IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බස් රියැදුරාගේ තර්ජනය කැමරාවේ පටිගත වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"යුනිෆෝම් එකට ගරු කරලා සලකලා යවනවා. නැත්තම් මම උඹව උස්සලා පොළොවෙ ගහනවා" යයි පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කළ බව පෞද්ගලික බස් රථ රියදුරුකු මහරගම නිලම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.

වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රාජගිරිය දේවස්ථානයක් අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී හෙට්ටියාවත්ත සිට නුගේගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය බස් නැවතුමෙන් පිටත් නතර කර තිබූ බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී  බස් නැවතුමෙන් පිට නතර කිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරාට එම වැරැද්ද පෙන්වා දී දඩකොලයක් ලබාදීමට කටයුතු කිරීමේදී සැකකාර රියදුරු කොස්තාපල්වරයාට  අත දිගු කර තර්ජනය කරමින "උසාවියට බැරිනම් ඕන තැනකට දාන්න , දඩ ගහන එක එච්චර ලොකු දෙයක් නෙමේ පාරේ ඉන්න එපා, මතක තියා ගනින් උඹව යට කරල මරනවා, මට කවුරු වුණත් කමක් නෑ , මගේ නම ඩිල්ශාන් හොඳට අහලා බලහන් යනුවෙන් තර්ජනය කර එම ස්ථානයෙන් පිට වී යන අයුරු දක්නට ලැබිණි.

එම අවස්ථාවේදී කොස්තාපල්වරයා කිසිම අවුලක් නැහැ තැන්කියු යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.

සැකකාර රියදුරු කොස්තාපල් වරයාට එලෙස තර්ජනය කරන අයුරු කොස්තාපල්වරයා  සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබිණි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (12)

බස් රියැදුරාගේ තර්ජනය කැමරාවේ පටිගත වේ

Bunny Preena Wednesday, 02 August 2023 01:15 PM

එහෙම කතා කරනවා කියන්නේ ඉතින් ලොකු බලපුළුවන් කාරයෙකුගේ අතකොළුවක් වෙන්න ඕනේ. ඔහුගේ හැසිරීම අන්තිමයි. උපරිම දඬුවම් ලබාදිය යුතුයි.

:       2       92

podi hadaya Wednesday, 02 August 2023 01:22 PM

විනිසුරුතුමනි, උපරිම දඬුවම දෙන්න... මොවුන් වැඩි කොටසක් අවිනීත විදිහට පාරේ ධාවනය කරන්නේ...

:       2       102

මගියා Wednesday, 02 August 2023 01:49 PM

පොලිසියට මෙහෙමනම් බස් එකේ යන මිනිස්සුන්ට මුන් කොහොම සලකනවා ඇද්ද? සල්ලි තියෙන පලියට බස් දාන්න දුන්නම ඔහොම තමයි. සින්ගපුරුවේ වගේ පොදු සමාගමක් යටතේ පමණක් බස් රථ ධාවනයට ඉඩ ලබාදෙන්න.

:       0       65

abaran Wednesday, 02 August 2023 01:59 PM

99%ක්ම මොවුන් මෙහෙම ත්‍රාඩයින් තමයි. ඒත් ඉඳලා හිටලා මේවගේ එකෙක් දෙන්නෙක් අහු වුණාට අනිත් අය තවමත් නිදැල්ලේ හරක් වගේ පාරේ යනවා. පාරේ යන අනිත් මිනිස්සුන්ට අබ සරණයි. මෙයාව සොරිවිල වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්න මට්ටමට පත් කළොත් නරකද?

:       0       66

Perera Wednesday, 02 August 2023 02:50 PM

බස් එකේ ටයර් වලටත් වඩා මෙයාගෙනේ හුළං වැඩි...!

:       0       37

Susantha A. Herath Wednesday, 02 August 2023 03:46 PM

මේ හැම නිලධාරියෙකුටම ඇමෙරිකාවේ සහ යුරොපයේ වගේ ශරීර අරක්ෂණ ක්‍රමයක් ලබදිය යුතුයි... මොකද සාමාන්‍ය ජනතාව වගේම පොලිස් නිලධාරීන්ද කතාකරන ආකාරය අන්තිමයි. මම ද ඔය වැනි දේකට මුහුණ දුන්නා. නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවක. නුවර, කුරුණෑගල පාරේ මාවතගමදී ඒ පාරේ අයට කතා කරන්න දන්නේ නැති නිලධාරීන් ඉන්නවා සේවයේ...!

:       1       18

dasun Wednesday, 02 August 2023 03:48 PM

කිසි සමාවක් නැහැ. ජීවිත කාලයටම වාහන පැදවිය නොහැකි වන පල්මු පුද්ගලය මොහු විය යුතුයි.

:       0       27

Colombo citizen Wednesday, 02 August 2023 04:11 PM

176 බස් ඩ්‍රයිවර්ල ඉතාමත් අවදානම් විදියට බස් එලවන්නෙ. අනෙක් අය සේරම අයින් වෙලා ඒ ගොල්ලන්ට ඉඩ දෙන්න ඕනෙ . පොලිස් ලොක්කො තුනට හතරට නැවෙන කොට මේ වගේ රාලහාමි කෙනෙක් ඉන්න එක අපිට හයියක්.

:       0       36

chariya Wednesday, 02 August 2023 04:46 PM

ඔක්කොම යාළුවෝ මල්ලි...!

:       7       12

බද්රානි Wednesday, 02 August 2023 06:17 PM

මම නම් කියන්නේ ඔහොම වෙලා මදි... පොලිස් කාරයින්ගේ කන් පැලුවා නම් තමයි ශ්‍රී ලංකා පොලිසියේ ඇස් ඇරෙන්නේ. ඔය මගමරුවන් මහපාරේ අනතුරු දායක ලෙසින් බස් ධාවනය කරද්දී, පොලිස් කාරයින් ඇස් පියාගෙන ඉන්නවා අපි ඕනෑතරම් දැකලා තියනවා. දුප්පත් මෝටර් සයිකල් කාරයින්ට තමයි ඔක්කොම ලොකුකම්... ස්තුතියි! ඩයිවර්, පොලිසියට මේ වගේ පාඩමක් ඉගැන්වුවාට

:       0       1

pakeer Wednesday, 02 August 2023 09:00 PM

මෙයා අනිවාර්යයෙන් ලොකු කෙනෙක්ගේ පොරක්. මෙයාට නීති වැඩක් නෑ. පුළුවන් නම් නීතිය හරියට කරලා පෙන්නන්න. මොවුන් අනිවාර්යයෙන් කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. මෙයා කරන්නේ මරණ තර්ජනයක්... ඕක තමයි විවෘත්ත ආර්ථිකේ ඵල විපාක. රනිල්ට, චන්ද්‍රිකාට, මහින්දට අනිත් අයට... මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන්...?

:       0       0

samana perera Thursday, 03 August 2023 08:32 AM

පොලිටික්කෙක් ,සල්ලි කාරයෙක්, නිලියෙක් ඔහොම කරනකොටත් ඔය ගැම්ම තියෙන්න ඕන හරිද :)

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site