මනම්පිටිය කොටලීයේදී බසයක් ගසක වැදීමෙන් සිවිදෙනෙකු මරු මුවට පත්වී දහනව දෙනෙකු තුවාළ ලැබූ බව පොලිසිය කියයි.
කොළඹ සිට මඩකලපුව බලා යමින් සිටි මෙම බසය අද අලුයම තුනට පමණ මෙම අනතුරට ලක් විය.
සමෘද්ධි නිලධරයන් පිරිසක් එහි ගමන් කළ බව දැනගන්නට ඇත.
මනම්පිටිය කොටලීයේදී බසයක් ගසක වැදීමෙන් සිවිදෙනෙකු මරු මුවට පත්වී දහනව දෙනෙකු තුවාළ ලැබූ බව පොලිසිය කියයි.
කොළඹ සිට මඩකලපුව බලා යමින් සිටි මෙම බසය අද අලුයම තුනට පමණ මෙම අනතුරට ලක් විය.
සමෘද්ධි නිලධරයන් පිරිසක් එහි ගමන් කළ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද අනතුර දුටුවාද? එය රථයේ වැරැද්දක් නොව රියදුරුගේ වැරද්දක් විය හැකියි. (දී)
ධාවනයට නුසුදුසු බස්රථ ධාවනයේ යෙදීම මේ වගේ අනතුරු වලට මූලිකම හේතුවක් කියලයි මම නම් හිතන්නේ. දුම් පරීක්ෂාවට අමතරව වසරකට වරක්වත් හොඳ තත්ත්ව වාර්තාවක් ලබාදෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම මගී බස්රථ වලට. ජීවිත කීයක් අනතුරේද දැන්? මියගිය තිදෙනාට නිවන් සුව...!!! (දී)
අලුයම තුන? යක්කු ගස් නඟින වෙලාවක් මේක. පිස්සුද මේ වෙලාවට ගමන් යන්නේ, නිදිමතේ? (දී)
සුක්කානම අතට ගත්තම ඉගිලෙනවා. අහිංසක මෙනිස්සු පරලෝකේ අරිනවා. මුන්ව තියන්න වටින්නේ නැහැ (දී)
රියදුරු මහතා ගේ ඇස් පෙනීම දුර්වලද බලන්න. අධික වේගය නිසා පාලනය කරගන්න බැරුව ඇති. ගස තියෙන්නේ පාරෙන් ගොඩක් ඈතනේ (දී)
රාත්‍රියේ ගමන ආරම්ඹ කර ඇති බව පෙනී යයි. රියදුරුට නින්ද යන්න ඇති. රෑ ගමන් හරිම අවදානම් (දී)
මීට අවුරුදු විස්සකට තිහකට පෙර තිබුන පටු වලවල් සහිත පාරවල්වල හිමින් එලවලා පුරුදු වෙච්ච රියදුරන් අලුත් කාපට් පාරවල් දැක්කම තමාගේ වේගය පාලනය කරගන්න නොදැනීම නිසා මේ විදියට ජීවිත හානි වෙනවා. මීට විසිඑක් වසරකට පෙර මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුන විටදීත් මට ඇතිවුන හැගීම " පාරවල් මරු, ඇරලා යන්න තමා තියෙන්නේ "කියලා. නමුත් දින කිහිපයකින්ම මට මාර්ග නීති සහ වේගය ගැන අවබෝධයක් ලැබුනා. (ඩොලර් 160 ක සහ 105ක දඩ දෙකක් තැපෑලෙන් ගෙදරට ආවාට පසු ) ඊට පස්සේ තමා ලංකාවේ තිබුන නරක පුරුදු අතහැරිලා හෝර්න් ගහන්නේ නැතුව විනීතව තමන්ට පාලනය කල හැකි වේගයකින් එලවන්න පුරුදු වුනේ (දී)
අනේ පව් අහිංසකයෝ ටික. (දී)
ගහේ බදින්න එක්කන් ආවද දන්නේ නැහැ. සමෘද්ධි නිලදාරියෝනේ. නමත් හරි නේ? (දී)
මම නම් කියන්නේ මෙම අනතුරු වලට නිසි පිළියම් යොදන්න කියලයි. (දී)
දැන් හුඟක් රියදුරන්ට පගාව අරන් තමා බලපත්‍ර දෙනවා කියන්නේ.මේ අලුත් පාරවල් වල එලවන වාහන නිසි ප්‍රමිතියට නඩත්තු වෙන්නේ නැහැ. වේග සීමා ගැන සැලකිලිමත් නැහැ රියදුරන්. (දී)
