ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕෂදී රණසිංහ මෙහෙයවූ බස්නාහිර පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති අවසන් මහ තරගයේදී බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවූ මධ්‍යම පළාත් පිල පරාජය කිරීමට සමත් වූහ.
බස්නාහිර පළාත් පිල ලකුණු 59 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 10.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. බස්නාහිර පිල වෙනුවෙන් නිපුනි හංසිකා පන්දු 37 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 36 ක් රැස් කළාය.
බස්නාහිර පිලේ ඕෂදී රණසිංහ (10/3) සහ ශෂිකලා සිරිවර්ධන (6/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
මධ්‍යම පළාත් පිල ඕවර 17.1 කදී සියලූ දෙනා දැවී 58
(ශකිලා නිලූෂි 15, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සඳමාලි දොළවත්ත 9/2, ඕෂදී රණසිංහ 10/3, ශෂිකලා සිරිවර්ධන 6/3
බස්නාහිර පළාත් පිල ඕවර 10.3 කදී කඩුලූ 3 ට 62
(නිපුනි හංසිකා 36, සුගන්දිකා කු-මාරි 10/3)
ඡයාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත කාන්ත ක්‍රිකට් වලට හොද ආයෝජනයක් (නි)