(යොහාන් භාසුර)
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම රෝගීන්ගෙන් සියයට 50 ක් බස්නාහිර පළාතෙන් හදුනාගැනීම කැපී පෙණෙන බවත් මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් එම ඒකකය කියයි.
ඩෙංගු රෝගයේ අවදානම සහ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තව දුරටත් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් සඳහන් කරයි.