා හෘද සාක්ෂියෙන් බේරුමක් තියෙද? (ස)
රියදුරෙක් අතින් වෙන වැරදී බොහොමයි. නමුත් පහර දීම නොකළ යුථුයි. මන්ද තුවාල කරුවන්ට අසාදාරනයක් හා නීතිමය කටයුතු සදහා. (ස)
රෑට ඇඟෙ අමාරුවට මත්පැන් බීලා පාන්දරින් එනවා. පව් අහින්සක මිනිස්සු මැරෙනවා. ඩුබයි රටේ වගේ තදින් නීතිය ක්‍රියාත්මක කලොත් ටිකක් හරි අඩුවෙයි. (ස)
මේ ඔක්කොටම මුල අපි හරි විදියට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නොකරන නිසයි. අද බලන්න රියදුරු පත්‍ර විබාගය පාස් වෙන්න මුදල් දුන්නාම (අල්ලස්) බල පත්‍රය ගෙදරට ගෙන්න ගන්න උනත් පුළුවන්. ඔය ගොල්ලෝ ඔක්කොම රියදුරු පත්‍රය ගත්තේ හරි විදියටද. අවන්කවම තමා තමාගෙන්ම අහලා බලන්න. ඉතින් බොරු කියන්නේ සහ ලියන්නේ නැතිව මේ ක්‍රමය වෙනස් කරන්න රජයට පුළුවන් විදියට කියන්න සහ ලියන්න. එතකොට මේ ජීවිත විනාශ වීම අඩු කිරීමට ඉඩ ලැබේවි. (ස)
කොහොම ප්‍රමිතියකට බලපත්‍ර දුන්නත්, වැඩක් නෑ ජයන්ත මහත්තයෝ සිහි කල්පනාව නැතිව රිය පදවනවා නම්, නින්ද, විවේකය ගැන සැලකිලිමත් වන්නේ නෑ, හිතන්නේ තරඟ කරලා දිනන්නයි. (ස)
කවුද මේ පාර මැද්දේ තාප්ප බැන්දේ? (නි)
කෝ මේ බළපිටි කියන කොල්ලෝ. බළපිටි කොල්ලන්ගේ කටවල් විතරයි වැඩ නැහැ කොහොමත්.(නදී)
බලදරින් දැන් දැන් වෙන වැඩ වලට බැහැල ඕව දිහා බලන්නේ නැහැ.මේවට කව්රුවත් කතා කරන්නෙත් නැහැ.නීතිත් නැහැ එකනේ රියදුරා පැනල දුවන්නේ. (ස)
මේ හැම අනතුරක්ම වෙන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා.(නදී)
රන්දොඹේ වංගුව හැමදාම කරදරයක් නිසා "වංගුව කෙලින් කරන්න" හිතුනද දන්නේ නැහැ.(නදී)
චමිල කියන එකෙත් වැරද්දක් කියන්නේ නැහැ. එකත් හරි. මිනිස්සු සිහි කල්පනාවෙන් එලවන්න පුරුදු වෙන්න ඕනේ. හැබයි ඕනෑම රටක් මාර්ග අනතුරු අඩුවෙන්නේ මුලදී හොදට වාහාන එලවන්න සහ මාර්ග නීති දැන ගැනීමෙන් පමණයි. අනිත් ඒවා කාලයත් සමග සහ පල පුරුදු කම ලැබී මෙන් ඉගෙන ගැනීමක්. (ස)
සුදත් ශ්‍රී, ඔයා කියනදේ 100%ක් හරි. මෙහෙ යුරෝපා රටවලත් ඔය නීතියමයි. මගේ ලයිසන් එක ගන්න මම තුන් පාරක් ටෙස්ට් එකෙන් ෆේල් උනා. හතර වෙනි පාර තමා මම පාස් උනේ. අපේ ලංකාවෙ නම් රුපියල් 3000 ක් මිට මෙලෙව්වම ලේසියෙන් ලයිසන් එක ලැබෙනවා. ඒ වගේ ප්‍රතිපල තමා අද අපි පත්තරෙන් හැමදාම උදේට මේ කියවන්නේ. රටට ආදරයක් නැති අතලොස්සක් මිනිස්සු නිසයි මෙහෙම වෙන්නේ.(නදී)
හා ,හා, දසුන් ,කට වැරැද්ද ගන්න එපා බලපිටියේ කොල්ලන්ට වඩා කෙල්ලෝ සැරයි. දැන් ඔයා අහයි මමත් බලපිටියේද කියල ! අනේ නැහැ ...හැබැයි මම ගෙදර යනවිට බලපිටිය පහුකරන් යන්නේ.(ස)
මේවා නම් පුදුම ප්‍රශ්න ! (නි)
'වගකිව යුත්තන් ඇයි ඇස් කන් පියාගෙන ඉන්නේ " ඇස් කන් පියාගෙන නැහැ. ඊයේ ටීවී එකේ දැක්කා ආයුධ අතට අරගෙන ඉන්නවා. කෝ පොලිසිය? මෙහෙමත් රටක්? (නි)
"ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු" ඇයි බලපත්‍ර ලැබෙන හැටි දන්නේ නැද්ද. මේක මහා විකාර රටක්. (නි)
මාර වැඩේ රූපවතී නැන්දට හොඳට තරහා ගිහිල්ල. (අ)
ඇයි ලංකාවේ මෙපමණ රිය අනතුරු ? (නි)