සැප්තැම්බර පළමුවැනිදා සිට පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් වැඩි කිරීමට තීරණය කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.
ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් 10 දක්වා වැඩි වෙන බව ද ඔහු කියයි.
සැප්තැම්බර පළමුවැනිදා සිට පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් වැඩි කිරීමට තීරණය කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.
ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් 10 දක්වා වැඩි වෙන බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බස් සංගමය තහනම් කරලා බස් ටික රාජසන්තක කරලා ලංගමට පවරන්න කියලා උද්ගෝෂණයක් කරන්න කවුරුත් නැද්ද? (නි)
මෙන්න තවත් ආශ්චර්යක්. බස් මගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ කව්ද? (නි)
සමහරක් රටවල බස් ගාස්තු වැඩිකිරීමට සිද්ධ වුවහොත් එහි කොටසක් ආණ්ඩුව විසින් බාර ගන්නවා .ඒ කියන්නේ බස් හිමියන්ගෙන් ආණ්ඩුවට ලැබෙන මුදල් ගාස්තු වලට සහනයක් දෙනවා .ඒ වගේ සහනයක් දුන්නොත් ඔවුන්ට මගීන්ගෙන් මෙච්චර මුදලක් අය කිරීමට අවශ්‍ය වන්නේ නැත. (ස)
මගීන්ගේ පැත්තෙන් බැලුවම ගාස්තු වැඩි කිරීම අසාධාරණයි. එත් බස් හිමියන්ගේ පැත්තෙන් බැලුවම ගාස්තු වැඩි කල යුතුමයි. මමත් බස් හිමියෙක් විධිහට මම දන්නවා රජයෙන් අපිට කිසිම සහනාධාරයක් දෙන්නේ නැ. ඒ නිසා අපිට මේ සේවාව පවත්වාගෙන යන්න මේ ගාස්තු වැඩි වීමක් අත්‍යවශයි. මොකද රජයෙන් අපිට එක රුපියලක්වත් අඩුවෙන් ඩීසල් ලීටරයක්වත්, කිසිම අමතර කොටසක්වත් දෙන්නේ නෑ. ඉතින් අපේ පැත්තෙනුත් පොඩ්ඩක් හරි හැමෝම බලනවනන් ගොඩක් හොදයි. (අ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්!එයාලට වැසි වෙන විධියට. (අ)
මේ ගැමුණු තමුන්ට ඔය වැඩේ කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දීල අයින් වුනොත් නේද හොඳ .බස්වල යන්නේ සුපිරි පැලැන්තියේ අය නෙවෙයි ..දවසේ පඩි ගන්න අය එහෙම නැත්නම් මාසික වැටුප් ලබන මැද පන්තියේ අය ..මේ විදියට අහිංසක මිනිසුන්ගේ බඩට ගහන්නේ තමුන්ගේ මඩිය තර කරගන්න නේ .ඔබතුමා බස් අයිතිකරුවෙක් වුනාට පාන්ගෙඩියක් ගන්නවත් බස් එකක යන කෙනෙක් නෙවෙයිනේ ....පින්සිද්දවෙයි ඕක වෙන කාට හරි දීල පිනක් දහමක් කරගෙන ඉන්න (දී)
බස් ගාස්තු වැඩි වීම සාධාරණයි,එත් අපට හොඳ සුපොගබෝහි සේවයක් දෙන්ඩ.(අ)
ඉස්සෙලම සංගමයේ සාමාජිකයෝ ටික එකතුවෙලා ගැමුණු සභාපති කමෙන් ඉවත් කරන්න , ඊට පස්සේ සුදුසු සභාපති කෙනෙක් තෝරා ගන්න , ගැමුණුට මොළයක් හෝ බලයක් නොමැත ඒබව ඔහු විසින් සංවිධානය කරන ලද පසුගිය වර්ජනයෙන් ඔප්පු විය , නැත්නම් සිද්ධ වෙන්නේ ජනතාව කෝපවෙලා බස් වලට පහරදීලා බස් ටික පොඩිපට්ටම් කරලා දාවි , එවැනි කොලහලයකදී විශාල ජිවිත සහ දේපල හානි සිදුවුනොතින් , ප්‍රශ්නය ජනාධිපති තුමා කරා යනු ඇත , එතකොට සමහර විට ජනාධිපතිතුමා පුද්ගලික බස් රජයට පවරාගෙන ඓතිකරුවන්ට වන්දි ගෙවා ප්‍රවාහනය ලංගම යලිත් භාර දීමට බැරි නැත , එතුමා එහෙම තීරණයක් ගතහොත් ජනතාව එම තීරණය බොහොම සතුටින් පිළිගෙන පාර අසල කිරිබත් කැවුම් උය ප්‍රීති වනු ඇත අන්තිමට වෙන්නේ බස් අයිතිකරුවන්ට යන එන මන් නැති වෙන එකයි , (අ) කරුණාකර ගැමුණු කියන බහුබූත නොකර ටමන්ගේ පාඩුවේ වියපර කරගෙන යන්න
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාණනි,මගීන්ගේ ගාස්තු වැඩි කිරීම අසාධාරණයි.අහිංසක මගින් රුපියල් 10 ක් දුන් විට ඉතිරි මුදල් නැත. එය ගසා කති.ජනතාවට වැටුප් වැඩි කර නැති බවත් දන්නවාද? බස් ගාස්තු 10%කින් ඉහළට ගියාට හොඳ සුපොගබෝහි සේවයක් ඔබතූමාට දෙන්ඩ පුළුවන්ද? අප ගැනත් සිතන්න පුරුදු වන ලෙස මතක් කර සිටිමි. (ස)
එදා වෙලා හොයාගන්න දුක්විදින දුප්පතාට තමයි එකෙනුත් බඩේ පාර..සුපොගබෝගී ජිවිත ගතකරන අයට මේවා දෙනෙන්නේ නෑ........... (ස)
අනේ හොඳයි. 20% වැඩි කළා නම් හොඳයි. කාගෙන් තහනමක්ද? (ස)
අනේ! හොදක් නම් වෙන්න එපා අපිට කරන මේ කරදර වලට (නි)
තිලකරත්න මහතාගේ ප්‍රකාශය මම එක හිතින් අනුමත කරනවා. ඒත් මහත්තයෝ, ගැමුණුගේ පම්පෝරි කතා තමයි අපිට අල්ලන්නේ නැත්තේ (නි)
මහජනයා "සත්‍ය වශයෙන් ගෙවන" බස් ගාස්තුව අඩුකරන්න මම යෝජනාවක් කරන්න කැමතියි. ගාස්තු වැඩිවන ආකාරය දැක්වෙන ලියවිල්ලක් ගැමුණු ප්‍රසිද්ධ කරලා තියෙනවා. අන්න ඒ ලියවිල්ලේ ආකාරයට කාසි හරි නෝට්ටු හරි රජයෙන් මුද්‍රණය කරන්න. රුපියල් 9 කාසි, 11 නෝට්ටු, 12 නෝට්ටු ආදී වශයෙන්. නිසැකවම අපට මාසිකව සැහෙන ගානක් ඉතිරි කරගන්න පුළුවන්. (නි)
ඔහොම යමු මල්ලි. තව එළිවෙනකොට තව හොද ඡන්ද ප්‍රතිපල එනවා මල්ලි (නි)
කරුණාකරලා SEMI LUXURY බස් නවත්වන්න . කට කපල මිනිසු දානවා . කිසිම LUXURY එකක් එකේ නැහැ ... කරුණාකරලා සාමාන්‍ය ගාස්තුවට හරවන්න..(ස)
කවුද නිසි බලධාරියා? (නි)
දැනටත් රුපියල් 10 ක් ගන්නවා. ඒක හින්දා අවම ගාස්තුව පිළිබද නම් ගැටළුවක් නැහැ. (නි)
මොකද 10%ක්? වැඩි කරන්න ඕනෑ 50% ක්වත්. (නි)
අපි ඇත්ත නොදන්වැයි? බොරුවට මෙතන පාඩුයි කියලා බෙරිහන් දෙනවා (නි)
බය වෙන්න දෙයක් නැහැ. ගැමුණුට විරුද්ධ සංගමයකුත් ඉන්නවා. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)
අපි ඔය කාගේ කාගේත් හැටි දන්නවා (නි)
වැඩිකළාට කමක් නැහැ, කොන්දොස්තරලට මාරු කාසි දීලා (නි)
ඇත්තටම අඩුම මිල රුපියල් 100 ක් වුනත් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
මෙයා හැමදාම ලොකු කතා කියනවානේ... (නි)
කතාව නම් දැනට ගන්නේ 9.00 වගේ. ඒත් එයා දන්නේ නැතුව වගෙයි කොන්දොස්තරලා 10.00 ක් ම ගන්න බව (නි)
කොන්දොස්තරලට දැන් ඉදන් රුපියලක් හොරෙන් ගහගන්න බැරිවෙයි. කලිනුත් අවම ගාස්තුව ඕකමනේ ඉතින් (නි)
අපි හිතුවේ ගියපාර සිද්ධියෙන් පස්සෙවත් නිදහසේ බස් එකක යන්න පුලුවන් වෙයි කියලා (නි)
අපෙන් නම් දැනටත් රුපියල් 9ට 10ක් ගන්නවා (නි)
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. (අ)
ඕකේ ආයේ වෙනසක් නැහැ රුපියල් 9 ගාස්තුවට රුපියල් 10ක් දුන්නම කවදද ඉතුරු රුපියල ලැබුනේ ?ඒක කොන්දගේ හොර සාක්කුවට ගියා මිසක්.ඔබ තුමා ඒගැන හොයල බැලුවද නිකමටවත් ?පුටුවට විතරක් සභාපතිලා ඕන තරම් ඉන්නවා ඔබතුමාලා වගේ ...අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකන (අ)
නිසි බලධාරියා ගැමුනුද? මෙයාගේ බස් සංගමේ අන්තර් බස් සංගමේද? (අ)
ඕවා කවමදාකවත් අඩුවෙන්නේ නැද්ද? (නි)
දැනට 10යක් දෙන කේ රුපියල් 20ක් දුන්නත් අවුලක් නැහැනේ.(අ)
අර එදා සිද්ධියෙන් පස්සේ පොඩ්ඩක් හඩ අඩුවුණා නේද? (නි)
කොහොමත් ඉතින් රු.10ක් දුන්නම ඉතුරු රුපියල ලැබෙන එකක්යෑ? (නි)