බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රඬක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යධූරය තමාට ලබාදෙන්නැයි ඉල්ලා එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් යොමු කර තිිබේ.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ වෙත අමාත්‍යධූරයක් ලබාදීම මෙතෙක් කල් ප්‍රතිපත්තියක් ලෙස සිදුව ඇති නිසා මෙම අමාත්‍යධූරය ලංකා සම සමාජ පක්ෂ විකල්ප කණ්ඩායම නියෝජනය කරන තමන් වෙත පවරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුට සහය දැක්වීමට බස්නාහිර පළාත් සභාවෙන් ඉදිරිපත් වූ පළමු සන්ධාන මන්ත්‍රීවරයා මෙන්ම පොදු අපේක්ෂකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව අත්සන් කළ අවබෝධතා ගිවිසුමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් අත්සත් තැබුවේ ද කීර්ති කාරියවසම් මහතා වන අතර ඒ හේතුවෙන් ඔහුට එතෙක් දැරූ ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරිකධූරය සහ පක්ෂ සාමාජිකත්වයද අහිමි විය.
ඔහුට අමාත්‍යධූරය පිරිනැමන ලෙස ඉල්ලා අත්සන් තබා ඇති මැති ඇමතිවරුන් අතර බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විෙජ්රත්න, නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ, සභානායක සුනිල් ජයමිණි, අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, ලලිත් වනිගරත්න, මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, මහේෂ් අල්මේදා, මොහොමඩ් ෆායිස්, කෝකිලා ගුණවර්ධන, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා, ගුණසිරි ජයනාත්, ප්‍රදීප් උදුගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් කුමාර, අර්ෂාඩ් නිසාම්ඩීන්, සලෝචන ගමගේ, ප්‍රදීප් පෙරේරා, සන්ධ්‍යා සිරිවර්ධන, නවුසර් ෆවුසි, එස්.ඩී.අයි.ඩී ජානක, සෙනල් වෙල්ගම, ප්‍රසන්න සංජීව, ලලිත් වර්ණකුමාර, ලලිත් එල්ලාවල, රෝහණ අබේගුණවර්ධන, සරත් සුමනසේකර, ඩිල්ෂාන් ජයවර්ධන යන මන්ත්‍රීවරුන්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් රටට සේවය කරන්න පුදුම උත්සහයක්, පව් අනේ එයාට දෙන්න. (ර)
නිලතල බෙදා ගැනිමේ සටන! (නි)
මොහු හොඳ කෙනෙක්. ඇමතිකම මොහුට දීම සුදුසුයි (නි)
තනතුරක් ලැබෙනවානම් රට උනත් පාවා දෙයි. වෙන ඕනෑම දෙයක් උනත් දෙයි. (කෞ)
මේ රටේ දේශපාලඥයින් හදන්න බෑ.(හේ)
ඔය තනතුරු පස්සේ දුවන්නේ රටට ආදරේකට කියලද හිතන්නේ. (හේ)