|
|
|
|
|
|
|
|
බච්චන් පවුලේ අලූත්ම මාලිගාව වන්නේ ඩුබායිහි ‘සැන්ක්චුවරි ෆෝල් මැනිෂන්’ය. ඔවුන් එහි අලංකරණ කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඩුබායිවල සුඛෝපභෝගී හෝටල් රැුසක අලංකරණ කටයුතු කළ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පීන් පිරිසකි. මෙම මන්දිරය කුඩා ආරාධ්‍යා බච්චන්ට පරිපූර්ණ ක්‍ෂේම භූමියක් වෙනවා නිරනුමානය. |
සටහන - චන්දි කොඩිකාර
ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් තුන්වන වතාවටත් දෙමව්පියන් බවට පත් වූයේ අබ්රාම් මෙලොවට පැමිණීමත් සමගය. එම දරුවා බිහි වූයේ ගෞරිගේ කුසෙන් නොව කුලියට ගන්නා ලද කාන්තාවකගේ කුසිනි. මැයි 27 දා මස්රානි රෝහලේදී අබ්රාම් උපත ලැබීය. ඉනික්බිති ඔහු නානවතී සහ බී‍්‍රච් කැන්ඩි රෝහල්වලට රැුගෙන යනු ලැබුවේ නියමිත කාලයට පෙර උපත ලද බැවිනි.
‘‘ඒක පුද්ගලික වගේම රහසිගත දෙයක්.. ඒ වගේම සොම්නස හා දොම්නස අතර දෙයක්... මම නිසි බලධාරින්ගෙන් ඉල්ලීම් කරල තියෙන්නෙ මගේ දරුවා ගැන කරන්න ඕන පර්යේෂණ කරන්න කියලා...’’ ඒ පිළිබඳව කළ විමසීමකදී ෂාරුක් ඛාන් පැවසීය. එමෙන්ම ඔහු දරුවා ගැන දිගින් දිගටම විමසූ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමද ප‍්‍රතික්‍ෂේප කළේය. ඔහු ඔවුන්ට රළු ආකාරයෙන් කතා කළ බවටද මාධ්‍යවේදීහු පැවසූහ. කෙසේ වුවත් ෂාරුක්ගේත් ගෞරිගේත් තුන්වන දරුවා පුතෙකු බව දැන් ස්ථිර වී තිබේ.
ප‍්‍රවීන නළු ධර්මේන්ද්‍ර පසුගියදා ඇමෙරිකාවට ගියේ මංගල උත්සවයකට සහභාගි වීම පිණිසය. ඔහු එහි සිටම රිතික් රෝෂන්ට කතා කොට ඔහුගේ සුව දුක් විමසීය. ජීවිතය පරදුවට තබා කරන ක‍්‍රියාදාම රංගනවලදී බොහෝ සෙයින් ප‍්‍රවේසම් විය යුතු බවට
රිතික්ට අවවාද කරන්නටත් ධර්මේන්ද්‍ර පසුබට වූයේ නැත.
හිටපු ලෝක රූ රැජිනක වන අයිශ්චර්යා රායි බච්චන් නැවතත් චිත‍්‍රපටියක් තුළින් දැකීමට රසිකයෝ පෙරුම් පුරාගෙන බලා සිටිති. එහෙත් මේ සුන්දර මව ඇගේ සිඟිති දියණිය වෙනුවෙන්ම කාලය කැප කර සිටින බව පෙනෙන්නට තිබේ. එය චිත‍්‍රපටියක රඟපෑමට වඩා ආස්වාදජනක බව ඇය සිතනවා විය යුතුය.
කරන් ජෝහාර්ගේ ශුද්ධි චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළු නිිළි දෙපළ ලෙස අයිශ්චර්යා සහ රිතික් රෝෂන් තෝරාගෙන සිටිය ද අයිශ්චර්යාගේ කාර්ය බහුලත්වය නිසා එහි රූගත කිරීමේ ප‍්‍රමාද වෙන බව දැන ගන්නට ලැබී තිබේ. මේ දිනවල අයිශ්චර්යා වෙළඳ දැන්වීමක පෙනී සිටීම සඳහා ඩුබායිවලට ගොස් සිටියි. ඒ අතරම ඇය ඇගේ සිහින නිවස අලංකාර කිරීමේ සැලසුමක් ද සැමියා අභිෂේක් බච්චන් සමග එක් වී සකස් කරමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ඉතින් අපේ රටේ වෙන ලස්සන අය නැත්තම් (නි)
ශාරුක් නම් නැති බැරි අයට උදව් කරනවා. ඒත් බච්චන්ල නම් එහෙම කරලා නැහැ. පුතත් ලැබුනා ලේලිත් එකතු වෙලා තව තවත් හොයන්න තමා දඟලන්නේ. අයිස්චර්‍යා රායිට කෝටි ගානක් සල්ලි තියනවා. ඒත් නැති බැරි අයට දෙන කෙනෙක් නම් නෙවෙයි. කතාවක් තියනවනේ කුණු ගොඩට කුණු එකතු වෙන්නේ කියලා ඉතින් බච්චන්ලටම හරි ලේලී.(නදී)
අනේ! ලස්සන තමා. ලංකාවෙත් සුපිරි තරු ඉන්නවා. ලස්සන කෙල්ලෝ,කෙල්ලෝ ඉන්නවා අපිටත් ඕනෑ තරම්. ඒ අය වෙනුවෙනුත් වෙනම ඉඩක් වෙන් කරන්නකෝ. (දී)
මීටත් වඩා ලස්සන කෙල්ලෝ කොල්ලෝ අපේ ගම්වල ඉන්නවා. නමුත් කරලියට එන්න වාසනාවක් හෝ එන්න අතදෙන්න කෙනෙක් නැහැ එයාලට (නි)
පව් ඉන්දියාවේ කම්කරුවෝ ඩුබායි වල කොච්චර දුක්විදිනවද ? මෙයාලා මෙහෙ ඇවිල්ලා මාලිගා හදනවා. (නි)
ලංකාවෙ "සුපිරි තරු" කියන ගණයට වැටෙන නළු නිළියන් දැන් නැති බවයි මට නම් හිතෙන්නේ. දැන් ඉන්න අය "සුපිරි තරු" කියන මට්ටමට ගිහිල්ලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව බොහෝවිට දැන් කාලයේ තියෙන ටෙලිනාට්‍යයයි. ඒ වගේම 90 දශකයේ මුල්භාගයේ තමයි ලංකාවෙ ජනප්‍රිය සිනමා කර්මාන්තයෙ අවසානය සිද්ධ වුනේ. ඊට පස්සෙ හැදුන චිත්‍රපටි එතරම් ජනප්‍රිය නැති නිසාම ඒවායේ නළු නිළියන්ද "සුපිරි තරු" මට්ටමට පත් වුනේ නැහැ. (නි)
මෙයාල තමුන්ට කරගන්නවා වගේම අනිත් දුප්පත් පීඩිත අයටත් යමක් කරනවා නම් හොදයි. මොකද හැමදාම අපි කව්රුත් ජීවත් වෙන්නේ නැති නිසා. මෙය හැමෝටම අදාලයි.(නදී)
මට නම් මෙයාලව කිසිම වැඩක් නැහැ (නි)
ඉන්දියන් නරි නාටක මොකටද (අ)
හොදයි ඉතින්.(නදී)
අපි ගැනත් මොනවා හරි දාන්නකෝ.(නදී)
අපේ රටේ ලෙස්ටර්, වසන්ත ඔබේසේකර,ධර්මසේන පතිරාජ, සිරි ගුණසිංහ වැනි යම් ප්‍රමාණයක් අතින් බිහිවූ නිර්මාණ හින්දි නාටක වලට වඩා ගුණාත්මක අතින් බොහෝ ඉහලයි. ගාමිණි, මාලිනි,ජෝ,ෆ්‍රෙඩි හැරුණු විට අපට දැනට ඉන්නේ තිරිමාදුර, වසන්ත කොතලාවල, සනත් විමලසිරි,ගිහාන් ප්‍රනාන්දු වැනි අතලොස්සක් වූ නලු පිරිසකි. සාර්ථක සිනමා කර්මාන්තයකට අවශ්‍ය ආර්ථික අඩිතාලම හෝ දක්ෂ අධ්‍යක්ෂකවරු හෝ වර්තමානයේ දක්නට නැත. නාගරික දාමරිකයන්ගේ හෝ හමුදාමය හෝ අයිතිහාසික නමක් වටා ගෙතුණු වීර කතා සහ කුණුහරුප විහිලු කතා හැරුණු විට හරවත් කිසිවක් මෙහි නිර්මාණය වන්නේ නැත.(නදී)
අර උතුරට වෙනම පොලිස් බලතල ඉල්ලපු කෙනාට මේවා පෙන්නන්න ! (දී)
අනේ මේ ඉන්දියන් නරි නාටක මොකටද අපිට?(නදී)