බස් වර්ජනය අද 9.30 ට අවසන් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. තම සංගමයේ ප්‍රාදේශීය නිලධාරීන් පසු පස පොලීසිය හඹා යන බවට ලැබුණු තොරතුරක් මත මෙලස වර්ජනය අතහැර දැමීමට සිදුවූ බව ද ඔහු කීවේය. ඔහු එසේ කීවත් මාතර, රත්නපුර, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රධාන නගර රැසකින්ම වරජනයට සහයක් නොලැබිණි. කොළඹ නගරයේ ද පෞද්ගලික බස් විශාල ප්‍රමාණයක් ධාවනය වූ බැවින් වර්ජනයක් පෙනෙන්නට තිබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හු....හු.... ඒයි බස් ගැමුණු ඇතිද හු.... (දී)
මේක අපේ ලොක්කගේ බබරේ වැල්ලේ කැරකෙන කලේ. (අ)
ඇත්තටම ඔය බස් වර්ජනය කොහේද කොයි වේලාවේද තිබුනේ ?ගැමුණු දවල් හීනයක්වත් දැකලද ?ලුම්බිනිටත් ගැමුණු ගෙන් සම්තින් එකක් ලැබිල වගේ ඔය කහින්නේ. (අ)
ගැමුණු කියන දේ අහන එවුන් දැන් නැහැ, බස් කුලිය වැඩි වෙන විදියට අපේ පඩි වැඩිවෙන විදියකුත්, තියෙන්න ඕනෑ නැත්නම් අපේ බඩට වදින්නේ.(අ)
ඔක්කොටම කලින් ඔයාලා සමගි වෙලා ඉන්න.නැතුව නුඹලට කවදාවත් මුළු රටේම බස් තියා නුඹේ බස් ටිකවත් වර්ජනයකට සෙට් කරගන්න බැරි වෙනවා.බස් සංගමේත් නිකන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ නේද? (නි)
අපි ලුම්බිනිගේ පිටේ කරත්තයක් බදිමු කට්ටිය මොකෝ කියන්නේ? (අ)
කියපු ලොකු කතා වල හැටියට අපි හිතුවේ කවදාවත් බස් දුවන එක්ක නැහැ කියලා (නි)
ඔය ගැමුණුව උල තියන්න ඕනි (අ)
ගැමුණු කොට උඩ යන්න හේතුව , ගියවර වර්ජනේ නොකිරීම, (අ)
මෙය ගැමුණුට විතරක් අදාල දෙයක් නෙවෙයි.ඕනෑම වෘත්තියක කෙනෙක් පාරට බැස්සොත් ඕක තමයි තත්වෙ. ඒ නිසා ලැබෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ. දිනෙන් දින ඉහල යන හොරකම් වංචා. ඒවට අපි විශාල වශයෙන් ගෙවනවා. නමුත් හොරුන්ව නවත්තන්නේ නැහැ. පෙරේරා කියන එක ඇත්ත එයාලගෙ ලොක්කගෙ නං වැල්ලෙ කැරකෙනවා පෙරේරා වගෙ මිනිස්සු ඉන්නකං. උපුලිට කියන්න තියෙන්නේ තමාගෙ වෘත්තිය මොකක් උනත් එළියට බහිනකොට ඔක්කොම එකාවගෙ බහින්න ඕනෙ. (දී)
ලුම්බිණිට කාර් එකක් ඇති. මට තේරෙන්නේ නැත්තේ එතකොට ඔය වර්ජනය පැවත් වුනේ කොයි වේලාවේද? (ස)
වර්ජනේ කරන කලින් ලිසිං සමාගම් වලින් අවසරක් ගන්න වෙනවා. වර්ජනේ ඉවර වෙනකොට බස් එක උස්සනවා. (නි)
අත්තනායක ලොක්කට ඕනෙ කැරකෙන ඹබරෙ නවත්තන්න.. ඒත් තාම අපේ ලොක්කගෙ ඹබරෙ වැල්ලෙත් කැරකෙනව. ඒක නවත්තන්න රනිල්ගෙ බාප්ප ආවත් බෑ. මොකද අපේ නායකය අනුහස් ඇති කෙනෙක්...! (දී)
