කොළඹ නගරයේ මගී ප‍්‍රවාහන බස්රථ ධාවනය සඳහා මාර්තු මාසයේ සිට මංතීරුවක් වෙන්කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ද ඇමැතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද පැවති මෙගා පොලිස් වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමිනි.
දැනට බස් ඇතුළු බර වාහන වමෙන් පැදවිය යුතු යැයි පොලිසිය කියන නමුත් බොහෝ රියදුරන් එම උපදෙස් නොපිළිපදින බව මගීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මේ ක්‍රමය කොපි කලේ පැරිසියෙන්.ආයේ දෙකක් නැහැ.හොඳයි බොරුද..?ඉතාමත් ආරක්‍ෂිත ක්‍රමයක් පැරිසියේ නම්. අපේ රටේ කොහොමද කියලා බලමුකෝ. (ස)
හෙට අනිද්දා බස් ලොක්ක එලියට බැහැල එක පාරක් සද්දයක් දැම්මම මේ ඔක්කොම කතා හබක්! (ම)
බස් මං හදන්න පෙර ඊට හරියන විදියට පාරවල් හදල හිටියනම් හරි නේද. කොළඹ අවට පාරවල් අපායවල් වගේ. (බ)
බොහොම හොද වැඩක්. සුබ පතනවා (බ)
කොළඹ කොටුවේ ගිය ආණ්ඩුව මගින් මෙය ක්‍රියාත්මක කළා. දැනටත් පොලීසිය නීති මගින් මෙය උල්ලංඝනය කළොත් දඩ ගහනවා. බොරු කියනවා නිමල් ඇමතිතුමා (බ)
සුපිරි වැඩක්..(බ)
එතකොට අනිත් වාහන? (නි)
මේවා කරන්න පෙර මාර්ග හරියට හදා හරියට නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
අනේ හොඳයි. ඕවා අපේ ජීවිත කාලය ඇතුළත කරන්න. මොකද අපිත් ආසයි මරණ බයක් නැතුව මහ පාරෙ යන්න. ඒත් ඉතින් මේකට විරුද්ධව පුද්ගලික බස් ස්ට්‍රයික් කරනකොට ඒකට පිළියමකුත් කල්පනා කරගෙන ඉන්න වෙයි. (නි)
වැඩේ නම් හොඳයි. එහෙත් කමිටුවක් කියනකොට බය හිතෙනවා. කමිටුවට තීරුබදු රහිත වාහන ගෙනල්ලා, වෙනමම කාර්යාල පහසුකම් දීලා වැඩේ පටන් ගන්නකොට කවදා වෙයිද? (නි)
මම දන්නේ නැහැ ඔය කියන විදිය හරියටම මොක්කක්ද කියල. බස් සදහා පමණක් තීරුවක් තමයි සුදුසුම ක්‍රමය. එම තීරුවේ වෙන වාහන වලට යන්න ඉඩ නොදිය යුතුයි. එතකොට බස් එකක් මාලඹේ සිට කොලඹට විනාඩි 15න් යන්න පුළුවන්. කොට කොට ඉන්න ඕනිත් නැහැ. අපිට එතකොට කාර් එක ගෙදර දල හොඳ බස් සර්විස් එකක් තියේනම් බස් එකේ විනාඩි 15න් කොලඹට යන්න පුළුවන්. පැය ගනන් පාරේ කාර් එකේ දුක් විඳිනවට වඩා. (ස)
හැමදාම කමිටු පත්කරනවා ඇරෙන්න කිසිකෙනෙකුට හරියට වැඩක් කරගන්න බැහැ. වැඩේ පටන් ගන්නකොටම කමිටුවෙන් නතරවෙනවා. ඊට එහා යන්න බැහැ (නි)
ඔස්ට්‍රේලියාවෙ බස් මංතීරු ක්‍රමය සාර්ථකව තිබෙනවා. (ස)
මේකට වෙන් කරන්න වෙන්නේ වම් පැත්තේ මං තීරුවයි . මොකද නොනවත්වා යන වාහන වලට අනිත් ලේන් ලබා දිය යුතුයි. මගීන් නැග්ගවීම බැස්සවීම කරමින් බස් රථ වමේ ගමන් කලොත් නගරාසන්නයේ පැයට සැතපුම් දෙකතුනකට වඩා වේගයක් ලැබෙන එකක් නැහැ . වමට හරවන වෙනත් වාහන වලටත් මේ මං තීරුවේ ගමන් කිරීමට ඉඩ දිය යුතු වෙනවා .දකුණු මං තීරුව බස් වලට දුන්නොත් මගීන් නැග්ගවීම බැස්සවීම කරන්නේ කොහෙද ? (ස)
ගාලු පාරේ බස් මංතීරුවක් තියෙනවා, එත් බස් ඔක්කොම මංතීරු වල. (ස)
ගාලු පාරෙ සහ කොළඹ අතුලත ගිය රජය මෙය ක්‍රියානත්මක කළා. ඒක පොලීසිය ඉදිරියට ගෙන නොයාමයි වෙලා තියෙන්නෙ. (ස)
දැනටමත් කොළඹ පාරවල් වල ලියල තියෙනවා "බස් ලේන් " කියල ඒ උනාට බස් කාරයෝ යන්නේ නෑ. පොලිසිය ඔහේ බලන් ඉන්නවා. මේකේ අදහස් දාන ඒකාල කොළඹ පැත්තේ ගියපු අය නෙමෙයි. (ස)