මහනුවර නගරයේ දී බසයක අමතකව ගිය රුපියල් ලක්ෂ 14.5ක් සහිත බෑගයක් ලංගම බසයක රියදුරා සහ කොන්දොස්තර විසින් පොලිසියට භාර දී යළි එහි හිමිකරුට දුන් බව මහනුවර පොලිසිය කියයි.
පානදුර සිට මහනුවරට පැමිණි බසයට කෑගල්ලෙන් ගොඩවූ අයකු මුදල් සහිත බෑගය බසයේ රාක්කය මත තබා අසුන්ගෙන එය අමතකව ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් බැස ගොස් ඇත.
ඔහුට තම බෑගය සිහි වී ඇත්තේ අම්පාර බස් නවත්වන තැනට ගිය විට දී ය. යළි ඔහු බසය සොයා එන විට කොන්දොස්තර මහතාත් රියදුරු මහතාත් බෑගය පොලිසියට දුන් බව පවසා තිබේ.
රාක්කය මත අමතකව ගිය බෑගයක් තිබෙනු දැක එය විවර කර බැලීමේ දී විශාල මුදලක් දුටු කොන්දොස්තර කේ.ඒ.ලහිරු දිල්ශාන් හා රියදුරු ධම්මික තුෂාර බෑගය පොලිසියට ගෙනගොස් දුන්හ.
පොලිසියට ගිය හිමිකරු සිය අනන්‍යතාව හෙළිකළ පසු මුදල් සහිත බෑගය ලැබිණි. මුදල් නිරුපද්‍රිතව බාරදුන් ධම්මිකට හා දිල්ශාන් දෙදෙනාට එහි හිමිකරුත් පොලිසයත් සිද්ධිය දැනගත් සියලු දෙනාත් ප්‍රශංසා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි! (නි)
මෙහෙම මිනිස්සු අද කාලේ බොහොම අඩුයි (නි)
මේ වගේ වැඩ මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරන්න ඕන. මේ අයව ඇගයීමකට ලක් කරන්න ඕන. (බ)
මෙච්චර මුදලක් ළඟ තියාගන්නේ නැතුව රාක්කේ උඩ තිබ්බේ මොකද දන්නේ නැහැ (නි)
මුදල්වලට කෑදරව නොයකුත් නොමිනිස්කම් කරන මෙම යුගයේ, දේවත්යෙන් සැළකියහැකි මෙවැන්නන් මුළු දැයටම ආදර්ශයකි (නි)
කියක් හරි දුන්නනම් නේද හොඳ....(රේ)
මෙවැනි උතුම් මිනිසුන් අගය කළ යුතුයි. ඩ්‍රීම් ස්ටාර් වගේ නෙවෙයි, මෙවැනි මිනිසුන් රටට ආඩම්බරයක් ඔබ දෙපලට තෙරුවන් සරණි. (බ)
ගොඩක් වටිනා ක්‍රියාවක් (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව ...........(ස)
ලක්ෂ 14.5ක් අමතකකළ කෙනාගෙ මුහුණ දැකගන්න ආසයි මට. (නි)
මහතුනි ,මගෙන් ඔබලාට ප්‍රණාමය (ම)
මොවුන්ව පෙන්වන්න ඕන මොකද ලංකාවේ තවමත් හොද මිනිස්සු ඉන්නවා කියල පෙන්වන්න (ම)
අමතක කළ කෙනා කිව්වේ ? (බ)
ජනක.මටත් ඔය ටිකම හිතුන. (බ)
අද කවුද ලක්ෂ 14 අරන් බස් එකේ යන්නේ? කෑගල්ලේ බැංකුවට දැම්ම අම්පාරේ බැංකුවෙන් ගත්ත. එකයි අද ක්‍රමය. සුවර් එකටම මේ සල්ලි මොකක් හරි නීති විරෝදී ක්‍රමයකින් ලබාගත් මුදල්. අම්පාරේ ගංජා කෑගල්ලට සපයන කෙනාද දන්නේ නැත. එමනිසා පොලිසිය මිට වඩා විමර්ශනශීලි වෙන්න තිබුන. (ස)
මෙන්න හොඳ මිනිස්සු දෙවියන් හා සමාන (බ)
පාසල් යන කුඩා දරුවන්නට හොද ආදර්ශයක් (බ)
අසංකගේ යෝජනාවට මගෙත් සහය පලකරනවා.මෙවැනි සේවක මහතුන්ගේ අවංක සේවය අගය කළ යුතුය (ම)