කොට්ටාව.මට්ටෙගොඩ,මහරගම,අතුරුගිරිය,හෝමාගම එන්න මිනිස්සු පරේ උදේ රස්තයදු වෙච්ච් හැටි දැක්කනම් ස්ට්‍රිච්ක් එක සර්ථක් නැහැ කියන්න බැහැ පාලකයෝ කිවරු ගහනවා විතරී .......අනික ස්ට්‍රිච්ක් දවසට දුවන බස් ඇයි බැරි අනිත් දවසට දුවන්න ?? (අ)
අනේ පෙරේරො ලොක්කන්ගේ බබර වැල්ලේ කරකැවේන එක හැමදාම වෙනව අපේ බබර කරකවන්නවත් දැන් අපිට වැල්ලක් තියා මහ පාරවත්නෑ. ගැමුණු කියන්නෙත් ලොක්කගේ ගෙදර වැඩට ඉන්න එකෙක් තමා. දුපපත් අපිතමා හැමදාම තැලෙන්නේ (දී)
සුදේශ් ඔය කියන්නේ එතකොට ලුම්බිණි කවුරු කියලද? 9අ)
වර්ජනයක් කරනවානම් එය කල යුත්තේ සාදාරන ඉල්ලීම් මතය.පුද්ගලික බස් සේවය තරම් අසාධාරණ ව්‍යාපාරයක් ලංකාවෙ තවත් නොමැත. (දී)
අපරාදේ ගැමුණු පව්
ගැමුණුට කරන්න පුළුවන් දෙයක් නැහැ ලංකාවේ (දී)
කවදා හැදෙයිද මන්දා මේ ගැමුණු?මහජනතාව අපහසුතාවයට පත් කරන එකෙත් සීමාවක් තියනවා.එකට දැන් උත්තර හම්බුනා ඇති නේද? (දී)
ගැමුණු මම ඔයාට "හු" කියන්නද
ලුම්බිණි මොකද වෙන්නේ
ගැමුණුට නාන්න ලුම්බිණි වතුර අදිනවා වගෙයි (දී)
ඔබතුමා හිතුවට දුටු ගැමුණු කියල මොකද අනතිමට උනේ ??
අපරාදේ හේත්තුවක් දාන්න තිබුණු චාන්ස් එක කෑවා. අපි හිතුවේ අවුරුදු වගේ දවසක් එයි කියලා. ලබන පාරවත් බලමු නේද?(නදී)
දෙපැත්ත කන ගැමුණුට නියම පාඩම (දී)
හූ! හූ!
බෙදී වෙන් උනාම කවදාකවත් දිනන්න බැරි බව ..තේරෙනවද ගැමුණු. (අ)
ලුම්බිණි වගේ මිනිස්සු බලාගෙන ඉන්නේ මොනවා හරි කඩාකප්පල්කාරී දෙයක් වෙලා රට අරාජික වෙනවා දකින්න.ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්න බව පේනවා දමල තියන කොමෙන්ට් එක දැක්කම. (දී)
ගැමුණු විජේරත්න අහිංසක මනුස්සයෙක්. එයාගේ බිරිඳට පිලිකවකුත් තියෙනවා. බස් එකෙන්ම බඩු වගේකුත් උස්සගෙන බිරිඳ බලන්න යනවා මට දවසක් හමු උන. (අ)
අද උදේ බස් ගැමුණුගේ බස් දුවන 163 පාරේ බස් ඔක්කොම වගේ තිබුනා.ඒකෙන් පෙනෙන්නේ තමන්ගේ බස් දුවන පාරේ බස් නවත්ත ගන්නවත් ගැමුණුට බැහැහේ. ගැමුණු වර්ජනය අවසන් කළේ ඒක නිසා වෙන්න ඇති (නි)
අනේ ගැමුණු අපරාදේ නැවැත්තුවේ . ඔයාට තියන්නේ දිගටම ඔය වර්ජනය කරගෙන යන්න . ඔයාගේ වර්ජනය නිසා අද පාරේ තදබදයත් අඩුයි . බස් වර්ජනයක් තියනවද කියලවත් ගානක් නැහැ . අපි වෙනදාටත් වැඩ ඉක්මනට අද වැඩට අවා. පුලුවන්නම් තව සතියක් හරි වර්ජනේ කරලා පෙන්නන්න . ෆිනෑන්ස් එක ගෙවාගන්න බැහැ ඔයගොලන්ට දවසක් දුවන්නේ නැතුව හිටියොත් . ඔය කඩේ ගියාට කමක් නැහැ අපිට පව් දෙන්න එපා.
