
(නිමල කොඩිතුවක්කු)
බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී පැවසීය.
බස් රථ හිමියන් සහ මගී ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මගී ජනතාවට මෙන්ම බස්රථ සේවකයන් ගේ සුබ සුද්ධිය සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීවේය.
රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් සමාජ ආරක්ෂණ ක්‍රමයකට යටත් කරමින් සුබසාදන වැඩපිලිවලක් ගොඩනගන බවද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන පිරිසට පමණක් එක් වීමට නීති හදන්න. මෙලෝ චාරයක් නැති අමන පිරිසක් රියදුරු බලපත් ගත්තු පමණින් මේවට එකතු වීම නිසා තමයි ඔක්කොම ප්‍රශ්න...
ටිකට් අනිවාර්ය කළ යුතු නැත. එය අනිවාර්ය දෙයක් වේ. ටිකට්පත් නොදෙන්නන්ට දඬුවම් තමයි ඕනේ... එමෙන්ම මගී රක්ෂණාවරණය.
බස් ටිකට් එක අනිවාර්ය කිරීම වැදගත්. මගියෙකුට තමන් මුදල් ගෙවා ලබා ගත් බස් සේවය පිළිබඳව යම් පැමිණිල්ලක් කල හැකි එකම සාක්ෂිය බස් ටිකට් එකයි. උදාහරණයක් ලෙස බස් අනතුරකදී තමන් එම බස්රියේ ගමන් කළ බවට එකම සාක්ෂිය වන්නේ බස් ටිකට් එකයි.
CTB බස් වලත් රාත්‍රියට, කෙටි දුර වලට ටිකක් දෙන්නේ නෑ සමහරු. ඉලෙක්ට්‍රෝනික කාඩ්වලින් ගෙවන්න ක්‍රමයක් හදන්න..
දැන් ඔය පාර මේ යෝජනාවට එරෙහිව, ගැමුණු විජේරත්නගේ නඩයයි, "හොර කොන්දොයි" ඒකරාශි වෙලා, රට පුරා දැවැන්ත බස් වැඩ වර්ජනයක් පටන් ගන්නවා නියතයි... බස් මගීන්ට ටිකට් පතක් නොදීමෙන් හොර කොන්දෝ බස් හිමියන් විශාල වශයෙන් ගසා කන අතර, මගීන්ට ඉතුරු මුදල් නොදීමෙන්, අනිත් පැත්තෙන් මගීන්ද ගසා කනවා... දෙපැත්තෙන්ම මඩිය තරකර ගන්නෙත් මේ හොර තක්කඩි කොන්දෝ නොවෙයිද? කිසිම රජයකින් මගියාට සහනයක් සපයා නැත. මේ ගැන බස් මගීන් හැටියට අප මාලිමා රජයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ...