IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂය කළු පටි බඳී

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පසුගියදා පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට විරෝධය පා එහි ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ප‍්‍රධාන ඇමති මණ්ඩලය සහ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරු කළු පටි බැඳගෙන පළාත් සභා රැස්වීමට සහභාගී වූහ.

බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ශාලාවේ දී රැස්විය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එයට පැමිණියේ අත්වල කළුපටි පැළඳගෙනය.

මෙහිදී ප‍්‍රකාශයක් කරමින් ජගත් කුමාර මන්ත‍්‍රීවරයා පැවසුවේ පසුගිය සතියේ කිසියම් පිරිසක් විසින් තම නිවසට පහරදී අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්‍ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කී මන්ත‍්‍රීවරයා ඒ ගැන කණගාටු වන බව ද ප‍්‍රකාශ කළේය.

DSC_7511 DSC_7529 DSC_7547 DSC_7551



අදහස් (0)

බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂය කළු පටි බඳී

රුවන් Wednesday, 24 February 2016 08:37 AM

අපිට මොකද කළු නැත්නම් රතු පටි දැම්මට. මොවුන්ගෙන් අපිට කිසිම සෙතක් නැහැ බරක් මිස. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 25 February 2016 04:42 PM

අතේ කළු පටි බැන්ඳාට වැඩක් නැහැ. සැබෑ පාට මොකද්ද කියලා කවුරුත් දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site