
(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාලව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අවුරුදු 45 ක් ඔය පාර්ලිමේන්තුවෙ , අගමැති 3 සැරයක් , ඇමති වෙලත් මේ යෝධය කී සැරයක් ඉන්න ඇද්ද, මෙයාගෙ දක්ෂකම කියනවන් අන්තිම මැතිවරනයෙ මෙයයි මෙයාගෙ ගොලයොයි ඔක්කොම ගෙදර, මෙරට පරනම පක්ෂයම නැති කරගෙන තමයි මිනිහ පාර්ලිමේනිතුවෙන් චුත උනේ. මේ අපේ රටේ තියෙන ව්‍යවසථාව කියන ඔය ගුබ්බැයමෙ ඉන්න හොරු රැල හදාගත්ත ජනතාවට කිසිම වැඩක් නැති කොල ගොඩට පින්සිද්ද වෙන්න මේ තක්කඩිය මෙරට මුල්පුටුවට ගේන්නෙ නීලකාස හොරු රැලක් . මේ මනුස්සයට පුලුවන් රට කන්න විතරයි අවුරුදු 45 මේ යෝධය කලේ ඒකයි, මෙයාගෙ එක වික්‍රමයක් තමයි දාර හොරෙකුට මහා බැංකුව බාර දීම. මෙයා රට හදයි කියල හිතනව නම් ඒ හිතන උන්දැ දොස්තර මහත්තයෙක් ලගට ගිහිල් මොලේ පරික්ෂා කරගත්ත නම් හොදයි.
කතාව ඇත්ත, ප්‍රශ්නය තියෙන්නේ Surbana Jurong... අන්තර්ජාලයේ තිබෙන පරිදි මේක සිංගප්පූරු සමාගම, ඔවුන්ව කන්සල්ට් කරලා තව ඩොලර් ගාණක් පුදයි...
අර කප්පම් කාරයත් ඔය කමිටුවට දානවාඩ? වැඩෙ එතකොට යසට හිටිවි.