බස් රථ හිමිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්හි සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.
කලක සිට පවතින මෙම දූෂිත තත්වය පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි කී ජනපති රටේ සියලු ක්ෂේත්‍රවල වංචා, දූෂණ, අක්‍රමිකතා හා අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට රජයක් ලෙස දැඩි තීන්දු තීරණ ගන්නා බවත් පැවසීය.
ජනපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ ජනපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
දවසකට රුපියල් 20 සිට රුපියල් 1000 වැනි මුදල් ද ඇතැම් විට ඊටත් වැඩි මුදලක් බස් රථවලින් අය කරන කප්පම්කරුවන් අති විශාල මුදලක් උපයන බවත් සමස්තයක් ලෙස ලංකාව පුරා දිනකට රුපියල් කෝටියක පමණ කප්පම් මුදල් ගන්නා බව බස් සංගම් නියෝජිතයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පටන්ගත් කාලේම නවත්වපු නැති එකේ ප්‍රතිඵල. පළමුව සන්තෝසම් පසුව කප්පම් වුණා (නි)
මේ සමාජ පිළිලය මුලිනුපුටා දැමීම සඳහා ජනපතිතුමාගේ අවධානය යොමුවීම ඉතා හොඳයි. (නි)
ඔය තත්වය තිබෙන්නේ ප්‍රධාන නගර සහ නාගරික පෙදෙස් වලයි. මේ "දේශපාලන බල ඇති වේලා සටහන්කරුවන් " යනුවෙන් හැඳින්වෙන නිලය අහෝසිකළ යුතුයි. පුද්ගලික බස්හිමි සංගමෙන්ම එම කටයුතු නිරීක්ෂණය කළා නම් ප්‍රශ්නේ ඉවරයි (නි)
මේ කප්පම් ගන්න මුලිකවෙලා ඉන්නේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ම වෙන්න පුළුවන්. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? පසුගිය කාලයේ නිලධාරීන් කප්පම් ගන්න හැටි පෙන්වන වීඩියෝවක් මම දැක්කා. ඒකේ යස අගේට කප්පම් ගන්න හැටි දකින්නට ලැබුනා (නි)
එතකොට මඟීන්ට වෙන හිරිහැර? (නි)