බොලිවුඩයේ වැඩිම බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට හැකිව තිබේ. ඔහු මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් ඉන්දීය රජයට ගෙවා ඇත. එයට හේතුව වී ඇත්තේ ඔහු රඟපෑ ‘සුල්තාන්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 578ක ආදායමක් උපයා ගැනීම හේතුවෙනි.
සල්මාන්ට පසුව රිතික් රෝෂන් හා ආක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 11 බැගින් ඉන්දීය රජයට ගෙවා ඇත. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර් ඉන්දීය රුපියල් කෝටි 7.8ක මුදලක් මේ වසරේදී බදු වශයෙන් ගෙවා තිබෙන අතර, ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වු ‘කොමඩි විත් කපිල්’ වැඩසටහන මෙහෙය වන කපිල් ෂර්මා ඉන්දීය රුපියල් කෝටි 6.06ක මුදලක් ගෙවා ඇත.
බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් හා බොලිවුඩයේ ඔටුනු නොපළන් රජුන් ලෙස හැඳින්වෙන අමීර් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 3.70ක් වශයෙන් මේ වසරේදී ඉන්දීය රජයට බදු වශයෙන් ගෙවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd