පදියතලාව මාඔය මාර්ගයේ ගල්ඕඩය පාලම අසලදී ලොරි රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 27 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ රියදුරු අනතුරින් මියගිය අතර ත්‍රිකුණාමලයේ සිට බිබිල කෘෂිකර්ම ව්‍යාපෘතියකට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථය එසේ අනතුරට ලක්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
බීමත්ව රිය පැදවීම රිය අනතුරු සදහා ප්‍රධාන හේතුවක්. රියදුරු යනු මගී ජීවිත වලට වගකිව යුතු පුද්ගලයෙක්. අහිමි වන ජීවිතයක වටිනාකම අනෙක් කාටවත් වඩා වටින්නේ ඔහුගේ හෝ අයගේ පවුලේ සාමජිකයන්ට. සමහර විට එය මෙලොව නොබෝ දිනකින් උපදින්නට සිටින දරුවෙකුට තම පියා අහිමි වීමකි. එවන් අවාසනාවක් තවත් ඇත්ද. (ම)
ලංකාවේ දැන් එන්න එන්නම රිය අනතුරු වැඩිවෙනවා. මෙවැනි අනතුරක් අහන්නට නැති දවසක් නැහැ. (නි)
මාර්ග විනය එක් කෙනෙක්ගේ නැතිවුණාම ඇති රිය අනතුරක් සිදුවෙන්නට. හැම කිලෝමීටරයක් ගානෙම පොලිසියෙන් දාන්නද? කෙසේවෙතත් රථ වාහන පොලිස් අංශයට නම් වැඩිපුර මාර්ග නිලදරුවන් අනුයුක්ත කරන්න වෙනවා දවස ගානේ වැඩිවන වාහන කන්දරාවට ..! (නි)
මෙම තත්වය රටේ සමස්ත රිය පැදවීමේ නීති බිඳවැටීමේ තවත් එක ප්‍රතිඵලයකි. මිනිසුන් රියදුරන් ලෙස හැසිරෙන , හිතන සහ ක්‍රියාකරන ආකාරයේ දියුණුවක් ඇති කරගන්නේ නැත්නම් මෙම තත්වය පාලනය කරගත නොහැක (නි)
ටිපර් කාරයෝ කොහොමටත් යන්නේ එයාලාගේ පාර වාගේ නේ (ම)
මෙයට ආරක්ෂාව අඩු වාහන තිබීමත් බලපානවා.එම වාහන පදින අයට එහි වටිනා කමක් නෑ ..හොදට බලන්න අනතුරු වලින් 75% ක් ම වෙන්නේ අඩු මිල වාහන නිසා.....මගී ආරක්ෂාව වැඩි වාහන ලංකාවේ භාවිතය වැඩි කරන්න ඕනේ....(ම)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
ධර්මසිරි හරි.(හේ)
තරඟකාරී සමාජය ජයගන්න රෑ දවල් නොබලා දුවනවා. අන්තිම ප්‍රතිඵලය මරණය වෙනවා. (නි)