ෂනුද්‍රි ප‍්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂ හා නිෂ්පාදක දිනේෂ් ප‍්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගෙන් බාලම තැනැත්තිය ඇයයි. දිනක්ෂි සහ ශේෂාදි අක්කලා දෙදෙනාගෙන් පසුව සිනමාවට පැමිණ සිටින මේ සුන්දර යෞවනිය ගැන මේ දිනවල පේ‍්‍රක්ෂකයින් කතාවන්නේ ”ලැන්ටින් සිඤ්ඤෝ” චිත‍්‍රපටය නිසයි. එහි ජුලියට් වූ සුන්දර ෂනුද්‍රි එක්ක අපි ටිකක් කතා කරමු.
ගොඩක් හොඳ මොනවා නිසාද?
මගේ සිංදුවක් රිලීස් වුණා. ”ඔබේ ආදරේ” කියලා. ඒකට ලැබෙන ප‍්‍රතිචාර ගොඩාක් හොඳයි. ඒ එක්කම ලැන්ටින් සිඤ්ඤෝ චිත‍්‍රපටයත් මේ දිනවල නරඹන්න පුළුවනි. එහි මම රඟපාන්නෙ ජුලියට් කියන චරිතයයි.
ජුලියට් ගැන මොකද හිතෙන්නෙ?
ලැබුණු කෙටි චරිතය හරි හොඳට කළා කියලයි හිතෙන්නෙ. ඒක ඇත්තටම ඉදිරියට යාමට ලැබුණු ලොකු අවස්ථාවක්.
ඔබ තවම පාසල් අධ්‍යාපනය හමාර කරලා නැහැ. එසේ තිබියදී කොහොමද රඟපෑම සහ අධ්‍යාපනය දෙකම කරන්නෙ?
ඇත්තටම කලා අංශයට වැඩිපුර දායකත්වයක් දැනට ලබා දෙන්නේ නැහැ. රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ මම ඉගෙනුම ලබන්නෙ. විභාගයට හොඳින් මුහුණදීම තමයි අරමුණ. මූලිකව වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්.

ලැන්ටින් සිඤ්ඤෝ චිත‍්‍රපටයේ ජුලියට් චරිතය ගැන කිව්වොත්?
මේක ඇත්තටම හාස්‍ය තේමාවක් රැුගත් චිත‍්‍රපටයක්. මම රඟපාන්නෙ, දුප්පත් පවුලක තරුණියක ලෙසයි. මැණිකේ අත්තනායක ඇන්ටි සහ විමල් කුමාර් ද කොස්තා අංකල් මගේ මාපියන් ලෙස එහි රඟපානවා. ඒක මට ලොකු අවස්ථාවක් වුණා.
මෙහි රෝමියේ කවුද?
එයත් සිනමාවට නවකයෙක්. ඒ අයියගෙ නම ඉන්දික.
ජුලියට් රඟපාද්දි වෙච්ච සිදුවීම් එහෙම තියෙනවද?
මට මෙහි රඟපෑමට ආරාධනා කළේ කේ.ඞී. නිකලස් අංකල්. එතුමා අද ජීවතුන් අතර නැහැ. අපේ තාත්තාට කියලා තිබුණා, දුව මේ චිත‍්‍රපටයේ රඟපෑමට ගන්නද කියලා. ඉතින් ගිය අවුරුද්දෙ මාර්තුවලදී තමයි අපි මේ චිත‍්‍රපටයෙ රූගත කිරීම් කළේ.
මේ චිත‍්‍රපටයේ දිනක්ෂි සහ ශේෂාද්‍රි රඟපාන්නෙ නැද්ද?
නැහැ.
ඔය තුන්දෙනාම එකට රඟපාලා නැද්ද?
තුන්දෙනාටම තවම එකට රඟපාන්න බැරිවුණා. අපේ තාත්තාට බොහෝදෙනා ආරාධනා කරනවා, දූලා තුන්දෙනා යොදාගෙන චිත‍්‍රපටයක් කරන්න කියලා. අක්කලා දෙන්නා එක්ක වෙන්වෙන් වශයෙන් රඟපාලා තියෙනවා. ඒ දෙන්නා එකට රඟපාලත් තියෙනවා. ඒත් අපි තුන්දෙනාම තවම එකට රඟපාලා නැහැ.
නමුත් තුන්දෙනාම එකතුවෙලා ”ත‍්‍රී සිස්ටර්ස්” නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න සූදානම් බව ආරංචියි?
ඇත්තටම අපි තුන්දෙනාටම ගීත ගායනයට හොඳ හැකියාවක් තිබෙන්නෙ. ගොඩාක් අය ඔය යෝජනාව අපට කරනවා. ඒත් තවම ඒ ගැන හිතලා නැහැ. හැබැයි ඉදිරියේදී බොහෝ විට මේ කටයුත්ත සාර්ථක වේවි.
ෂනුද්‍රි ඉදිරියේ ඔබගෙ අරමුණ මොකක්ද?
දැනට හිතාගෙන ඉන්නෙ උසස් පෙළ හොඳින් සමත්වීමයි. ගායන ක්ෂේත‍්‍රයට සම්බන්ධ කටයුතු කරන්නත් ආසයි. ගායනය හදාරා දිගටම ඒ අංශයේ නිරත වේවි.
ඔබ හොඳ හින්දි ගීත රසිකාවියක් නේද?
හිංදි ගීතවලට ගොඩාක් ආසයි. ශ‍්‍රියා ගෝසාල්ගෙ ගීත තමයි වැඩිහරියක්ම අහන්නෙ.
අපට නම් ආරංචි ඔබ ඉන්දියාවේ රඟපෑමට ආසාවෙන් සිටින නිසා හිංදි භාෂාව ප‍්‍රගුණ කරන බවයි?
බොලිවුඩයේ රඟපාන්න ලැබුණොත් ඒක ලොකුම අවස්ථාවක් වේවි.
වඩා දක්ෂ රඟපෑමටද? ගායනයටද?
මම හිතන්නෙ ඒ අංශ දෙක ගැනම මට ලොකු විශ්වාසයක් තිබෙන්නෙ. ඒ ආසාව වැඩිපුර තියෙන්නෙ ගායනයට. අපි තුන්දෙනා එකතුවෙලා බෑන්ඞ් එකක් හදන්න කියලා හැමෝම කිව්වාට ඒකට වඩා අපට තිබුණෙ අපි තුන්දෙනා එකතුවෙලා ප‍්‍රාසාංගික සංදර්ශනයක් ඉදිරිපත් කිරීමටයි. ඉදිරියේදී ඒ කටයුත්ත නම් වේවි.
ෂනුද්‍රි ආසම ගුරුවෘත්තියට කියන්නෙ ඇත්තද?
ඇත්තටම මම ගොඩාක්ම ආස ගුරුවෘත්තියටයි. ටීචර් කෙනෙක් වෙන්න තමයි ගොඩාක්ම කැමති. වාණිජ අංශයේ උපාධිය තමයි ප‍්‍රධාන ඉලක්කය. ඒ අතරේ පොඩි ළමුන්ට උගන්වන්න හරි ආසයි.
ෂනුද්‍රි මොන වගේ කෙනෙක්ද?
නිතරම හරිම සතුටින් ඉන්න කැමති කෙනෙක්. ඕනෑම දෙයක් වෙද්දෙන් මම ඊට මුහුණ දේවි.
වෙරළ තීරයේ ඔබ ඇවිදින්නත් ආසලූ. වෙරළේ ඇවිදගෙන යන විට සුනාමියක් ආවොත්?
මොනවා කරන්නද, ඒකට සතුටින් මුහුණ දෙනවා. බේරෙන්න උපරිම උත්සාහයක් ගන්නවා.
තරුණියකට ගෙදර වැඩ කොටසකුත් කරන්න තියෙනවනෙ. ඔබ එය කරනවද?
අපි තුන්දෙනාටම ගෙදර කරන්න වැඩ තියෙනවා. සමහර වෙලාවට මම උයන පිහන වැඩවලටත් උදව් වෙනවා. ශේෂාද්‍රි අක්කට තමයි හොඳටම උයන්න පුළුවන්. අම්මා අපට තම තමුන්ගෙ වැඩ පුරුදු කරලයි තියෙන්නෙ.
හැඩගැන්වීම් - නදී ඉහළනායක
(Salon MARIKA)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1964 ලංකාවට නිදහස දිනා දුන් වීර කාන්තාවක් (බ)
ඔක්කොටම කලින් පොලොවෙ පය ගහලා ඉන්න ඉගෙන ගන්න. (ර)
මේ වගේ ගොන් නෑම්බියන්ව දාන්නේ අප්පිරියයි කබ්බෝ දකින්න (බ)
සමහර කලා පවුල් වල දෙමාපියන්ගේ දරුවන්ට ලංකාවේ සුප්‍රසිද්ධ චරිත කරන්න ලොකු උවමනාවක් තිබෙන බව පේනවා. අර නිතරම රජ කතාවල රඟපාන පවුලත් ඒ වගේ. හැබැයි බලන්න මේ පවුල් වල දරුවන්ගේ පවුල් ජීවිත සහ ප්‍රේම සම්බන්ධකම් එකක්වත් සාර්ථක නැහැ. (නි)
ඔයාලට හිතෙන්නේ නැතිද මෙය 1964 නිදහස ලැබුන කියල කීවේ ඒ වැඩසටහන ජනප්‍රිය කරන්න හිතලම කිව්වා කියල (ම)
අපායටනම් මරේ මරු (ම)
ඔයාගේ වාසනාව බොලිවුඩ් වලට අවාසනාවක් වෙයිද දන්නෙ නැහැ. (නි)
ඉන්දියාවේ අගනුවර මොකක්ද ? (බ)
බොලිවුඩයේ දක්ෂ නිලියක් වේවා කියා පතමි. (ර)
බොලිවුඩ් එකටම යනවා නම් හොඳයි. එතකොටවත් ලංකාවෙ අයගෙ හින්දි චිත්‍රපටි පිස්සුව නැතිවෙලා, හරවත් දේකට කාලය යොදාගනීවි. (නි)
ඔබගේ හිනාවට තමයි මමනම් කැමති. (ර)
සුබ අනාගතේකට සුබ පැතුම්.! (ර)
මෙහෙම අය හින්දා අපිට අපේ ළමයෙක්වත් හදාගන්න අමාරුයි (නි)
බොහොම හොද උත්සහයක්. බාදක ජයගෙන ඉදිරියටම යන්න. සැලෙන්න එපා. සුබපැතුම්.! (ර)
කියන්න බලන්න ලංකාවට නිදහස ලැබුනේ කවදද කියලා? (නි)
මීට වඩා දක්ෂයෝ මේ ලංකාවේ ඉන්නවා.(හේ)
අනේ බෝලිවූඩ් ගියාට වරදක් නැහැ. නමුත් සාමාන්‍ය දැනීම පරීක්ෂණ වලට නම් යන්න එපා. (බ)
බොලිවුඩයේ රඟපාන්න අඩුවෙලා හිටියේ මෙයා විතරයි (නි)
ඔය ජනප්‍රිය වෙන්න උඩ පනින කට්ටිය අන්තිමේ නවතින්නේ ජනඅප්‍රිය වෙලා. (නි)
පැතුම් සඵලවේවා! (නි)
මට නම් ඇත්තටම මහා විකාරයක් වගෙයි මෙයාගේ සමහර පින්තූර. මේ පින්තූරත් කැමරාකරුගේ දක්ෂකම නිසා හොඳයි. (නි)
බොලිවුඩ් සිහිනය කෙසේවෙතත් සමාජයේ හැසිරීම නම් හාස්‍යජනක නොවන ලෙස කරන්න ඕනෑ (නි)
දැන් කාලයේ රැල්ල! අනේ රටට ගිය කලක්! (නි)
අද කාලයේ බහුතරයක් නිළියන්ගේ වැඩ කටයුතු ඔක්කොම පිටඔපේට. විවාහය පවා. තරුණ නිළියක් හැටියට නම්බුවක් කියලා දෙයක් තිබෙන , වැදගැම්මක් ඇති නිළියක් හැටියට මම දකින්නේ තිසුරි යුවනිකා පමණයි. (නි)
ඔය විදිහට කකුල් පෙන්නන කොට හොලිවුඩ් පෝර්න් ස්ටාර් කෙනෙක් නම් වෙන්න පුළුවන් (බ)
මෙයාද එතකොට ලංකාවට නිදහස ලැබුණු දිනේ නොදන්නා.., නිළිය...? (ර)
මොන ඡායාරූපයක දැක්කත් සමහරු ඉන්න හැටි නම් කියලා වැඩක් නැහැ (නි)
මෙයාගේ තාත්තාත් බොලිවුඩ් වල හිටියා නම් එහෙ මිනිසුන්ට හැමදාම චිත්‍රපටි වල බලන්න වෙන්නේ මෙයාගේ මුහුණ විතරයි. (නි)
ගුරුවරියක් වෙන්න කැමතිලු නේද? හ්ම් හ්ම්... (නි)
නිදහස් දවස කෙසේවෙතත් ලංකාවේ සමහර නිළියන්ට අඩුගානේ තමන් කසාද බැඳපු කෙනාගේ නමවත් මතක නම් ලොකු දෙයක්. (නි)
එයාට ගුරුවරියක් වෙන්නත් ආසයිලු නේද? (නි)
හොලිවුඩ් සිනමා කර්මාන්තයේ වැඩිහිටින්ට පමණක් සීමා වුණු චිත්‍රපට වලට නම් සුදුසුකම් තියෙනවා වගේ! (ස)
බත් ටිකක් කාලා නිදා ගත්තනම් හොදයි (බ)
ළඟදි මෙයා නිකම් හොලිවුඩ් නිලියෙක් වෙඩි තියනවා වගේ ඇඳගෙන පින්තුර වගයක් ප්‍රසිද්ධ කරලා තිබුනා. බලන්න අජූවයි! (බ)
බොලිවුඩයේ රගපාන්න ටිකක් අමාරු වෙයි නංගී (ම)
නරකද ඔය තීරණය ගැන තව පාරක් හිතුවා නම්? (නි)
අක්කලා නංගිලා සේරම එකයි මොන බොලිවුඩ් රගපානපාවාද මෙහෙවත් හරියට රගපාන්න බැරිව මහ ලොකුවට බැන්දා අක්කා දැන් ඩිවෝස් වෙන්න හදනවා මෙහෙමත් ජිවිත (ම)
මම නම් මේ අක්කා-නගෝ තුන්දෙනාටම කැමතියි (නි)
ඔක්කොටම කලින් ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙනගෙන ඉන්න දුවේ... නැත්නම් අමාරුවේ වැටෙනවා. (ර)
කට අවුට් නංගි අනේ පව් (ම)
ඔයාට වඩා මමනම් අක්කගේ රගපෑමටයි කැමති. (ර)
අපේ තාත්තාත් අධ්‍යක්ෂ කෙනෙක් වුණා නම්... (නි)
මෙහෙමත් රගපෑමක්.....(හේ)
පන්සල් ගියාට වැඩෙක් නැහැ. අනුන්ට අපහාස, ඉර්සියාව, නොකර එන්න කරුණාකරලා ඉගෙනගන්න. (බ)
ෆේස් බුක් එකෙයි, මාධ්‍යයෙයි කොළඹ පාටි වලයි, කැපී පෙන්න හැදුවාට කිසිම වැඩක් නැහැ. (ර)
ඉන්දියාවේ අගනුවර බෝම්බායනේ මචන් (බ)
මම ඔබේ රසිකයෙක්. (ර)
දැන් ලඟදි ඉඳලා කැපී පෙනෙන්න පුදුම වෙහෙසක් දරන බව පැහැදිලියි. නමුත් තමන්ව විහිළුවක් බවට පත් වෙලා බව නොතේරෙන හැටි. (ර)
මේ අක්කලා නංගිලාට කැපී පේන්න පුදුම ආසාවක් තිබෙන බව පේනවා. ඒ අතරින් මෙයා හැම පාටියෙම මුණ පෙන්නගෙන ඉස්සරහට එන අරුම පුදුම රංගනයක් ඉදිරිපත් කරන්නේ. මට නම් මෙයාව විහිළුවක්. (ර)
මේ අපේ මිනිස්සු නම් පුදුම කුහකයෝ තමයි. (නි)
මෙයා සමහර මාධ්‍ය වල පින්තුරවලට ඉන්න හැටි දකින කොට මට නම් හිනා යනවා. (ර)
ලංකාවට නිදහස ලැබුන දිනයවත් දන්නේ නැති මේ අය මාධ්‍ය වලින් පුම්බන එකනම් ඉතාම වැරදි. (ස)
ඔබේ හීනය සැබෑ වේවා.! (ර)
ඇත්තටම බොලිවුඩ් වල දැන් නිළියන්ගේ අඩුවක් තිබෙනවද? රංගනයට මොනවා නැතත් ප්‍රතිභාව කියන දේ අවශ්‍ය බව සමහරුන්ට නොතේරෙන හැටි. ඔය පවුලේ සිනමා සම්බන්ධ කම් තිබුන පලියට තරුවක් වෙන්න බැහැ. (ර)
අක්කලා දෙන්නම මෙයාට වැඩිය ලස්සනයි. නිලි කමට ගැලපෙන රුප තිබෙනවා. එත් මෙයා හිතන්නේ ජැකලින්ටත් වැඩිය උඩින් යන්න පුළුවන් කියලා වගෙයි. (ර)
බොලිවුඩ් කියන්නේ ඉන්දියාවෙ අගනුවර ද? (ර)
හරිම ලස්සනයි. (ර)
මේ නිළිය හැම පත්තරේටම මුණ දාගෙන. (ර)
බොලිවුඩයේ රගපාන්න කලින් ලංකාවේ නිදස් දිනය දැනගන්න. (ර)
කිව්වත් වගේ විහිලු චරිතයකට නම් බොලිවුඩ් වලින් අඬ ගහවි මගේ හිතේ. (ර)
දැන් ඉතින් ඉස්සරහිටපු ලිලියන් එදිරිසිංහ වගේ නිලියනුත් නැති එකේ ඔය විහිලු චරිත කරන්න කවුරු හරි අලුතෙන් ඕන තමයි. (ර)
විකාරයක් වගේ මට මෙයාව. (ස)
කොච්චර කැපී පේන්න දැඟලුවත් අර තරු ලකුණු කියන දේ නිකමටවත් මට නම් පේන්නේ නැහැ. (ස)
ශලනි සහ දිළුම්, කාගෙ කාගෙත් හැටි අපි දන්නවා (නි)
අර කියමනක් තියෙන්නේ ඵල ඇති රුකට ගල්ගහන්නේ කියලා. ඔයත් පෙන්නන ඔයාගේ දක්ෂකම්. (ර)
අපිට ආරංචියි මේ තරුණිය ලංකාවේ නිදහස් ලැබුන දිනය 1964 කියලා ප්‍රසිද්ධ මාධ්‍යට ප්‍රකාශ කළා කියලා. (ර)
අන්න ෆේස් බුක් එකේ හොඳ හොඳ අදහස් යනවා අපේ නිළියන්ගේ සාමාන්‍ය දැනීම ගැන. මෙල්වින්ගේ කටේ සුකිරි දාන්න ඕනෑ. (නි)
අක්කා නම් යම්කිසි රංගන හැකියාවක් තිබෙන කෙනෙක් වුනත් මෙයා නම්... (ර)
ලංකාවේ නිදහස් දිනේ දන්නේ නැති මෝඩ රැලකගෙන් පැවතගෙන එන කෙනෙක්! (ම)
ලංකාවේ නිදහස් දිනය දන්නේ නැති උදවිය බොලිවුඩ් වල මොනා කරන්නද.? (ර)
ගුරුවරියක් වෙන්න හිතන මේ දරුවා මුලින්ම ඉගන ගන්න ඕන ලංකාවේ අගනගරයේ නමයි ලංකාවට නිදහස ලැබුන දිනයයි. (ස)
ඉස්සෙල්ලා තමන් ඉපදුන රටේ ඉතිහාසය ඉගෙන ගත්තොත් නරකද ? (ර)
ලංකාවේ අග නගරය සහ නිදහස් දිනය නොදන්නා අය ඉන්නවා නම් යවන්න ඕන නගරය මේ පුවතේම සඳහන් වෙනවා. (ර)
බොලිවුඩ් වල රඟපාන්න ගියොත් බොලිවුඩ් වල ඉන්න අයට වෙන තැනක් හොයාගන්න වෙයි. (ර)
දුවේ ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා. (ර)
මේගොල්ලන් වගේ උදවිය පෙනී සිටින රුපවාහිනි වැඩ සටහන් ඉගෙන ගන්න වයසේ දරුවන්ට පෙන්නන්න නරකයි. (ර)
