ගොතටුව නව නගරයේ ආඩ් හේනේදී 2008 අප්‍රේල් මාසයේදී මගියකුට කුඩෙන් ගසා මරා දැමු අංගොඩ කොල්ලුපිටිය පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා වසර දෙකක සිර දඩුවමක් නියම කැර එය විසි වසරකට අත්හිටුවීය.
ටිකට් ප්‍රශ්නයක් මත සරත් විජේදාස නම් මගියකුට කුඩෙන් ගසා මරා දැමු ආරච්චිගේ බී ඒ චමිල චම්පික අනියම් මිනීමැරැමකට වරදකරු විය.
මිය ගිය විජේදාස මහතාගේ රුපියල් ලක්ෂ එකහමාරක වන්දික් ගෙවන ලෙසත් වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් වසරක් සිර දඩුවම් නියම කරන ලෙසත් විනිසුරු නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දොස්තර එල්ලන්නයි තිබුනේ.(නදී)
මිනියක් මැරුවහම අත් හිටවූ සිරද ඩුවම් දුන්නා කියන්නේ හිරේ යන්නේ නැහැ. ඊළගට කවුරුහරි මැරුවොත් තමා ක්‍රියාත්මක වෙන්නේ. මම හරි නේද? (නදී)
සුගත්, ශරියා නීතිය මෙහේට ඕනේ නැහැ. එල්ලුම් ගහ හරියට ක්‍රියාත්මක කළා නම් ඔය මොකුත් ඕනේ නැහැ.(නදී)
නීතිය කියන්නේ මකුළු දැලක්. කපුටෝ ඒක කඩාගෙන යනවා. මැසි මදුරුවෝ පැටලිලා මැරෙනවා.(නදී)
ජීවිතයට වැඩි වටිනාකම් ගන්න ඕනේ නම් පෞද්ගලික වාහනයක යන්නම වෙනවා.(නදී)
ලංකාවේ ෂරියා නීතිය පටන් ගත්තොත් අපරාද හුගාක් අඩුකරගන්න පුළුවන්.සෞදි අරාබිය කරන දේ හරි. දැන් තමා අපට තේරෙන්නේ ෂරියා නීතිය ගැන.(නදී)
කොන්දලා ඕනාවට වඩා වැඩියි. අපිට කොන්ද කඩන්න හිතෙනවා වෙලාවකට.(නදී)