වර්ජනය කෙරුවත් නැතත්,මුස්ලිම් අයට ප්‍රශ්නයක් නැත. මොකද එයාලා වැඩිපුර ගමන් බිමන් යන්නෙම තමන්ගේම වාහනයේ හෝ ත්‍රී වීල් වලින්. ප්‍රශ්නය ඇත්තේ කවදාවත් ත්‍රී වීල් එකකවත් ගොස් නැති,දහදිය ගඳ දාගෙන බස්වල හිරවෙලා,ලාබ නිසා ලෝබකමට යන සිංහල සහ දෙමළුන්ට පමණි. (නි)
මිනිසුන්ට දැනුනෙම නැති වර්ජනයක් (නි)
ඔය සේරම ,සෙල්ලම් පෙරදිග මුතු ඇටේ විතරයි තියෙන්නේ ,මුළු ලෝකෙන්ම ලස්සනම රට,එහෙත්..,දැන් බලාගෙන යනවිට ජරාම රට කියලයි මට හිතෙන්නේ,හැබැයි මගේ යහළුවන් මට බනින්න නම් එපා .බලන්න දුප්පත් කෙනෙක් කොහොමද ගමනක් යන්නේ ,ලෙඩක්,දුකක් වෙච්ච වෙලාවක ,දුප්පත් කෙනෙක් මොනවද කරන්නේ ඔය ගැමුණුල ගෙදර යවලා,ලංගම බස් ටිකක් වැඩියෙන් දැම්ම නම් හරි (දී)
වර්ජනය මාස ගානකටවත් තියෙන්න ඕනෑ. එක බසයක්වත් ධාවනය නොවිය යුතුයි. සිංහලයාගේ ලෝබකමින් ඉතුරු කරපු මුදල් ටික ත්‍රී වීල් වලට ගෙවලම ඉවරවෙයි (නි)
ගැමුණු කවද්ද හරියට වැඩක් කලේ නේද අනේ (දී)
ගොඩක් අයට රටේ තියෙන සැබෑ අසාධාරණය පෙන්නේ නැහැ (නි)
ගැමුණු මේ පාර නම් නාගත්තා (නි)
මේ පින්තුර දැක්කම මගේ ඇඟේ හින් දාඩිය දැම්ම.බලන්න මිනිස්සු යන හැටි.මාත් පොඩි කාලේ ඉස්කෝලේ ගිය හැටි මතක් උන.වර්ජනයක් නැතත් මිනිස්සු ඔහොම තමා යන්නේ.අපි මේ රටවල් කොච්චර වාසනාවන්තද.ලංකාවේ මිනිස්සුන්ට මන් නම් අනුකම්පා කරන්නේ නැහැ. මොකෝ කතිරේ ගහල ඉල්ලන දේ තම ලැබෙන්නේ (දී)
බස් ගාස්තුව අපිට දරා ගන්න බැහැ (දී)
අනේ ඉතින් බස් මගීන්ට මේ තුන් සරණේ සරනයි (දී)
කටේ නරි වාදන් රෙද්ද පල්ලේ බේරනවා කියන්නේ මේවට අද ගැමුණු නා ගත්ත දවස (අ)
ගැමුණු බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලනවා. නමුත් සේවාව බලු වටින්නෙ නැහැ. පුලුවන් නම් මේවා නතර කරන්න 1. රියදුරා පසෙක සිටියදී කොන්දොස්තර රියදුරු වැඩේ කිරීම. 2. කෙල පෙර පෙරා බුලත් කකා මුදල් ගැනීම 3. මඩ පාග පාගා ඉදිරි දොරෙන් බසිමින් පසුපස දොරෙන් නගිමින් බසය පුරා මගීන් තල්ලු කරමින් බසය පුරා ගමන් කිරීම 4.බසය හෝල්ට් වල බොහෝ වෙලා නවතා ගෙන තිබීම (කොට කොට යාම) 5.අපිරිසුදු ඇදුම් ඇදීම 6. ඉතුරු නොදීම 7. කන පැලෙන්න සින්දු දැමීම 8.මගීන් දෙදෙනෙකුට නොව එකහමාරකට සීට් හැදීම 9. ටිකට් නොදීම සහ තවත් බොහෝ දේ ....... මිනිසුනේ මේවට එරෙහි වෙයල්ලා! මගීන්ට හොද සේවාවක් නොදෙනවා නම් බස්වල යාම වර්ජනය කරමු. එදාට ඔය ගැමුනුලාගේ ඇස් ඇරේවි (නි)
ගැමුණු අය්යේ මම ඔයාට ඊයේ කිව්වනේ...කවුරු නාවත්, ගෙදර උන්දැත් එක්ක එකතු වෙලා ගැමුණු ට්‍රැවල්ස් බස් ටිකවත් වර්ජනය කරන්න කියල.....කෝ ඉතින් එකත් කරේ නැ නේ.....මම හිතන්නේ ගෙදර උන්දැ සහයෝගය දීලත් නැ වගේ....දුක තමයි ගැමුණු.... (දී)
ගැමුණු , ස්ට්‍රයික් කරන ව්දිය දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් ඉගෙන ගන්න (නි)
ගැමුණුට බස් වර්ජනය ගැටළුවක් නොවෙන්නේ ගැමුණුගේ බස් ටික එයාපෝර්ට් එකේ දුවන නිසා බස් 1 -2 තියන පෞද්ගලික බස් හිමියන් හැමදාම බස් ගැමුණු ගේ පදේට නටන්නේ නැහැ (දී)
බස් වර්ජනය නම් දැන් බස් ගාස්තු අඩුකරන්න කියා ගැමුණුට බල කරමු. (දී)
නවත්වන්න කොහෙද වර්ජනයක් තිබුනේ...පෙර වතාවේ තිබුණු වර්ජනයට සහය නොදුන් ගැමුනු කොහෙද තනියෙන් වර්ජන කරන්නේ... (දී)
ලුම්බිණි ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ.ගැමුණු ගහන ගහන පදේට සාමාන්‍ය ජනතාවට නටන්න වෙලා.රටකට ගිය කලක්. (නි)
ඔක්කොටම කලින් ගැමුණු කියන මනුස්සයව රටින් එලවල දන්නා ඕන දගලනවා ඕනවට වැඩිය.(අ)
අනේ ගැමුණු, බස් ගාස්තු වගේම සේවාවත් ඉහල දාගන්න බලන්නකෝ. (අ)
"බස් ගැමුණු "නිකම්ම නිකම් "පුස් ගැමුණු" කෙනෙක් කියල රටම තේරුම් ගත්තා. (අ)
පෞද්ගලික බස් සේවය ගැන නම් කතා කරන්න එපා
වර්ජනය නතර කරන්න නම් වර්ජනයක් තිබෙන්න එපාය. අපි නම් බස් වර්ජනයක් තිබුණු බවක් දැක්කේ නැහැ. (අ)
ගැමුනුවගේ බස් ටික ඔක්කොම දුවන්නේ එයාර් ලංකා ස්ටාෆ් එක අදින්න. මිනිහට ඕන පාරේ දුවන බස් නවත්වන්න. නමුත් මේ පාර බස් කාරයෝ මෙයාගේ ලනුව කෑවේ නැහැ. (දී)
මමත් පුද්ගලික බුස් වල වැඩ කරලා තියන නිසා දන්නවා. බස් ව්‍යාපාරය පාඩු නැහැ. බස් ගාස්තු වැඩිකරලා විසදුම් ලැබෙන්නේ නැහැ. කරුණාකරලා බස් හිමියෝ සබාපතිලා එකතුවෙලා ඔය කොන්දොසතර මාටියා ගහන එක හොරකම් කරන එක නවත්වන්න. එතකොට ඔය ප්‍රස්නේ නිට්ටාවට හොදවේවි. නිකම් එකතු කරලා බලන්න 2004 දී මම දන්නවා කොන්දොස්තර දවසට අඩුමෙ තරමේ රු 500 විතර හොරකම් කරනවා. රියදුරත් එක්ක සැපට කාකා බිබී වියදම් කරනවා. ගෙදර යනකොට අඩුම කුඩුම රෑට බොන්න අරක්කු බගයකුත් ගන්නේ බසයේ මුදලින්. බලන්න පාඩුද කියලා. මේක තමයි පරම සත්‍ය. එතනට විසදුම දුන්නම හරියටම හරි. ගැමුණු මහත්තයෝ මේක සාමාන්‍ය දැනුම.කරලා බලලා සල්ලි දෙන්න. (නි)
