IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස්නාහිර අධ්‍යාපනය ගැන විගණන වාර්තාවක් කියයි

(මුදිතා දයානන්ද)

බස්නාහිර පළාතේ 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් (සියයට 31.5ක්) උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව එම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් ප්‍රමාණය 51423ක් වන අතර එයින් 16195ක් එලෙස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා නැත.

උසස් පෙළ විභාගයට 2022 වසරේ පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් සියයට පහළොවක් එනම් විභාගයට පෙනී සිටි 23482න් සිසු සිසුවියෝ 3521ක් ප්‍රධාන විෂයයන් තුනම අසමත්ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට එම වසරේදීම පෙනි සිටි සිසු සිසුවියන් 75223ක් වූ සිසු සිසුවියන්ගෙන් 11792ක් එනම් සියයට 15.7ක් ලබාගෙන තිබෙන්නේ ලකුණු 80ටත් අඩුවෙන් බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (1)

බස්නාහිර අධ්‍යාපනය ගැන විගණන වාර්තාවක් කියයි

vernon Thursday, 19 October 2023 03:55 PM

ඇයි දැන් එයාලා කියන්නේ විභාග වලින් ළමයි 100% ක් සමත් කරවන්න ඕනෑ කියලාද? විභාගයක් කියන්නේ කඩඉමක්. පෙනී ඉන්න හැමෝම එකම විදිහට සමත් වෙනවා නම් ඒ විභාගයේ තේරුමක් තියෙනවාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site