අද තරුණ පරපුරට ආදර්ශයට ගන්න සිදු වෙලා තියෙන්නේ පුදුමාකාර චරිත තමයි. (ර)
දේශ පාලනයටයි රංග පාන්නයි ලංකාවේ තිබෙන හොදම සුදුසුකම තමයි.... (ර)
දැන් දියුණු රටවල නළු නිලියන් උසස් අධ්‍යාපනයක් ලබපු රට තොට පිළිබද යම් දැනුමක් ඇති කට්ටිය. හපොයි එකට අපේ රටේ නිලි නංගිලා. (ර)
අනේ ප්‍රසිද්ධ වෙන්න කියලා දඟලන දැඟලිල්ලක්. ලැබිලා තිබෙන ප්‍රතිචාර බලන්න වටිනවා. (ර)
මට හොඳට මතකයි ත්‍රි ඉඩියට්ස් කියන බොලිවුඩ් චිත්‍රපටිය නම්. (ර)
කව්ද මේ නිලියෝ අදමනේ දැක්කේ... (ර)
අනේ ඔයාට එහෙට යන්නම ලැබේවා! (නි)
අප්පේ මෙයා ගුරුවරියක් වුනොත් මල කෙලියයි,නිදහස ලැබුන වසර ගැන මොනවා උගන්වයිද ළමයින්ට (බ)
ඉදිරි ගමන යහපතක්ම වේවා. (ර)
ඉදිරි ගමනට සුබ පතමි.! (ර)
ඊට කලින් සාමාන්‍ය දැනීම ඉගෙන ගන්න. (ර)
සැහෙන්න දිග ගමනක් යන්න පුළුවන් බව පැහැදිලියි. (ර)
ඔබගේ පැතුම් ඉටුවේවා. (ර)
ඉස්සර තරුණ නිලියන් කෙතරම් ප්‍රිය මනාපද ? ශ්‍යාමා ආනන්ද , වසන්ති චතුරානි , සබීතා වැනි ඒ කාලයේ තරුණ නිලියන් අහලකින් තියන්න පුලුවද දැන් කට්ටිය ? (අ)
නංගි අදහස හොදයි. ඔබේ ඉදිරිගමනට සුබ පතනවා. (ර)
සැහෙන ලොකු බොලිවුඩ් අමාරුවක් තියන බව නම් පෙනෙනවා (අ)
පුදුමාකාර පල ඇති රුක් තමයි දැන් අපේ රටේ පැල වෙන්නේ ම් (අ)
ඔය හරි ශලිනි , තිසුරි යුවනිකා නම් හොඳ නිලියක් . (ස)
අනේ ඔව් සනත් අපිටත් ඉදිරිය සහ පසු පස පැහැදිලියි. ! (අ)
කාන්තාවක් ඡයාරුප වලට පෙනී සිටින විට පමණ ඉක්මවා තමන්ගේ අංග පසඟ පෙන්වන්න යනවිට අන්දපු යටඇඳුම් පවා කැමරාවට අසු වෙන බව සමහරු දන්නේ නැහැ. (අ)
ප්‍රසිද්ධ වෙන්න මෙහෙම උණක් තිබෙන නිලියක් මම නම් මෑත කාලයේ ලංකාවේ දැකලාම නැහැ .(අ)
මේ ළමයට දොස් කියලා වැඩක් නෑ. (ර)
අහෝ දුකකි! (නි)
බොලිවුඩයට මේක කොහොම බලපායිද දන්නෙ නැහැ (නි)
කාර්යබහුල වැඩි නිසාම හැදියාව ගැන අමතක වෙන්න ඇති. කරන්න පුළුවන් දෙයකුත් නැතිවුණාට සමහරුන්ගේ පුරාජේරුව නම් කියලා වැඩක් නැහැ (නි)
මට නම් හිතෙනවා මෙයාට බොලිවුඩයට යන්න පුළුවන් කියලා (නි)
ඒක නම් ඇත්ත ශලිනි. ඒ ළමය ඇත්තටම හොදට හැදිච්ච ළමයෙක්. කවදාවත් මේ වගේ විකාර වැඩ කරල නෑ. අනේ මන්ද මේ ජයාරූප වලට ඉන්නේ අම්මා තාත්තට හොරෙන්ද නැත්නම් ඒ අයත් දුවව ජනප්‍රිය කරවන්න දැක්ක නොදැක්ක වගේ ඉන්නවද කියල (බ)