වෙඩි හුවමාරුවකින් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන බොස්ටන් රෝහලක ප්‍රතිකාර ලැබු බොස්ටන් මැරතන් බෝම්බකරු වු සොහාර් සාර්නෝව් අද (26) රෝහලේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
බෝම්බ සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ මැසචුසෙට් හි පෝර්ට් ඩවෙන්ස් බන්ධනාගාරය වෙත ගෙනගිය අතර ඔහු දැන් සුවය ලබා ඇති බවත් පොලීසිය කියයි.
බෙල්ලට සිදුවු තුවාල හේතුවෙන් ඔහුට තවමත් කතාබහ කළ නොහැකි හෙයින් බෝම්බ සිද්ධිය පිළිබදව ලිඛිත ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් බොස්ටන් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව හරි සතුටින් ඇති එයාලගේ හිසරදයක් ඇමෙරිකාව බාරගත්තු එකට. (නි)
සිංගපුරුවට ඇරලා අවුරුද්දක් තියලා, පුද්ගලික රෝහලකට ගෙන්නලා නතර කරලා, ඇප දීලා ගෙදර ඇරියා නම් බොස්ටන් කේස් එක ලෙහෙසියෙන්ම විසදන්න පුළුවන්. අපිට පුලුවන් නම් ඇයි ඇමරිකාවට බැරි? (නි)
මෙන්න මානව හිමිකම් කඩනවෝ! කේ මේ ලංකාවේ මානව හිමිකම් ගැන කථාකරපු අය? (ස)
එයාට එලෝ දෙයක් මතකනෑලු..(ස)
නියමයි.
භාර දෙන්නකෝ ලංකාවේ පොලිසියට, නිකම්ම කතා කරවලා දේවි. (නි)
අපේ රටේ නම් ඉස්පිරිතාලෙන් ඇප ලබා ගෙදරට. (නි)
බෙල්ල සුවකරලද ඉදිරිය ගැන ඉන්පසු සිතන්නේ? ඒකට අපි නම් කෙලින්ම යවන්නේ පාර්ලිමේන්තුවට. (නි)