සැප්තැම්බර් පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව ප්‍රවාහන ඇමැති සී බී රත්නායක මහතා රිකිල්ලගස්කඩදී ප්‍රකාශ කළේය.
හිතුමතේ බස් ගාස්තු වැඩි කරන බස් සංගම්වලට එරෙහිව අධිකරණයට යන බවත් එම වර්ජනය කරන්නවුන්ගේ ධාවන බලපත් තහනම් කරන බවත් ඇමැති පැවසීය.
සියයට දහයකින් බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි. බලමුකෝ තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා (නි)
මොකක්හරි කරලා බැරිවෙයිද මේ පාරත් ශේප් කරගන්න. (නි)
පළවෙනිදා වැඩි කරන්න දෙන්නේ නැහැ.වෙන දවසක දෙයිද දන්නේ නැහැ. (නි)
මෙයත් දැන් බන කියනවා.(නදී)
බස් කාරයෝ වැඩිය දගලනවා නම් මාර්ග ධාවන බලපත් අහෝසිකර බස් ලංතමට පවරා අයිතිකාරයන්ට වන්දියක් දී බස් මාෆියාවෙන් අසරණ ජනතාව මුදවා ගතහොත් ඔබ තුමා අගමැති කමටත් සුදුසුයි. බස් කාරයන්ට විරුද්ධව සටන්වදින්න , ජනතාව ඔබ වටා රොක් වෙනු ඇත.(නදී)
2 වෙනිදා ඉඳලා වැඩි කරන්න පුළුවන්. ඇමතිතුමා හරි (නි)
අන්න හොදයි ඇමතිතුමා. ඔය එක එක්කෙනාට ඕනෑ විදියට මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න දෙන්න එපා. (නි)
ඇමැතිතුමාලා ඔහොම කිව්වට වැඩේ නවත්වන්නේ නැහැ. කිරි පිටි , සිමෙන්ති, පාන් පිටි . ගෑස් මිල වැඩි කරපු වෙලාවලදී ඔහොම කියපු ඇමතිවරු හිටිය මේ සන්ධානෙම. නඩු දානවා කිවා. කෝ? ඔක්කොම අපිව රවට්ටන්න විතරයි. මේකත් එහෙමම තමයි.(නදී)
මම දන්නා බස් අයිතිකාරයෝ කීපදෙනෙක් කීව්වා අපිට නම් බස් ගාස්තු වැඩිකලොත් ලාබය වැඩිවෙනවා විතරයි කියලා. දැනටත් කිසිම දවසක පාඩු අරගෙන නැහැ කියලත් කීව්වා.(නදී)
වැඩිකරන්නේ නැහැ සංසෝදනය කරනවා /// ඕක තම අපේ ඇමති කරන්නේ.(නදී)
හරියට ගෙවන මුදලට ටිකට් එකක් දී ගන්න බැරි කොට වෙන කතා මොකටද? (නි)
වැඩි උනත් ඔයාලට අවුලක් නෑ. අපිට තමයි දුක. අපි දුකින් හැමදාමත් දුකින්. ඡන්දයේදී අපි රවටනවා. අපිත් රැවටෙනවා .(නදී)
ඡන්දය අවසන් වනතුරු බස් ගාස්තු වැඩි කරන්න දෙන්නේ නෑ යනුවෙන් මෙය සංශෝදනය විය යුතුයි.(නදී)