බස්නාහිර පළාතේ සියලු ත‍්‍රීරෝද කුලී රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය කළ බව එහි සභාපති නුවන් වනිගරත්න මහතා කියයි.
ලියාපදිංචි වන සෑම රථයකටම නොමිලේ මීටර දීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් අනුග‍්‍රහය සපයන බවත් වනිගරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර විතරක් නොවෙයි, ලංකාවේම ඔය වැඩේ කළයුතුයි. ඒ විතරක් මදි, හයර් දුවන අනෙක් වාහන වලටත් මීටර් සවි කළා නම් මොකද? සමහරු ඉන්නවා ජනතාව සූරාගෙන කන (නි)
ගාස්තුව සදහා උපරිම මිල පාලනයක් මේ සමග හදුන්වා දෙන්න.(ම)
මොවුන්ගේ නැවතුම් ස්ථානයත් ලියාපදිංචි කලයුතුයි.දැනට හැමතැනම නැවතුම් ස්ථාන මේ කට්ටිය අයිති කරගෙන ඉන්නේ. (හේ)
මෙම ලියාපදිංචිය කරන ගමන් බැරිද මේ ත‍්‍රීරෝද රියදුරන්ට පුහුණුවක් ලබා දෙන්න මාර්ගයේ යන අයට හිරිහැරයක් නොවී මාර්ගය අවහිර නොකර තමන්ගේ ත‍්‍රීරෝද රථ ධාවනය කරන්න.(හේ)
අවස්ථා ගණනාවකදීම මම ගිහින් තියෙනවා හොර මීටර් සවිකරපු ත්‍රීරෝද රථවල. ඒ බව කිව්වහම ඔවුන් හිනාවක් දාලා මාරු වුණ එකයි කළේ. ඒ වගේම සමහරු මීටරේ තියාගෙනත් එ්ක කරකවන්නේ නැතුව ගමනාන්තයට ගිහින් අච්චර දෙන්න මෙච්චර දෙන්න කියනවා. මේ හින්දා වංචා කරන්න බැරිවෙන විදිහට මීටර් සවිකර දෙන්න කියලා මං බලධාරීන්ගෙන් ඉල්ලන්න කැමතියි. (නි)
මීටර් දුන්නට මදි. රුපියල් 30 විතර පාලන මිලකුත් දෙන්න ඕනේ.(හේ)
මීටර් දීලා විතරක් මදි. නිරන්තරයෙන් ඒ මීටර් පරීක්ෂා කරලා බලන්නත් ඕනෑ. (නි)
සමහර රියදුරන් මිටර් එක ඇහුවම අපි මීටර් වලට දුවන්නේ නැහැ කියනවා මම කිවුව අනිවාර්ය කළොත් ඒවා කොහෙද මේ ආණ්ඩුව හැදුවේ අපි මෙච්චර ගාණක් ත්‍රීවිල් තියනවා අපිට පුළුවන් ආණ්ඩුව පෙරලන්න කියල කිවුව .කොහොමද පවර් එක (බ)
කොහොමහරි කරන්න මෙම කර්මාන්තට නිත්‍යානුකූල පදනමක් අද අවශ්‍යවෙලා තිබේ මහජනතාවගෙන් ගොඩක් පැසසුම් (බ)
හොඳයි මේක ඉතා වැදගත්. මොකද මිලියන කීයක් අද ත්‍රීවිල්වල ගමන් කරනවා. දෙපැත්තම සම්පූර්ණ කරනවානම් කර්මාන්තය හා මගීන් සතුටුවෙයි (බ)
එක බස්නාහිර පළාතට පමණක් සීමා නොකරන්න.මහනුවර ඇති ත්‍රී රෝද රථ ඔවුනට හිතෙන ගණන් ගනියි .නගරයේ සිට උසාවිය ලගට එන්න රුපුයල් 250 මගෙන් අයකලා .ඇත්තටම එය අසාදාරන ගානකි.මීටර සවි කර ඇත්නම් අපිව අන්දන්න වීල් කාරයන්ට නොහැකිවේ .(හේ)
බස්නාහිර පළාතේ මීටර් ටැක්සි කොහොමත් තියෙනවනේ. මහනුවරට විශේෂයෙන් දෙන්න ඕනේ. හරිම අසාධාරණ ගණන් ගන්නේ. (ර)
කොහොමද ලියා පදිංචි වෙන්නේ?