අද (11) පැවැති පෞද්ගලික බස් වර්ජනයට හවුල් නොවු බස් සේවකයිනට තර්ජනය කළැයි කියන බස් හිමියකු වන නිශාන්ත දිලීප් රත්නවීර ඔහුගේ රියැදුරු කමල් චමින්ද ආරියසිංහ හා බස් රියදුරකු වන ඒ.ඊ.ජී චන්ද්‍රසිරි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම තිදෙනා ගමන් කළ ජීප්රිය අනතුරකට ලක් වී ඒ බව පැමිණිලි කිරීමට පොලීසියට ගොස් සිටියහ.ඔවුන් එහි සිටියදීම ඔවුන්ගේ තර්ජනයට ලක් වු බව කියන බස් සේවකයෝද පොලීසියට ආහ.තමන්ට තර්ජනය කළ පිරිස වශයෙන් එහීදි එම තිදෙනා හදුනා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රත්නවීර කියල බස් තියෙන කෙනාද? එහෙනම් පෑමිනිලි කරපු රියදුරාටයි, කොන්දොස්තරටයි සොරිම තමයි. මොරටුව, පානදුර පෑත්තේ හෙන තග දාන් මිනිහගේ බස් වල වෑඩ කරන අය ඉන්නේ.(නදී)
මම හිතන්නේ මුදලාලියාට වුනේ අනුන්ට කරන්න ගිය දේ තමන්ට පලදේ කියන කතාව සනාථ කිරීමක්. නමුත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාව හෙට වෙයිද දන්නේ නැහැ (නි)
මම මෙයාගේ ගෙවල් ළඟ. මෙයා ගැන හොදට දන්නවා (දී)
මේ මැරයෝ රියැදුර බය කරපු වෙලාවේ වැරදිලාවත් බස් එක පාරෙන් පිටට පැන්නා නම් හෝ වෙනත් වාහනයක හැපුණා නම් මොකද වෙන්නේ? කරුණාකර මේ පුද්ගලයන්ට මිනි මැරීමට තැත් කිරීම යටතේ නඩු පවරන්න (නි)
මූණෙන් නම් අනාගත මැති උතුමෙක්, ප්‍රාදේශීය සභාපති උතුමෙක්ගෙ පෙනුමක් තියෙන්නෙ... (නි)
එක නම් හොඳ වැඩක් එකෙන් පේනවා කාටද වුවමනා මේ වර්ජනය කියල. දුප්පත් මිනිසුන්ගේ පඩි පත හූර කන මුදලාලිලාට හොඳ දඬුවම් දෙන්න ඕන. පොලිසියට සහ මහේස්ත්‍රාත්තුමාට ස්තුතියි (අ)
කිසිම සහනයක් දෙන්න එපා. දැන් අපිට ජීවත් වෙන්න අමාරුයි. බස් ගාස්තු වැඩි කලොත් ආණ්ඩුවටත් හොඳ මදි. (නි)
මේ වගේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු. පැමිණිලිකාරයෝ පොලීසියට එද්දී විත්තිකාරයෝ පොලීසියේ. අසාදාරන වැඩ කරනවට නියම දඩුවම (නි)
මම ලංකාවේ ඉන්නකොට ජීවත් වුනේ මෙයාගේ ගෙවල් ළඟ. එයා ගැන මම දන්නවා (නි)
ලොකු දඬුවමක් දෙමු,බස් ගාස්තුව වැඩි කරමු. මාර්ග බලපත්‍රය අහෝසි කළා නම් නරකද? සැර වැඩිද? (නි)
ජයවේවා! (නි)
බත් කන හරකෙක් වගෙයි පේන්නේ.(නදී)
දැනටමත් මොනවා හරි දේශපාලන පක්ෂයක් මේ ගොල්ලන්ගේ නම් නාම යෝජනා පත්‍රවලට ඇතුලත් කරන්න සූදානම් වෙලා ඇති (දී)
මගීන්ව සූරන් කාලා මහත් වෙලා මගීන්ටම වින කරන්න ගියා නේද? දැන් සතුටුද බස් මුදලාලි? (නි)