ගස්ටික කැපුවා නම් ඕක වෙන්නේ නැහැ (දී)
දුර ගමන් දාවනය වන බස් රථවල හුවමාරුවට රියදුරෙක් ගෙන යවවා නම් මේ අනතුරු ටිකක්වත් අවම වේවි කියලයි මගේ අදහස. එකම පුද්ගලයෙක් දාවනය දිගටම යෙදෙද්දි නිදිමත ඒන්න පුලුවන්. (ස)
කොහොමත් මඩකලපුව, කොළඹ දුවන බස් ඉගිලෙන්න හදනවනේ. උන්නම් ඉගිලෙයි පව් අහිංසක මිනිස්සුන්ගේ ජිවිත. අනිත් අයත් මේවා දැකලා හැදෙනව නම් තමයි හොද.(නදී)
ලියන්න දෙයක් හිතට එන්නේ නැහැ මේ අපරාදය දැක්කම. ඇත්තටම මේ ඩ්‍රයිවර් මේ මිනිස්සුත් මරාගෙන මැරෙන රියදුරෙක් වෙන්න ඇති. මොකද මම එහෙම කියන්නේ. මොකා වුනත් යන්න ඕනෑ තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙකින්නේ. පෑගෙන තරමට ලෙල්ලටම පාගලා ගිහිල්ලා තමනුත් මැරිලා අනිකවත් මරනවා. මේ හයියෙන් යන මානසිකත්වය නතර කලයුතුයි. දියුණු රටවල මෙහෙම අනුන්ගේ ඇඟ උඩින් ගිහිල්ලද කාලේ ඉතිරි කරගෙන ඒ මිනිස්සු රට දියුණු කලේ? අපිට අනිච්චාවත සංඛාරා තමා. (දී)
බුදු අම්මෝ! දැන් වාහන වල යන එක අන්තිම භයානකයි (නි)
මම හිතන්නේ රියදුරු මහත්තයට නින්ද ගිහිල්ලා (දී)
සමහරවිට රියදුරුට නින්ද යන්න ඇති . පවු. මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමා.කව්රු හරි රියදුරු එක්ක කතා කර කර ගියා නම් එහෙම නොවෙන්නත් තිබුනා (දී)
රියදුරු මහතාට නින්ද ගිහින් වගේ. (දී)
පුද්ගලික බස් සේවය ආරම්භ වන තුරුම ප්‍රදාන නගරවල වෙලා සටහන් කරුවන්ගේ කාර්යාල තිබුනා. කෙතරම් වේගයෙන් ගියත් නියමිත වෙලාව එනතුරු එම ස්ථානයෙන් පිටත් වීමට බැහැ. මෙහෙ ඉන්න රියදුරාට සුළුවෙන් හෝ සහනයක් ලැබුනා. නමුත් අද එහෙම නැහැ. කොන්දොස්තරගේ සහ රියදුරාගේ රැකියාවේ ස්තිරත්වයක් නැති නිසා රැකියාව රැකගැනීමත් ,වෙනත් කරුණු නිසාත් කොටසක් මුදල් සෙවීමට හෙමින් (කොට කොටා ) යනවා. කොටසක් වෙරිවුණු සතුන් වගේ වේගයෙන යනවා. සුළු ප්‍රමාදයකින්, වැරදීමකින් මහම විනාසයක්. මම ලංකාවේදී වෘත්තියෙන් රියදුරෙකු නොවුනත්, මද පෙරදිගදේ බස් රියදුරෙක්, ලංකාවේදීත් සමහර අවස්ථාවලදී දුර ගමන් පුද්ගලික බස් සේවා රියදුරෙක්, ඒ වගේම බීමත් අම්න රියදුරෙක් නිසා පියා අහිමි උන කෙනෙක්.(නදී)
ආයිත් දෙකක් නැහැ බීලා යන්න ඇති (දී)
බුදු හාමුදුරුවන්ගේ මධ්‍යම ප්‍රතිපදාව දැන් හැමදේටම අදාල වෙනවා. බසයේ ඉස්සරහ ගියොත් ඇක්සිඩන්ට්, පසු පස ගියොත් පිටි පස්සෙන් ඇවිත් අනිනවා, බසයේ මැද යන එක තමා නුවනට හුරු. (දී)
නින්ද නොයන රැ ඔබව සිහිවෙනවා ......නින්ද යන රැ අනතුරු සිදුවෙනවා ..... (දී)