බස් ගාස්තුව වැඩි කරගන්න වර්ජනය කළාට බස් සේවකයන්ගෙන් මගීන්ට සිදුවන අකටයුතුකම් ගැන කතාකරන්න කවුරුවත් නැහැ. හාමුදුරු නමක්, විදුහල්පති කෙනෙක් , ගුරුවරයෙක්, වැඩිහිටි කෙනෙක් බස් කොන්දොස්තර දකින්නේ මගියෙක් විදිහට. එයාලට කතා කරන්නෙත් බජාර් භාෂාවෙන්. මාර්ගයේ බස් ධාවනය කරන ආකාරය මගීන්ට වෙන අපහසුතාවය ඉතුරු මුදල් හරිහැටි නොදී කරන වංචා ගැන කතා කරන්නේ මොන සංගමයද? (නි)
අනෙක් බස් සංගම් ගැමුණුට දවල් තරු පෙනෙන්න හොද කනේ පාරක් දීලා තිබෙනවා. ලැජ්ජාවක් තියෙනවා නම් අදම සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. නිකන් බොරු කතා කියලා වර්ජනේ නැවත්තුවට වර්ජනේ අසාර්ථක බව එයාට තේරුණා. දැන් සීයට හතත් නැහැ දහයත් නැහැ (නි)
ලුම්බිණිලවගේ දෙලොවටම නැති මිනිස්සු ඇති රටක දුප්පත් මිනිහට කවර පිහිටක්ද (දී)
ඔවුන්ගේ නීච කඩාකප්පල්කාරී ක්‍රියා සහ ගැමුණු විඡේරත්න වැනි සමිතිකාරයන්ට එරෙහිව සිවිල් ප්‍රජාව සංවිධානය විය යුතු හොඳම අවස්‌ථාව එළැඹ තිබේ. බස් ගාස්‌තු 10% කින් වැඩි කළාට කොන්දොස්‌තරගේ සහ ඩ්‍රයිවර්ගේ පඩි සත පහකින්වත් වැඩි වන්නේ නැත. ඔවුන්ට ඇති අමතර ආදායම වන්නේ බසයේ දෛනික ආදායමෙන් සොරාගනු ලබන කොටස ය. හොරුන්ට බිය වීමෙන් වළකිමු. සිවිල් ප්‍රජාව ලෙස සංවිධානය වෙමු. (නි)
දැන් බස් හිමියෝ මෝඩ නැහැ. (නි)
වැඩ වර්ජකයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා හිටපු ජනාධිපතිවරයෙක් 1980 වසරේ. (නි)
මේවට උත්තර ළඟදීම ජනතාවට ලැබෙයි හොඳට ලුණු ඇඹුල් සමඟ. (නි)
අවසාන මොහොත මාගේ.... (නි)
ලංකාවේ මිනිස්සු කවදද එක තීරණයක උන්නේ? ඉතින් කොහොමද වර්ජන කරන්නේ. (ස)
ගැමුණු දැන් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. නැත්නම් අපි එළවනවා (නි)
මොකද මේ මිනිහට මහතා කියල කියන්නේ ... මේ අයට මහත්මා ගතියක් තියෙනවනම් අසරණ මිනුස්සුන්ව අමාරුවේ දාවිද...මේ ඔක්කොම දේශපාලනේට යට වෙලා ..පොලිටික්ස් හෙන්චය්යෝ.. (දී)
සෑහෙන කාලෙක ඉදො කෑගහපු ගැමුණු මාමට දැන් තේරෙනවා ඇති ලාහට ගෙම්බො එකතු කරන්න බැරි බව. (නි)
බස් ගැමුණු දැන් දේශපාලුවන්ගේ අත කොලුවක්. අනික අහිංසක මිනිසුන්න්ගේ සල්ලි කරන්න මෙයාට පිස්සුද? පව් ගැමුණු!!! (නි)
පොදු ප්‍රවාහන සේවය ක්‍රමක් ක්‍රමයෙන් නැවත රජයට පවරගන්න ඕනෑ. ලෝකේ දියුනු රටවල පොදු ප්‍රවාහනය සිද්ධ වෙන්නේ රජය මගින්, පාඩු ලබන ගුවන්යානා සමාගම් නඩත්තු කරන වියදම් කරන රුපියල් කෝටි 2150 ලංගමට යෙදෙවුවා නම් අපිට ප්‍රයිවට් බස් කාරයන්ගේ ගෑස් නොබලා කරදරයක් නැතුව ගමනක් යන්න පුළුවන් (නි)
වෙල්ගම මහතා කෙලින් හිටියොත් ගැමුණුගේ කොන්ද නිකම්ම කැඩෙනවා. බස් ගාස්තු වැඩි කරන්නේ නැත යන මතයේ හිටියොත් , බස් නිකම්ම දුවනවා. මොකද , ගැමුණු ඒ අයගේ ලීස් ගෙවන්නේ නැනේ. (දී)
හැමදාම එකම විදියට බලය පතුරන්න බැරිබව බස් ගැමුණු අදවත් දැනගන්න ඇති. බස් වර්ජනයෙන් ආදායම නැති වුනාම පිනෑස් ගෙවන්නේ ගැමුණු නෙමෙයි කියලා තේරැම් ගත්ත බස් හිමියන් ගැමුණු කපපු වලේ නොවැටී ඉන්න පටන් ගත්තා. ගැමුණු නිකම්ම නිකම් පච ගැමුණු උනා. (දී)
හොඳම දෙය තමා ලංගම බස් ධාවනයට අලුතින් බස් එකතු කිරීම. (දී)
මට හෙට වැඩට යන්න පුළුවන්
බස් ගැමුනුගේ උවමනාවන් ඉටු කරන්න අනෙක් අය බිල්ලට දෙන්න වුනත් සූදානම්. (නි)
ගැමුණු සමහර අහිංසක බස් හිමියන්ට පාට් දානවා නේද? (නි)
හික් හික් හික් හික්..... (දී)
බොරු වර්ජන එපා ගැමුණු
වර්ජනේ නතර උන එකට ලුම්බිණිට හිතේ අමාරුව, (ස)
ලුම්බිණිල වගේ කට්ටිය එකතු උනොත් නම් හොද කුඹුරක් මඩවතහෙකි!!!
අනේ මේ ගැමුණු, ඔබ දුටු ගැමුණු කියල හිතුවද?ඔයාට හිතෙන වෙලාවට ඉස්ට්‍රයික් කරන්න. ඊට පස්සේ නතර කරන්න. (දී)
අනේ මේ ගැමුණු, ඔබ දුටු ගැමුණු කියල හිතුවද?ඔයාට හිතෙන වෙලාවට කරන්න.ඊට පස්සේ නතර කරන්න.(අ)
අහිංසක බස් මගීන්ගේ ජයග්‍රහණයක් . බස් ගැමුණු කොට උඩ.(අ)
මේ පාරනම් ගැමුණු ලොක්ක ඇදගෙන නාගත්තා නේද ! (අ)
වර්ජනයට පෙර සහෝදර සංගම් සමග සම්මුතියට එන්න! (නි)
බස් වර්ජනය කරත් තැලෙන්නේ පොඩි මිනිස්සු, බස් ගාස්තු වැඩි කරත් තැලෙන්නේ පොඩි මිනිස්සු, සල්ලි තියෙන ඇත්තෝ බස් තිබ්බත් නැතත් සුපිරි රියක නැගලා AC daගෙන වට පිටවත් නොබලා යයි. අපි හැමදාමත් කබලෙනුත් ලිපට.(අ)
අනේ ලොකු දෙයක් ඒකත් වැඩි උණනම් අපිට වෙන්නේ ඩීසල් බීලා හයියෙන් දුවන්න. දැන් සාමන්‍ය මිනිස්සු කාලා නෙවේ ලෙවකාලා ජිවත්වෙන්නේ තව ටිකක කාලෙකින් ලෙවකෑමත් නැතීවෙලා වහ කන්න වෙන්නේ (දී)
ඔය කයිවාරු ගැහුවට මෙයාල ඕනෑ නම් දවසක් ස්ට්‍රයික් කරයි.නැතුව එයාලා කොහොමද ෆිනැන්ස් ගෙවන්නේ? (නි)
බස් වර්ජනය අසාර්ථක උනේ බොහෝ දෙනෙක් සහය නුදුන් නිසයි එයට හේතුව වුණේ තිබෙන බස් ගාස්තු ප්‍රමන්ණවත් බව බහුතර බස් හිමිකරුවන් පිරිසක් පිලිගන්නා බවයි ..අසරන මිනිසුන් ගේ කර මතින් ගස් වෑජබෙන්න හදන අසාධාරණ බස් හිමියන් කීප දෙනෙක් තමා මේවා කරන්නෙ (අ)