(මුදිතා දයානන්ද)
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද(28) බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් සබාව අත්හිටවිණි.
මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදුකිරීමට පෙර පක්ෂ නායක හමුවක් කැඳවූ මහ ඇමැතිවරයා පනත යළි සභාවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගත්හ.
ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද සෙන්කෝලය උදුරාගැනීමට පොර බැදූ අතර පසුව සෙංකෝලයට හානි සිදුව තිබූ බැවින් එය සභාවෙන් පිටතට ගෙන යන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හේතුවකටද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත පළාත් සභා වලට ගෙනියන්නේ? පළාත් සභා වල ඉන්න අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තිබෙන දැනුම ගැන අපි කවුරුත් දන්නවා නේ.
ඉඳල හිටලා ප්‍රජාතන්ත්‍රවාදේ දෝරෙ ගලනවා දකින්න අපිත් ආසයි. මේ ප්‍රවෘත්තියේ හැටියට එහෙම දෝරෙ ගලන්න පටන් අරන් කවුරුවත් ඉස්පිරිතාලේ ගෙනිහින් නෑ වගේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝම අවබෝදයක් නැති පිරිසක්. ඇයි මේවගේ අය ජන්දෙන් පත්කරන්නේ.
අපි නම් දන්න විදියට ඕක හරක් ලගින තැනක් හින්දා ගාලගෝට්ටි වෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.
මේ අය දන්න ව්‍යවස්ථාවක් නෑ. මේ පලාත් සභා සියල්ල අහෝසි කල යුතුයි. මේවා සුදු අලි වෙලා හමාරයි. ප්‍රදේශීය සභාවල බලතල මීට වඩා වැඩිකර පලාත් සභා අහෝසි කල යුතුයි. මෙම යෝජනාවට කිසිදු දේශපාලන පක්ශයක් කැමති වෙන එකක් නැ. මොකද ඒගොල්ලන් ගෙ දේශපාලන බලය පෙන්නන්නෙ මේකෙන් ජවිපෙත් දැන් පලාත් සභා අහෝසි කරනවාට කැමති නැති වේවි.